අඳනයක් ඇඳ කාරයක් පැදැවූ බව කියන තරුණයකු අනුරාධපුර නගරයේදී අද අලූයම අත්අඩංගුවට ගත් පොලීසිය ඔහු හිමි නමක්ද යන්නත් බීමතින් සිටියේද යන්නත් පිරික්සන බව කියයි.
හෝමාගම පළාතේ පන්සලක නමක් ඔහු ලිපිනය වශයෙන් දී ඇත. හිමි නමක්ද කාරයේ ගමන් කළ බවත් පොලීසිය කියයි. ඔහුට රියදුරු බලපත්‍රයක්ද තිබී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහනයක් හරියට එළවන්නත් බැරුව නිවන් දකින්න යන්නේ කොහොමද? (නි)
බල සේනාවේ අවධානය පිණිසයි! (නි)
හාමුදුරුවරුන් වාහන පැදවීමේ වරදක් මට නම් පෙනෙන්නෙ නැහැ. (නි)
බුදු සසුනට අගෞරව වන ලෙස කටයුතු කරන්නන් සසුනට සුදුසු නොවේ..ධර්මාශෝක රජු මෙන් දුස්සීල මහනුන් ඉවත් කොට බුද්ධ සාසනට නගාසිටුවන්නට බලධාරීන් පියවර ගත යුතු කාලය එලඹ ඇත.(ස)
අනේ මන්දා මොනවා වෙනවද, මොනවා කරනවද කියලා? (නි)
ඇයි දෙවියනේ නිර්මල බුදුදහමට අගෞරව වන ආකාරයේ දේ කරන්නේ? (නි)
ඉතින් අදනයක් ඇතුවනේ කාර් එකේ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන වැරැද්දක් නැහැනේ. (නි)
වාදකරන්න තරම් දෙයක් මෙතන නැහැ. බෞද්ධ භික්ෂුවක් මත්පැන් පානය කරලා ඇති බව පැහැදිලියි නේ. (නි)
අන් ආගම් වලට දොස් කියන්න කලින් තමා නිවැරදි විය යුතුයි. (නි)
මොකක්ද අදනයක් කියන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අනේ කාලේ වනේ වාසේ (දී)
ඉක්මණින්ම නිවන් යන්න හිතිලද කොහෙද? (නි)
මේවා අපි පිටු දකින්න ඕනේ (දී)
ඇතුළට ඇරියා නම් දින 14කින් හරියට ගාණට හැදිලා ඒවි. (නි)
ඒ හාමුදුරුනමක් නම් වෙන්න විදියක් නැහැ. (නි)
ඇත්තටම මේ දේවල් වැරදිද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
බුදු දහම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්ද කොහෙද (ස)
භික්ෂු, භික්ෂුණීන්ට රියදුරු බලපත් අවශ්‍ය නැත. ධර්ම ප්‍රචාරය හා ධාර්මික කටයුතු සඳහා දායකයකු ආරාධනා කළොත් දායකයාගේ වාහනයෙන් වැඩිය හැක. එසේත් නැත්නම් පොදු බස්රථවල වැඩිය හැක. එයද නොමැති නම් දෙපයින් වැඩිය හැක. වාහන පැදවීම බෞද්ධ භික්ෂුන්හට අකැපය. (නි)
මම බලාපොරොත්තු වෙනවා බොදු බල සේනා සංවිධානය මේ ගැන සොයාබලාවි කියලා. (නි)
දෙයියෝ සාක්කි! (නි)
දානය ටික වළදලා සංවරව ඉන්න බැරි හැටි? (නි)
තවත් බුදුදහම කෙළෙසන්න ඉඩ නොතියන්න. (නි)
ඉක්මනින් නිවන් දකින්න වෙන්න ඇති. (නි)
හිමිවරුන්ට කසාද බැදීමේ අයිතිය සහ රියැදුරු බලපත් ගැනීමේ අයිතිය ලබා දුන්නොත් නරකද? (නි)
මෙහෙමත් වැඩ? (නි)
බුද්ධාගම විනාශ කරන්නේ ගිහියන් නොව භික්ෂූන් බවට ඕනෑතරම් උදාහරණ ලැබී ඇත. (නි)
මේක දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී, ආගම්විරෝධී කුමන්ත්‍රණයක්. (නි)
හිමිවරුනට රියදුරු බලපත්‍රය ගන්න නීතියෙන් අවසරයක් නැද්ද? (ස)