පාද යාත්‍රාව බේස්ලයින් පාරෙන් හැරෙද්දී සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසූයේ එය ටවුන්හෝල් පැත්තට යන බවයි.
මේ අතර බුද්ධි අංශ තොරතුරු අනුව පාද යාත්‍රා කණ්ඩායම ලිප්ටන් වටරවුමට හෝ නිදහස් චතුරශ්‍රය දෙසට යෑමට ඉඩ ඇති බවයි.
අද පස්වරු 2.55 පමණ වන විට පාද යාත්‍රාව මාලිගාවත්ත දෙසින් කොළඹට ගමන් කළේය.
COMMENTS
පාද යාත්‍රාව යන අයට තෙරෙන්නේ නැද්ද මහින්දට ආයිත් ජනාධිපති වෙන්න බැහැ කියලා? (හේ)
බුද්ධි අංශ මොකටද මෙතනට අදාළ කරගන්නේ? අයිඑස් ලංකාවේ ඉන්නවා කියලා ඉන්දියානු ඔත්තුසේවා කියනවා. කොටි ඕස්ට්‍රේලියාවේ මෙල්බෝර්න් නුවර සල්ලි එකතු කරනවාලු. ඒවාට නැති බුද්ධි අංශ මේ පාගමනක් ආවරණය කරනවා. අනේ සංසාරේ! (නි)
අයියෝ ටවුන්හෝල්නම් යන්න දෙන්න එපා!! අපිට ගෙදර යන්නේ වෙන්නේ රෑ10 වෙනකොට.(රේ)
අහිංසක මිනිසුන්ට කරදරයක් උනත්, ආණ්ඩුව මෙවැනි බලු වැඩ කරද්දී වෙන මොනවා කරන්නද?(රේ)
මේ අයට තැනක් දුන්නනම් කාටවත් කරදරයක් නැහැ නේද... මොකෝ මේ බොලද වැඩ? (ර)
ප්‍රජාතන්ත්‍රවාදය උපරිම බුක්ති විධිනවා එයයි යහපාලනය. (ර)
මහන්සි වෙලා වැඩ ඇරිලා ගෙදර යන ජනතාවට තමයි එකෙනුත් පීඩාව. (ර)
අහිංසක මිනිස්සු තමයි අමාරුවේ... (ර)
සිරි මහතා,මේ දිනවල දේශපාලකයන්ව අත්අඩංගුවට ගන්නේ මොන වගේ වැඩ වලටද අපට කියන්න.(හේ)
සිරි මහත්තයෝ ජනවාරි 8 ට ඉස්සර කාලේ තිබිච්ච වැඩ එක්ක මේ මොන බලු වැඩද (බ)
යහපාලන ආණ්ඩුව ගොඩක් බයවෙලා ,බුද්ධි අංශ මොකටද මේ චුටි පාගමනට .ආ.... ඒක තමයි දැන් ආණ්ඩුවේ ලොකු ලොක්කෝ දගලන්නේ මිනිස්සුන්ගේ හිත දිනාගන්න. (බ)
වශී බෝලෙ කොච්චර අතගගා හිටියත් උන්නැහේට ඔය වැටිලා ඉන්න වළෙන් ගොඩ එන්න පුළුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. ඔහොම ජිල්මාට් දමන්න දමන්න තව තවත් මඩේ එරෙනවා. (බ)
ඉදිරි කාලයේදී සමහර විට වෙනත් හෝල් එකකට යන්න සිදුවේවි, කාලයක නිවාඩුවකුත් එක්ක! (හේ)
පක්ෂයේ ප්‍රශ්න රටේ ප්‍රශ්න බවට පත්කරලා වැඩකරන ජනතාව නිකන් පාරේ රස්තියාදු කරන්න එපා... (ර)
ආණ්ඩුව බය වෙන්නේ මොකටද? (ර)
ඔහොන්ම වැලිකඩට හැරෙව්වනම් වැඩේ ලෙහෙසියි (ම)
මහින්ද මහත්තයා පරදින්න කලිනුත් ජන ගංගාවල් ගොඩක් පෙන්නුවේ.. සමහර කට්ටියට ඉක්මනට අමතක වෙනවා නේ (ම)
අපක්ෂපාතිව කියනවනම් මේක ඉතා හොඳ පාඩමක් පාලකයන්ට. (ර)
අතුරා, බය නිසා තමයි පළාත් සභා ඡන්දය පවත්වන්නේ නැත්තේ. (ර)
මොවුන්ට වෙන වැඩක් නැද්ද. අනුන්ගේ කලෙත් නාස්ති කරනවා. (ර)