වැදි රැහේ කිරි කොරහා ශාන්ති කර්මය නුගේගොඩ අනුලා විද්‍යාලයේදි අද උදෑසන ආදි වාසි නායක ඌරුවරිගේ වන්නි ලෑ ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි
ඔහු සමඟ තවත් හය දෙනෙක් ඊට සහභාගී විය
පැය භාගයක පමණ මෙය පැත්වු මෙවැනි සංස්කෘතිගාංගයක් අගනුවර පාසලක පැවැත්වු ප්‍රථම අවස්ථාව මෙය බව ආදී වාසී නායකයා කීවේය.
විදුහල්පතිනි කල්්‍යාණි ගුණසේකර මහත්මිය සහ විද්‍යාලයේ ජාතික උරුම සංගමය සහ පරිසර සංගමයේ ඇරයුමෙන් දඹානේ සිට ඔවුහු ආහ.
පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් දිසානායක ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශ ලේකම් නන්දා වික්‍රමසිංහ යන මහත්ම මහතිමින් ද පැමිණ සිටියහ.





1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. සැමටම හොඳ අත්දැකීමක් (ස)
ඊයේ පෙරේදා වෙච්ච කරදර නිසා වෙන්න ඇති...(ස)
අනුලා දියණියන්ට සෙතක් ශාන්තියක්ම වේවා !! (ස)
මොකෝ දන්නෙ නැහැ මේක අනුලාවෙ කෙල්ලන්ට කළේ? (නි)
හරිම සතුටුයි. අපේ ජාතියේ සංහිඳියාව . අපේ පැරණි සංස්කෘතිය රැක ගැනීමක්..තව අපි අපි ඒවාට ගරු කරන්න ඕනි (ස)
කැකුලියො ටිකට කිරිකොරහ නටාන්ට ආපු වරිගෙ ඇත්තො දැකලා මූණු පොජ්ජවල් මන්දු වෙලා කිරිබත් පොජ්ජෙන් කොටහක් කොටා බාන්ට ඉස්කෝල පොජ්ජෙ මහතැන්ටත් එන්ට කියාලා.(ස)
මෙය ඉතා හොඳ දෙයක් කියලා මම අහලා තියෙනවා (ස)
තව ටික දවසකින් නයිට් ක්ලබ් වලත් කැබරේ ඩාන්ස් වෙනුවටය කිරි කොරහා නටයිද දන්නෙ නැහැ. (නි)
යන්තම් ඇති ටවුමේ දුවලා අපේ මුල් අවධිය හැබැහින්ම දැක ගත්තා (ස)
මොකට සිදාධියට මෙයාල මංගච්චනවද මන්දා (ස)
කොළඹ කැකුළියන්ට මෙවන් අත්දැකීමක් ලබා දීමට සංවිධානය කිරීම ගැන විදුහල්පති ඇත්තියට ස්තුති කළ යුතුයි. (ස)
අපේ ආදී වාසී සංස්කෘතියට ගරුකර මෙවැනි දෙයක් අගනුවර පාසලක පැවැත්වීම ඉතාමත් ආදර්ශමත් ප්‍රසංශනීය සිද්ධියකි. ආදී වාසීන්ට අගනුවරට පැමිණි විට ඔවුන්ගේ සිතුම් පැතුම් අනුව දින කීපයක් හෝ නැවතී සිටිය හැකි අගනුවරද ඔවුන්ගේ කියා තැනක් තනා ගැනීමට උපකාර කළහොත් ආදී වාසීන් එය ඉතාමත් අගය කරතියි සිතිය හැක. ඕස්ට්‍රේලියාවේ අගනුවර වූ කැනබෙරාවේ පිහිටි ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට පහලින් ඕස්ට්‍රේලියානු ආදී වාසීන්වන 'ඇබ්ඔරිජින්ස්'ට අගනුවරට පැමිණි විට නතරවී සිටීමට ස්ථානයක්ද තනාදී තිබේ.(ස)
ආධිවාසීන් ප්‍රදර්ශන භාණ්ඩයක් කර ගන්න එක වැරදියි . ඒ අයට ඒ අයගේ පාඩුවේ ඉන්න දෙන්න..ඒක තමයි කරන්න පුළුවන් ලොකුම දේ (ස)
මට හිතා ගන්න බැහැ
ආදිවැසියෝ දැන් ටිකෙන් ටික බජාර් පොජ්ජට මංගච්චනවා වගෙයි. (නි)