
(ටී.කේ.ජී.කපිල )
අන්තර්ජාලය භාවිතා කරමින් මූල්‍ය අපරාධ කිරීම යොදා ගන්නා රුපියල් ලක්ෂ පහලොවක් වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් සමග විදේශීය ගුවන් මගීන් 09 දෙනෙකු , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " (Green Channel ) ඔස්සේ පිට වී යාමට තැත් කරමින් සිටියදී , අද(02 ) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් ඉන්දුනීසියානු ජාතික තරුණ ගුවන් මගීන් පිරිසකි .
ඔවුන් අද අලුයම 12.50 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ පාවිච්චි කරන ලද නවීනතම ජංගම දුරකථන 70 ක් , කුඩා පරිගණක ( Mini Computer ) 08 ක් , සිම් කාඩ් පත් 54 ක් ද සගවා ගෙන තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd