‘අපට හිමි නැති කෝටියක් ලැබුණත් අපට වැඩකුත් නෑ. අයිතිකරුගේ සුසුම අපට සාපයක් වේවි. රුපියල් ලක්ෂ දාහතරහමාරක මුදල හිමිකරුටම දෙන්නට හැකි වීම කියන්න බැරි තරම් සතුටක් හැමකෙනාම අපට කියන්නේ එච්චර මුදලක් නැවත දුන්නේ අපරාදේ කියලා නමුත් මටවත් මං එක්ක වැඩ කරන මල්ලිටවත් එහෙම හිතෙන්නේ නෑ. අනුනගේ කියන කිසිම දෙයක් අයිති කරගන්න අපට වුවමනාවක් නෑ. මනුස්සකමේ නාමෙන් අපි කළ දේ ගැන අපට සතුටුයි විශේෂ ඇගයීමක් වුවමනා නෑ‘
එසේ පැවසුවේ කටුබැද්ද ඩිපෝවේ මාර්ග අංක 225/17 පානදුර මහනුවර ලංගම බස්රථයේ සේවයේ රියදුරු ඩී. ඒ. ධම්මික තුෂාර මහතාය.
ඔහුගේ බසයේ ගිය මගියකුට ඒ මුදල නැවත බාරදීම මහනුවර පොලිස් ස්ථානයේදී සිදුවිය.
බසයේ දමා යන බඩු අපට ලැබුණොත් කවදාවත් එය අයිතිකරුට ලබානොදී ඉන්නේ නෑ. මේ තරම් මුදලක් අපට හමු වු පළමු අවස්ථාව මෙයයි. අපට අවශ්‍ය වුණේ නියම අයිතිකරුට මෙය ලබා දෙන්නටයි. ඒ සඳහා අපි මහනුවර පොලිස් අධිකාරි මහතාගේ සහය ලබා ගත්තා ඇත්තටම මේ කරන්න ලැබුණ දේ ගැන සතුටුයි.
ලහිරු දිල්ශාන් බස්රථයේ කොන්දොස්තර මහතා මෙසේ පැවසීය.
‘එදා අපි පානදුරෙන් පිටත් වුණේ පාන්දර හතරහමාරට මහනුවරට එනකොට නවයහමාර වුණා. මගින් බැස්සට පස්සේ අපි මහනුවර දකුණු ඩිපෝවට බස්රථය ගෙන ගියා. ඒ වෙලාවෙ මම දැක්කා මගී ගමන්මලු රඳවන රාක්කයේ ගමන් මල්ලක් දමා ගොස් තිබෙන බව. තුෂාර අයියට කතා කර මම ඒ බෑග් එක පෙන්නුවා. අපි දෙන්නම එය ඇර බැලුවා. එහි ඇදුම් දෙකක් බැංකු පොත් දෙකක් හා මුදල් තියෙනවා අපි දැක්කා. ඇත්තටම මේ මුදල් දැක්කම අපිදෙන්නම පත් වුණේ ඊළඟට මොකද කරන්නේ කියන තැනට. අපි තිරණය කළා එය පොලීසියට බාර දෙන්න. බස් රියේ බෝඩ් පෙට්ටියට බෑග් එක දාලා අපි පොලීසියට බසයේම යන්න හදනකොට මනුස්සයෙක් බෑග් එක නැති වුණා කියාගෙන ආවා. ඔහු කිව්වා බෑගයේ ඇඳුම් තිබුණ බව. අපි කිව්වා බස් එකේ තියෙනවා නම් බලන්න කියලා ඔහු බස් එකේ බලලා ඇවිත් නෑ කිව්වා. අපි ඔහුට කිව්වා පොලීසියෙ එන්ට්‍රියක් දාන්න කියලා. අපි ඔහුට එහෙම තිව්වේ මේ බෑගය ඔහුගෙමද කියලා හොයාගන්න. බෑගය ඔහුගෙම නම් ඔහු පොලිසියට යන බව අපි දැනගෙන හිටියා. ඒ අතරේ අපි මහනුවර පොලිස් අධිකාරි මහතා මුණ ගැහිලා විස්තරේ කිව්වා. ඔහු අපට ප්‍රසංශා කර මහනුවර ඕ අයි සී මහතාට යොමු කළා. අර බැගය සොයාගෙන ආ අය පොලිසියේ හිටියා. ඒ අනුව අදාල පුද්ගලයටම බෑගය දෙන්න පුළුවන් වුණා. ඇත්තටම මේ ගැන සතුටුයි‘
ඡායාරූප හා වීඩියෝ - චමිල් රූපසිංහ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත" සින්දුව මතක් වුනා. (ස)
‘අන්සතු කෝටියක් ගත්තත් වගතුවක් නෑ‘,,,,,,හිත හොද තරුණයන් දෙන්නෙක්. (ස)
ඔබ දෙදෙනා ලබා දුන් ආදර්ශය , ජාතියක් ගොඩ නැගීමේදී රුපියල් ලක්ෂ ගණනකට වඩා වටිනා බව මගේ මතයි. ඔබට ඔබ කල දේට ඔයිට වඩා දේවල් අනාගතයේදී ලැබෙයි.අපේ උඅපහාරය මේ සමග පුද කරමු. (ස)
නියමම කොල්ලෝ දෙන්නක්. (ස)
වට්නාකම කියල නිම කරගන්න බැහැ අවංක කම ගැන හොඳම ආදර්ශයක්. (ස)
නුබලට ජයෙන් ජයම වේවා.! (ර)
ඔයාලා දෙන්නා අවංක හදවතින් මුදල් බාරදීම ගැන මුළු හදවතින්ම දෙන්නගේම ජීවෙතේ සාර්ථක වෙන්න කියලා මම පාර්ථනා කරනවා. (ර)
ඔබ අතිවිශිෂ්ටයි. හොඳ කලක් ලැබෙයි මේ කළ පිනෙන් සහ මෙය දකිනවිට මිනිසුන්ගේ හදවතින්ම දෙන ආශිර්වාදයෙන්. (නි)
ඔබල කරපු කුසල කර්මය ඔබලා දෙන්නට වගේම ඔබලා දෙන්නා මෙලොවට බිහිකරපු ආදරණිය දෙමාපියන්ට පවා ලැබෙනවා.! (ර)
මෙහෙම මිනිස්සු අද විරලයි. (ර)
ජයවේවා! (නි)
ඔය දෙන්නට කවදාවත් වරදින්නේ නෑ. නොමිසුන් මැද මෙවන් මහත්වරු හැමදාමත් අංක එක. (ර)
නියම කොල්ලෝ දෙන්නෙක්. නුඹලාට වැඩි වැඩියෙන් ලැබෙනවා මේ ආත්මෙදිම!! (නි)
අද ලංකාදීපේ දුටු කාලීන, දේශපාලන, සමාජ, ක්‍රීඩා... මෙකි නොකී සියල්ල අතරින් මා දුටු ඇති විශිෂ්ට පුවත. ජයවේවා නුඹට! (නි)
මේ රටේ දේශපාලනයේ ඉන්න සමහර අයට ඔය දෙන්නා ආදර්ශයක්. (ර)
කොච්චර ගඳ ගහන මඩ ගොහුරක් උනත් අතරින් පතර ලොවටම සුවද හමන නෙලුම් නිල් මානෙල් පිපෙනවා කියන්නේ ඕකට තමා. මට මතක් උනා අපේ බුදුන් ආනන්ද හාමුදුරුවන් ට කියපු දේ. ආනන්ද සර්පයෙක් දුටුවද ? අන් සතු වස්තුන් නම් සර්පයෝම වෙති. ඉතාම බුද්ධ්‍මත් ළමයින් දෙන්නෙක්. (ර)
සිල් රෙද්ද නිතර අතේ තියාගෙන හිටිය සමහර නායකයිනුත් මෙසේ අවංක වුනා නම් අද රටත් දියුණුවී ඔවුනුත් එම තනතුරු වල ගෞරවාන්විතව වැජඹෙනවා.(හේ)
සුපිරි දෙදෙනෙක්! (නි)
ආදරණීය පුතණුවනි, නුඹට අපෙනුත් මල් මිටක්....! (නි)
මේ දෙන්න යවමු පාර්ලිමේන්තුවට. අපිට හොඳ නායකයෝ දෙන්නෙක්. නියම සිංහල බෞද්ධයෝ දෙන්නෙක්. අපේ ආචාරය. (නි)
බලයට පැමිණි ගමන් හතර වරිගයට හම්බ කරගන්න රට වටේට ගසාකන දේශපාලුවන්ට මෙන්න මේ උදවියගෙන් ආදර්ශයක් ගන්න පුළුවන්. (නි)
ඔබ දෙපලට ජනාධිපති සම්මානත්,,,,පාර්ලිමේන්තුවේ සම්මානයත් ලබාදිය යුතුය . මා ජනාධිපති තුමාට ආයාචනා කරනවා (ම)
ඔයාලා දෙන්නටම බුදුසරණයි! සියලු දෙවි දේවතාවන් ඔයාලව ආරක්ෂා කරත්වා! (නි)
ඇත්තටම ඇස් වලට කඳුළු ආවා මේක දැක්කහම. පුදුම සතුටක් දැනුනා. යම් දවසක මේකේ ප්‍රතිඵලය ලැබේවා ඔබ දෙපළට. (නි)
මෙතන කරුණු දෙකක් තියනවා 1 ) රුපියල් සත පස්සෙම එලවන "ඊනියා " පුද්ගලික බස් කට්ටිය අතරේ මෙවන් අය සිටීම අදහගන්න බැරී වීම 2) අපි සාමාන්‍යයෙන් පසුම්බියක ටිකක් වැඩියෙන් මුදල් තියාගෙන බස් එකක යන දවසට ඕක ගැන විශේෂ අවධානයක් දක්වනවා දහදොළොස් වතාවක් පරීක්ෂා කරනවා මේ මනුස්සසය ලක්ෂ 14 නිකම්ම තැනක දැම්ම විතරක් නෙමේ ඕක අමතක කරලත් ගිහින් !පුදුම නැත්ද ? (බ)
අපිට ඔබ ගැන ආඩම්බරයි
ඔබ වැනි අවංක අය අපේ පාර්ලිමේන්තුවේ සිටියානම් මේ රට කොතරම් ලස්සන වන්නට තිබුණාද කියා සිතුණා. ආදරණිය සොහොයුරණි ඔබ දෙපලගේ මනුෂ්‍යත්වයට මාගේ නමස්කාරය. (බ)
අවංකව සිටීම එකම හොදයි.(හේ)
වාසනා වන්ත අනාගතයකට සුභ පැතුම් හද පත්ලෙන්න්ම ඔබ දෙපලට. (හේ)
මොවුන්ගේ මනුස්සකමින් පිරුණ පිරිසිදු ලේ අද කාලේ දේශපාලකයන්ට තිබේ නම්.... (නි)
කෙල්ලනේ, කසාද බඳිනවා නම් මෙන්න කොල්ලො. සල්ලි නැතත් හදවත් තිබෙන මිනිස්සු. (නි)
අද රුපියල් සත වලට මේ මුලු සමාජයම පිරිහී තිබෙන අවදියක නුඹලා වගේ කොල්ලෝ රටට සම්පතක්. අන්සතු දේ ලබාගැනීමෙන් වන පලවිපාක ඔබට මනාව වැටහීම ගැන කෘතගුණ දක්වමි. (නි)
මෙවන් යහපත් ජනතාවගේත් දත්ත ගබවාවක් ජාතික වශයේන පිළියෙළ කර ඔවුන්ගේ සාමාජීය, අධ්‍යාපන, සෞඛ්‍ය සහ පොදු කටයුතු වලදී ප්‍රමුඛතාවය දී කෘතගුණ සැළකිය යුතුයි. මන්ද මෙවන් මිනිසුන් අද ඉතාම විරලයි...... (නි)
මෙන්න පාර්ලිමේන්තුවට යවන්න ඕනි මිනිස්සු. ඔබලාට ජය වේවා.! (ර)
දරුවනේ, නුඹ කරන හොඳ නරක දෙකම තමුන් පස්සෙන් එනවා. නුඹලා කළ මේ හොඳ වැඩේට ලැබියයුතු දේවල් සියල්ල ඔබට ලැබේවි. ඔබට සුබ අනාගතයක් (නි)
වැදු දෙමාපියන්ට ගොඩක් පින්. (ර)
නියම කොල්ලෝ දෙන්නෙක්. අපේ රටේ දේශපාලුවන්ට හොඳ කණේ පහරක් !!!!! (නි)
ඇත්තටමයි ප්‍රියංගා ඔයාට වගේම මගෙත් ඇස් දෙකේ කදුළු පිරුනා කොන්දොස්තර මල්ලිගේ කතාවටත් එක්කම මෙන්න රජ කරන්න හොදම මිනිස්සු දෙන්නෙක් ඔබ දෙදෙනාට මගෙන්ද තුති මල් මිටක්. (ර)
මල්ලි ඔයාල දෙන්නගේ බස් එක එක දවසක් පරක්කු වුනොත් කීදෙනෙක් බනින්න සිටියත් අද උඹල දෙන්නගේ නියම මනුස්සකම ලොවටම පෙන්නුවා නේද තවත් යහපත් දේම කරන්ඩ වාසනාව ලැබේවා (බ)
හොරකම් කරපු රුපියල් කෝටියක් තිබුනත් ඔය සතුට ලැබෙන්නේ නැහැ. මුළු රටම ප්‍රසංශා කරනවා ඔබ දෙපලට ජයවේවා (බ)
මෙයාල අගය කරන්න යමක් ඩිපෝ එකෙන් කරනවානම් අගෙයි මිනිසුන් අතර මිනිස්සු මෙන්න (බ)
නුඹලා දෙදෙනාට ඔය පුණ්‍යකර්මයම ඇති (හේ)
මෙන්න නියම සුපර් ස්ටාර්ලා! (හේ)
කොච්චර ගඳ ගහන මඩ ගොහුරක් වුනත් අතරින් පතර ලොවටම සුවද හමන නෙලුම් නිල් මානෙල් පිපෙනවා කියන්නේ ඕකට තමා. මට මතක් වුනා අපේ බුදුන්වහන්සේ ආනන්ද හාමුදුරුවන් ට කියපු දේ. ආනන්ද සර්පයෙක් දුටුවද ? අන් සතු වස්තුන් නම් සර්පයෝම වෙති. ඉතාම බුද්ධිමත් ළමයින් දෙන්නෙක්. (බ)
මේක කියවන කොට සතුටට නොදැනිම ඇස් වලින් කඳුළු හැලුනා. බොහෝ කාලයකින් අසන්නට ලැබුන යහපත් ප්‍රවෘත්තියක්. ඔබ දෙදෙනාට යහපතක්ම වේවා!(රේ)
දයාබර සොයුරනි .....මගීන්ගේ ඉතිරි රුපියලට... දෙකට...කෑදර කමට ගොස්... වරිගය නසාගන්නා...සමහර ...කොන්දොස්තර වරුන් අතරේ......ඔබ දේපල දෙනලද අමිල ආදර්ශය... ගුණ නැණ බෙලෙන් යුතු ඔබ වැනි පුතුන් වැදූ,හැදු ....ආදරණීය දෙමාපියන් හරි මග පෙන් වීමේ ප්‍රතිඵලයකි...ඔබ ඇතුළු පව්ලේ සැමට පතමි දළදා සමිඳු පිහිට.... (රේ)
මෙය තමා සත්‍ය (රේ)
මල්ලිලා දෙන්නට ජයවේවා! (රේ)
අද යත ලෙස මුදල් සෙවීම සඳහා දුසන ,වංචා පමණක් නොව මිනිස් ඝාතන පවා සිදුකරන මෙම යුගයේ මෙම ලක් පුතුන් දෙදෙනා මුළු රටටම සම්පතයකි /ආදර්ශයකි . එබැවින් මෙම දෙදෙනා ජනාධිපති සම්මානයකට ලක් කල යුතුය (රේ)
ඉතාම අගය කල යුතු මිනිසුන් දෙදෙනෙක්.(රේ)
මම නම් ගන්නවා බාගයක්. ඉතිරිය දෙනවා. (රේ)
මෙම බස්රථයේ මම දිනපතා උදයට ගමන්කරනවා මොවුන් දෙදෙනාම මගීන්ට සුහද ශීලීව කතා කරන වෙලාවට බස් රථය නියම තැනට රැගෙන යනව. මට ඔවුන් ගැන ඉතාම ආඩම්බරයි(රේ)
ඔබ දෙපලගේ අවංකකම ඉතාමත් ඉහළයි. ඔය මුදල් ගත්තා නම් ටික දවසකින් ඉවර වේ. නමුත් මේ කළ යහපත් දෙය සතුට, පින හැමදාම පවතීවි. ජය වේවා! (නි)
හරිම සතුටෙන් කියවපු ප්‍රවෘත්තියක්. හොඳ දේවල් අහන්න ලැබීමත් සතුටක්. මෙය පළකිරීම ගැන ලංකාදීපයට තුති වගේම අගය කළයුතු මිනිසුන් දෙදෙනෙක්. ඔබ දෙදෙනාට බුදු සරණයි! (නි)
ඔබ හමුවී කතාකරන්න මට ආසයි (නි)
උඹල දෙන්න ගැන තියෙන්නේ කියාගන්න බැරි සතුටක් , ශ්‍රී ලාංකිකයෝ වීම ගැන අපට තියෙන්නේ ලොකු ආඩම්බරයක් , උඹල දෙන්නටම හදවතින්ම සුබ පතනවා ඒ උඹල දෙන්න ළඟ තියෙන මනුස්සකමට. (ස)
මචන් උබල දෙන්න නියම සුපිරී .... උබල දෙන්නටම ඔය පිනෙන් ජීවෙතේ සාර්ථක වෙන්න කියල මම හදවතින්ම පාර්ථනා කරනවා. (ස)
හොදට හිතල බුද්ධිමත්ව වැඩකරපු නියම මිනිස්සු. (ස)
නියමයි. කෝටියක් වටිනා කතාවකුත් කියල තියෙන්නේ. අනුන්ගේ සල්ලි කෝටියක් ගත්තත් වගතුවක් නැහැ කියල. (ස)