කොළඹ රාජකීය ගොල්ෆ් පිටියේ පැවති ශී‍්‍ර ලංකා විවෘත ගොල්ෆ් තරගාවලියේදී අනුර රෝහණ 7 වැනි වරටත් කිරුළ දිනාගත්තේය. අනුර රෝහණ පසුගිය වසරේදිත් මෙම ශූරතාවය දිනාගත් කී‍්‍රඩකයාය. තරගයේ අවසාන වටය දක්වාම අනුර රෝහණ සහ විජිත බණ්ඩාර කරට කර පැමිණියද, අවසන් වටයේදී නියමිත පහර සංඛ්‍යාවට වඩා පහරක් අඩුවෙන් පළමු සිදුර ජය ගත් අනුර රෝහණ පියවරක් ඉදිරියට තැබීය. 17 වැනි සිදුර වන විට විජිත බණ්ඩාර තරගයෙන් පසුබෑමට පත්වූ අතර මිතුන් පෙරේරා සහ කේ. ප‍්‍රබාකරන් සම දෙවැනි ස්ථානය හිමිකරගැනීමට විජිත බණ්ඩාරට සිදුවිය. පෑම් ප‍්‍රනාන්දු කුසලාන සඳහා පැවැති කාන්තා තරගය වට 2කින් සමන්විත වූ අතර දැඩි තරගයකින් පසුව පහර 3 ක් අඩුවෙන් තරගය නිමකළ නිලූ ජයතිලක නීෂා නිර්මලලිංගම් පරදා ජය ලැබීය. මෙම තරගාවලියට ප‍්‍රධාන අනුග‍්‍රහය දක්වන ලද්දේ යූ.ටී.ඊ. සමාගම විසිනි. ජයග‍්‍රාහකයින් සඳහා ත්‍යාග ‘යූ.ටී.ඊ. කැට්’ සමාගමේ සභාපති ප‍්‍රියත් ප‍්‍රනාන්දු මහතා අතින් පිරිනැමිණ. ‘යූ.ටී.ඊ-.කැට්’ ශී‍්‍ර ලංකා විවෘත ගොල්ෆ් තරගාවලිය
- ශූරතාවය - අනුර රෝහණ (276)
- යුගල අනුශූරතාවය - මිතුන් පෙරේරා, කේ. ප‍්‍රබාගරන්, විජිත බණ්ඩාර (278)
- ශූරතාවය - ශෙරෝන් ප‍්‍රනාන්දු (146)
- අනුශූරතාවය - පැන් සූන් කිම් (156)
- ශූරතාවය - නිලූ ජයතිලක (171)
- අනුශූරතාවය - නිශා නිර්මලිංගම් (174)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd