ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් එක්තරා වචනයක් පිරික්සන ලොව මුල් තැන ගන්නා රට ශ්‍රී ලංකාව බව ගූගල් ට්‍රෙන්ඩ්ස් වෙබ් අඩවිය කියයි.
සෙක්ස් හෙවත් ලිංගිකත්වය යන වචනයෙන් ලංකාව මුල් තැනට ද, ඉන්දියාව දෙවැනි තැනට ද, පැපුආ නිව්ගිනියාව තෙවැනි තැනට ද පත්ව සිටී. මේ සමීක්ෂණය කැරුණේ මේ වසර වෙනුවෙනි.
ඉතියෝපියාව, පාකිස්ථානය, බංගලිදේශය, වියට්නාමය, නේපාලය, සෝමාලියාව හා කාම්බෝජය සෙසු රටවල් දහය අතර වේ.
ඉන්දියාවේ බැංගලෝරය, ඉන්දියා ලැයිස්තුවේ මුලටම සිටී. චෙන්නායි, පූන්, නවදිල්ලිය හා කල්කටා ඊළඟට ගැනෙන ඉන්දියාවේ ප්‍රධාන නගර වේ.
පකිස්ථානයේ ලාහෝරයට මුල්තැන හිමිවේ.
ඉන්දියාවේ චන්දිගාර් හා මුම්බායි නගර ද, වියට්නාමයේ හෝ චිං මිං හා හැනෝයි නගර ද, එම වචනයේ ප්‍රධාන කොටස් කරුවෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු මංජුලා, මේවා බලපු සමහරු නිතරම මදකිපිලා තමයි ඉන්නේ. එළියට පෙන්වන්නේ නැහැ. සත්ගුණවත් ධාර්මිකයින් ලෙස හැසිරෙනවා. ඒවායේ ප්‍රතිඵල තමයි අපි අද දිනෙන් දින අත්විදින්නේ. (නි)
හොද සෞඛ්‍යයක් තියෙන අයයි ලංකාවෙ ඉන්නෙ..අනිත් රටවල ඉන්නෙ ලෙඩ්ඩුනෙ..!(නු)
ඔය සංචාරක හෝටලයකට ආවාම තේරෙනවා විදේශිකයන්ගේ සංවරකම සහ ලැජ්ජා සහගත කම.. අපි වෙබ් අඩවි වල සර්ච් කරනවා කිව්වට එයාලා තමයි ලෝක විලි ලැජ්ජාවක් නැති පිරිසට අයිති..!(නු)
මේක අන්තර්ජාල කුමන්ත්‍රණයක්. ගූගල් ලංකාවෙ සර්වරය තියෙන්නෙ '.එල්කේ' නමින්. ඕක ඇත්තක් නෙමෙයි. ලංකාව ඔය අඩවි තහනම් කිරීම අසාර්ථකයි කියලා පෙන්වන්න හැදීමක් විතරයි..!(නු)
"සුරංගිකා 2012-12-27 18:16:40 මේ වෙබ් අඩවිවලට ලගා විය නොහැකි ලෙස වාරණය කරන්න.." මේ වගේ ගල් යුගයේ පාඨකයින් දෙතුන් දෙනෙක් හැරුණහම අද මෙතන අදහස් දක්වා ඇති බොහොමයක් දෙනා කරුණු නිසි අයුරින් වටහාගෙන ඇති එක ගැන සතුටුයි. මට පුදුම හිතෙන්නේ සෙක්ස් කියන එක කුණුහරුපයක් කියලා හුගක් අය හිතන එක ගැන. එහෙමනම් මනෝ විද්‍යාවේ හා වෛද්‍ය විද්‍යාවේ සේක්සොලොජි උගන්වන්නේ ඒ ඇත්තන්ගේ වල්කමටද? දෙයක් දැනගත යුතු තැනදීත් හංගන විට තමා ඕනෑම තරාතිරමක කෙනෙකුට එය හාරා අවුස්සා බලන්න පෙළඹීමක් ඇති වෙන්නේ. අනෙක, ඉන්දියාව අද මෘදුකාංග නිෂ්පාදනයේ ලෝක ප්‍රමුඛයෙකි. අපිත් ඒ පැත්තෙන් කොතරම් දුරක් ගිහින්ද කියලා මේ සමගම සොයලා බලන්න. (නි)
අයියෝ! මේවා විදේශිකයින්ටත් ලංකාවේ ඉදගෙන බලන්න පුලුවන්නේ නේද? (නි)
ලංකාවේ මොන නගරෙන්ද වැඩියෙන්ම මේවා බලලා තියෙන්නේ කියලා දන්න කෙනෙක් කියන්නකෝ..!(නු)
බුද්ධික අනුරාධ තමයි මෙහි වැදගත්ම අදහස් දාලා තියෙන්නේ. (නි)
මේක පුදුම වැඩක්නෙ. එසැන පුවත් වලිනුත් වැඩිපුරම බලල තියෙන නිව්ස් එක මේක නේද (ස)
ආසියාවේ ආශ්චර්යය..!(නු)
බලන්න අනිත් හැම ප්‍රවෘත්තියකටම වඩා මේකට තියෙන අදහස් ගොඩ. කවුරු මොනවා කිව්වත් ඔක්කොම එක බෝට්ටුවේ (ස)
මැදපෙරදිග මෙ වෙබ් අඩවි තහනම් උනාට සෑම ගෙදරකම තියෙන සැටලයිට් ඩිස්ක් එකෙන් ඕන තරම් බලාගන්න පුළුවං.!(නු)
කවුරු මොනවා කිවුවත් ඔක්කොම යන්නේ එකම පාරක කියලා මේ ප්‍රවෘත්තියට දාලා තියෙන අදහස් ගොන්නෙන්ම පෙනෙනවා. (නි)
මේක කලබල වෙන්න දෙයක් නෙමෙයි. මමත් ඔය කියන සෙක්ස් කියන වචනය ගහලා බලනවා. මම නම් සෙක්ස් වලට වලට විරුදධ නැහැ. (නි)
හොදයි බලන එක..!(නු)
ලංකාවේ පාසල් වල ලිංගික අධ්‍යාපනයක් නැති නිසයි මෙහෙමහරි හොයන්න අරගෙන තියෙන්නේ. (නි)
මංජුලා ඔයා කියන ඔය සුන්දර රට අපටත් කියන්නකෝ. මමත් බොහෝ රටවල ගිහින් තියෙනවා. ඔය කියන සුරංගනා ලෝකය කොහෙද.? (නි)
අපිට ඉතින් පුලුවන් ඔය වගේ නොහොබිනා දේවල් වලින් 1 වෙන්න විතරයි. පුදුමාකාර විදියට ලැජ්ජයි මට. (නි)
ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරන්නේ සිංහල බෞද්ධයින් විතරද? (නි)
රජයේ මාධ්‍ය මිසක් මින්පස්සේ අන්තර්ජාලය පරිහරණය කරන්න එපා. (නි)
මේකේ ප්‍රතිචාර කියෙවුවවහම තේරෙන්නේ ලංකාවේ සෙක්ස් සම්බන්ධ වෙබි අඩවි තහනම් කළ නිසා මේ තත්ත්වය ඇතිවී ඇති බවයි. විවෘත දේවල් වලට ඇති ඉල්ලුමට වඩා වසා ඇති දේවලට ඇති ඉල්ලුම වැඩියි. (නි)
ලෝකයේ අනෙක් රටවල් වලට වඩා අපි දියුණුයි. (නි)
අනිත් රටවල් මේ වචනය හෙව්වෙ මීට ගොඩක් ඉස්සර.අපි දැන් තමයි හොයන්න ගත්තෙ. (නි)
මම කියන කතාවට හුගක් අය විරුද්ධ වෙන්න පුළුවන්. ඒත් මේක කිව යුතූයි. ලංකාවේ හුගක් සෙක්ස් වෙබ් අඩවි තහනම් කිරීමෙන් හොදක් වෙනවට වඩා නරකක් රටට වෙනවා කියන එක තමයි මගේ අදහස. අපේ රටේ ඉන්න ආච්චිලා, අම්මල, තාත්තල හුගක් හිතන්නේ මේ කරපු දෙය මාර හොද වැඩක් කියලා. ඒත් මේකෙන් මිනිස්සුන්ගේ මානසික අසහනය වැඩි වෙන එක ගැන හිතන්නේ නැහැ. ළගදී ඉදලා අපිට අහන්න වෙන දේවල් දැක්කම හිතාගන්න පුළුවන් මේ කතාව ඇත්ත කියලා සහ කොච්චර විනාශයක් රටට වෙලාද කියලා. (නි)
අනෙක් හැමරටක්ම පාවිච්චි කරන්නෙ ගූගල් නෙමෙයිනේ. (නි)
අපේ රටේ වෙන අපරාධ රැල්ල එන්න එන්නම වැඩි වෙනවා .ආර්ථික දරිද්‍රතාවය හා සංස්කෘතිත තහංචි නිසා අත්විදින පීඩාව කියලයි මම දකින්නේ (ස)
ගූගල් විතරද තියෙන්නේ සෙක්ස් බලන්න. ලංකාවේ බලනවා වැඩි වුණේ තහනම් කරපු නිසයි. (නි)
සෙක්ස් කියන වචනයේ තේරුම් රැසක් තියෙනවා. (නි)
ඕකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන සමාජය..පාසල්වල සමාජයේ කොල්ලො කතාවෙන්නෙත් මේවා තමයි.!(නු)
අසහනයෙන් ජීවත්වන ලංකාව ගැන අපිට ලැජ්ජයි..පත්තර දෙස බැලුවාම ඒක පේනවා.!(නු)
2012 සංචාරකයෝ අපේ රටට වැඩිපුර ආවා. මේක ඉතින් ලාංකිකයෝ පමණක් නෙමෙයිනේ එතකොට පරිශීලනය කරන්නේ. (නි)
මේ සියල්ල තහනම් කළ යුතුයි.මේවා බලන නිසා තමයි අද කෙල්ලෙකුටවත් පාරේ බැහැලා යන්න බැරි. (නි)
ලිංගිකත්වය කියන්නේ කුණුහරපයක් නෙමෙයිනේ..!(නු)
මෙවන් ජයග්‍රහණ තව තවත් ලැබේවා! (නි)
මේකට ප්‍රධාන හේතුව ලංකාවේ සිංහල පවුල්වල ළමුන් හැදීම අඩුවීම. දැන් සිංහල පවුලක ඉන්නේ ළමයි 1 යි 2 යි. එතකොට ළමයි හැදීම නවත්තලා සෙක්ස් පැත්තට අදාලව ඒ අය වෙන වෙන දේවල් හොයනවා කරන්න. එතකොට තමයි මේ තත්වය ඇති වෙන්නේ. දැන් ලංකාවේ ජන වර්ධන වේගය 1.6% ඒ වුණාට සිංහල ජන වර්ධන වේගය -0.5%. හැබැයි මුස්ලිම් ජන වර්ධන වේගය 20%ක්. (නි)
සෙක්ස් කියන එක සර්ච් කරනවා කියන්නේ කුණුහරුප බැලීමමද? (නි)
මෙම ජයග්‍රහණයට සහය දැක්වූ සියල්ලන්ටම අපේ සුභ පැතුම්! (නි)
මෙහි ධනාත්මක පැත්ත තමයි අපේ රට තොරතුරු තාක්ෂණය අතින් ඉදිරියෙන් ඉන්නවා කියන එක. (නි)
මෙන්න ලංකාවෙ හැටි..!(නු)
බලපුවහම තහනම් කරලා නැහැනේ. මුලු ලංකාවම බලලා. දැන් මොකද කරන්නේ? (නි)
අපේ ජනගහණය මිලියන 20යි. ඉන්දියාවෙ මිලියන 1,210..අපිට වඩා මිලියන 1,190ක් ම වැඩියි. අපේ අද ඉපදිච්ච දරුවා ඉඳලා අවුරුදු 90ක් වෙන මහල්ලා දක්වා ඔක්කොම මිලියන 20ම ඕක බැලුවත් මිලියන 20ක් කොහොමද මිලියන 1,210ක් පරද්දන්නේ? (නි)
සානුල් හරි. සෙක්ස් වලට විතරක් නෙමෙයි හොද හෝ නරක දෙකටම අන්තර්ජාලයේ ඉදිරියෙන්ම ඉන්නේ අපේ කට්ටිය. (නි)
මම නම් පොඩි එකා. මම ඕවා දන්නෙ නැහැ. මට ලැජ්ජයි නංගෝ. (නි)
මෙය දියුණුව කරා යන රටක දැකිය හැකි ලක්ෂණයක්. (නි)
අනිත් රට වල මේවා බලන්නෙ නැත්තේ ඒ රට වල සෙක්ස් කියන දේ ඹවුන් හැමදාම දකින නිසයි. අනික සෙක්ස් කියන්නේ තහනම් වචනයක් හෝ කුණුහරපයක් නොවේ. (නි)
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව කලින්ම දැනගත්ත නිසයි අපේ ඇමතිතුමා මුලින්ම කිවුවේ ගූගල්, යාහූ නවත්වන්න කියලා. (නි)
මෙන්න ආසියාවේ ආශ්චර්යය... (නි)
මට නම් හිතෙන්නේ ලංකාව ඉන්නේ අඩුවෙන් බලන රටවල් අතරයි කියලා. (නි)
ඔප අදහස් දාපු අය හිතට එකගව බැලුවොත් එයාලගෙනුත් 99%ක්ම සර්ච් කරන්නේ මෙහෙම දේවල් තමයි. (නි)
ලංකාවේ හොද ලිංගික අධ්‍යාපනයක් ලබාදෙන ක්‍රමවේදයක් තියෙනවා නම් මෙහෙම දේවල් වෙන්නෙ නැහැ. (නි)
ශ්රී ලංකාවේ පාසල් විෂය ධාරාවෙ නැතිවුණාට, සෙක්ස් කියන්නේ කුණුහරුපයක් නෙමෙයි. (නි)
මේ වගේ ප්‍රවෘත්ති දුටු විට ලංකාව පිළිබදව ඇත්තෙන්ම කළකිරෙනවා. (නි)
අපි පළමුව කළ යුත්තේ අපගේ ආකල්ප සංවර්ධනය කිරීමයි. (නි)
මානසික පීඩනය එක් අතකින් නිරූපනය වන අතර, යමක් සොයා ගැනීමට ඇති ආශාව, ශාක්ශරතාවයේ දියුණූව සහ තොරතුරු තාක්ෂණයේ දියුණුව අනෙක් පැත්තෙන් නිරූපනය වේ. (නි)
මදැයි තහනම් කරන්න ගිහින් කරගත්ත දෙයක්. දැන් මේකත් හරියට අධ්‍යාපනේ වගෙයි. (නි)
දකුණු ආසියානු කලාපයේ ජානමය ප්‍රශ්නයක් කියලයි මට හිතෙන්නෙ. (නි)
ලංකාවට අප කීර්තියක් මෙවන් වැඩ (දී)
කටක් ඇරලා කියන්නවත් පුලුවන්ද (දී)
මංජුල, මෙම දත්තයන් සදහන් වෙන්නේ ප්‍රතිශතයක් ලෙසටයි. (නි)
අපි ඉල්ලා සිටිනවා ලිංගික වෙබ් අඩවි තහනම් කරන ලෙස... (නි)
මේක දීලා තියෙන්නේ ප්‍රතිශතයක් විදියටයි. (නි)
ආපෝ! මේකේ තියෙන අදහස් ගොඩ? (නි)
අපේ සංස්කෘතිය අනුව ලිංගිකත්වය ප්‍රසිද්ධීයේ කතා නොකරන බැවින් ඒ ගැන දැනගැනීමට මිනිසුන් උනන්දු වීමයි මේකට හේතුව. (නි)
ජනක, ඔබ නිවැරදියි. (නි)
කතාව ඇත්ත නම් ගණිකා වෘත්තිය නීතිගත කිරීමේ වරදක් නැහැ. (නි)
සෙක්ස් කියන්නේ කුණුහරුපද? මේකේ මාතෘකාව දැක්කම මට අඩන්නද හිනාවෙනන්ද ඕනෑ කියලා හිතා ගන්නත් බැරුව ගියා. සෙක්ස් එහෙමත් නැත්තම් ලිංගිකත්වය කියන්නේ කුණුහරුපයක්, එහෙමත් නැත්තම් අසභ්‍ය දෙයක් නම් මේ රටේ තැනැත්තන් මෙලොවට බිහිවුයේ කෙලෙසද? මා,ඔබ බිහිවුයේ කෙලෙසද? දැන් එතකොට ඒක කුණුහරුපයක් කියලා කොහොමද කියන්නේ? දැන් පහුගිය කාලේ වැඩිහිටියන්ට සුදුසු වූ වෙබ් අඩවි තහනම් කරනවා යැයි කියමින් මහා ජංජාලයක් නැටුවා. ඒකේ ප්‍රතිපල තමයි මේ ඇවිත් තියෙන්නේ. ලංකාවේ ඉන්න පාලකයෝ හිතාගෙන ඉන්නේ රටේ ඉන්නා ජනතාව ළමුන් යැයි කියා. ඔවුන් සිතන්නේ ඔවුන්ට ඕනෑ හැටියට බහුතර ජනයා ජිවත් විය යුතුයි කියායි. මේක නම් හරිම කණගාටුදායක තත්ත්වයක්. (නි)
මේ වෙබ් අඩවිවලට ලගා විය නොහැකි ලෙස වාරණය කරන්න..!(නු)
සෙක්ස් කියන එක අන්තර්ජාලයෙන් බැලුවා කියලා කාටවත් ඒකෙන් ඇති ප්‍රශ්නයක් නැහැනේ. (නි)
මේ සංඛ්‍යා දත්ත ප්‍රතිශතයක් විදියට අරන් තියෙන්නේ. පුලුවන්නම් ඔය දියුණු රටවල ජනගහනයට සාපේක්ෂකව ලබා ගත්ත දත්තත් ඉදිරිපත් කරන්නකෝ, කවුරුද එක වෙන්නේ බලන්න පුළුවන්. (නි)
විවෘත මනසකින් යුක්තව,අවංකව සහ සිතට එකගව අදහස් පළකරන ලාංකීය ජනතාවට මගේ ප්‍රණාමය! (නි)
හැමතැනම හැමදාම හැමෝම බණ අහනවා පිරිත් අහනවා දන්සැල් දෙනවා පෙරහැරවල් යනවා ඒත් අපි හැමදාමත් වනන්තරේ.. වරද කොතැනද?(නු)
සමාජයේ නොදැනුවත්කම මීට ප්‍රධානතම හේතුව වී ඇත..!(නු)
ලිංගිකත්වය කියන්නේ නරක දෙයක් නෙමෙයි.. ඒක සමාජයේ නොදැනුවත්කමයි තියෙන්නෙ..!(නු)
රජකාලෙ වගේ අවුරුදු 16න් කසාද බදින්න දුන්නනම් ඔය මොනවත් නැහැ..!(නු)
අපොයි අපේ අය ඉතිං ඔහොමමනේ...!(නු)
මේක පිළිගන්නත් අමාරුයි... ලංකාව කියන්නේ පොඩි රටක්.. මේක බොරුවක් වෙන්න බැරිද?(නු)
මේකෙන් තේරෙන්නේ ලංකාවෙ අසහනය වැඩිවී ඇති බවයි..!(නු)
පිටරට වල අය ඔය අකුරු තුනේ ඒවා බලන්න ඕනෑ නම් අකුරු හතරක් ඔබනවා. දන්නා අය දන්නවා. ගූගල් එක දන්නේ නැද්ද? පුදුමයි. (නි)
මැදපෙරදිග වගේ රටවල මෙම වෙබ්අඩවිවලට යන්න බැහැ.. ඒගොල්ල වාරණයකරනවා.. ඒවගේ මෙහෙත් කළානම් ඉවරයිනේ..!(නු)
ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් හොයාගන්න බැරිද කොපමණ ලාංකික ස්ත්‍රී ප්‍රතිශතයක් මේ සදහා සහභාගි වී ඇතිද යන වග. මොකද ජනගහනයෙන් 50% කට වඩා කාන්තාවන් නේද ලංකාවේ ඉන්නේ? ලංකාවේ අම්මලා, අක්කලා, නංගිලා, ඇන්ටිලා මොකද කියන්නේ? සහභාගීත්වය ඉතාම ඉහළින් ලබා දීලා තියෙනවාද? මීට සාපේක්ෂව විවිධ ලිංගික උත්තේජ රසායනික ඖෂද සදහාත් ලංකාව ඉහළින්ම නම දිනාගෙන ඉන්නේ. මීට ප්‍රධාන වශයෙන් වගකියන්න ඕනෑ ලංකාවේ මෙගා ටෙලිනාට්‍ය. කුඩා ගැහැනු දරුවෙකුටවත් පාරේ බැහැලා යන්න බැරි තරමට වැඩේ දරුණු වෙලා. අනේ අපේ අනාගත දරු පරපුර කොහොමද ලෝකෙට මුහුණදෙන්නේ? (නි)
"ලිංගිකත්වය" අන්තර්ජාලයේ සොයන්නේ මේක සමාජයේ රහසක් වශයෙන් පවතින නිසයි..!(නු)
මේවා ලංකාවට එතරම් හොද වැඩ නෙමෙයි..!(නු)
ලංකාව දියුණුයි.. ආසියාවේ ආශ්චර්යය කරා යනවා වගේ...!(නු)
සෙක්ස් කියන්නෙ කුණුහරුප නෙමෙයි කියලා තර්ක කරන මෙතන බහුතරය දිහා දැක්කම හිතා ගන්න පුළුවන් මේ ප්‍රකාශය නිවැරදියි කියල.මොකද මේ අය ලෝකෙට බිහිවුණ හැටි හොයන්න එහෙම කරලා තියෙන්නේ. (ස)
මම ඉන්නේ පිට රටක .මේ රටේ පලවෙනි තැන දෙන්නේ රටේ ළමා පරපුරට .දෙවෙනි තැන සතා සිව්පාවට ගහකොළට ..මිනිස්සු සතුටු වෙන්නේ ජීවිත අවබෝදයෙන් පොත පත කියවල ..වැඩිපුරම කරන්නේ රටවල සංචාරය කරන එක සහ පොත පත කියවන එක.අපේ රට ගැන හරිම කණගාටු හිතෙනවා .කොහෙටද අපේ අනාගත දරු පර පුර අපි ගෙනියන්නේ .. ...දරිද්‍රතාවය සහ අසහනය මේකට ප්‍රධානවෙනවා.. .ටෙලි නාට්‍ය ගැන කියල වැඩක් නැ .(නු)
වෙන වචනයක් සොයා ගත්තා නම් හරි..!(නු)
සෙක්ස් හෙවත් ලිංගිකත්වය කියන්නේ නරක වචනයක් නෙමෙයි. මේක සාමාන්‍ය දෙයක්. මීට වඩා පහත් වචන සර්ච් කරලා තියෙනවා අනෙක් රටවල්. සෙක්ස් කියන වචනය පිළිබද අවබෝධයක් නැතිකම නිසයි මෙහෙම සර්ච් කරලා තියෙන්නෙත්.මේක නෙමෙයි ගැටලුව. ගුගල් වල රේප් හෙවත් දූෂණය කිරිම කියන වචනය චෙක් කරපු රටවල් අතර අපි පළමු තැනක සිටීමයි. දැන්වත් මරණ දඩුවම නොගෙනාවොත් අපිටම සිද්ධ වෙයි අපරාධකරුවන්ට එරෙහිව පියවර ගන්න. බස් එකක කෙල්ලෙක්ට යන්න බැරි තරම් පහත් තත්වයක් ඇති අවස්ථාවක පාර්ලිමේන්තුවේ ඉන්න කාන්තාවන් එක්කෝ ඉල්ලා අස්විය යුතුයි. නැත්නම් මරණ දඩුවම ගේන්න බල කළ යුතුයි. මේක රටේ වරදක් නොව නීතියේ සිදුරක්. (නි)
මේක පිළිගැනීමට අමාරුයි..!(නු)
අයියෝ.. ලංකාවෙ අපට මොකද මේ වෙන්නෙ..!(නු)
sex යනු වැරදි දෙයක් නොවේ.බෞද්ධාගමික රටක් වශයෙන් අපි අනෙකුත් රටවල් වගේ විය යුතු නෑ. සදාචාරය හොඳින් ආරක්ෂ කරන රටක් මේක. මිනිස්සු අතින් වැරදි වුණත් ඒවා අවම කර ගන්න ඕනි (ස)
මේ චෝදනාවෙන් අපිට කවදාවත් ගැළවෙන්න බැහැ. (නි)
ලෝකය හදන්න කලින් තමන් හැදිලා ඉන්න එපැයි. (නි)
බුද්ධිය වැඩිවෙනකොට මේවා නිකන්ම පාලනය වෙනවා. (නි)
මේක දාල තියෙන්නෙ ප්‍රතිශතයක් වශයෙන් නම් ඒක හොඳ තත්වයක්..ඒ කියන්නෙ ගොඩක් රටවලට සාපේක්ෂව ලංකාවෙ මිනිස්සුන්ට අන්තර්ජාල පහසුකම් තියනවා...වෙලා තියෙන්නෙ අපි ඒක පිළිගන්න කැමති නැති එක... මේක දැකල ලංකාව ගැන කලකිරෙන අය ලිංගිකත්වයට වෛර කරන අයද? වෙලා තියෙන්නෙ අපි ඒව බැලුවට සමාජය ඉස්සරහ රඟපාන්නෙ අපි කවදාවත් ඒව නොබලපු අය වගේ වීම.. මේක දැකල ලංකාව ගැන කළකිරෙන අයට මම කියන්නෙ බටහිර රටකට ගිහින් බලන්න..එහේ අවුරුදු 14,15ක් වෙන ගැහැණු හෝ පිරිමි ළමයෙක්ට ලිංගිකත්වය කියන්නෙ අමුතු දෙයක් නෙවෙයි....මම සතුටු වෙන්නේ ලංකාවෙ එවැනි තත්වයක් නැති එක ගැන...(නු)
මේකට මුල " හලාල් " ආහාර . ලබන පාර පළවැනි තැන ගන්න ඕනෑ නම් හලාල් ම කන්න. හලාල් කන්න ගත්තට පස්සේ තමා මේ විකෘති කාමාශාවල් වැඩිවෙන්නේ. නැත්නම් 2000 ට කලිනුත් ලංකාවේ ඔහොම වෙන්න එපායැ. (නි)
ඒකෙන් පේන්නේ ලංකාවෙ අන්තර්ජාල භාවිතය අනෙක් රටවලට වඩා වැඩියි කියන එකයි.!(නු)
සෙක්ස් නෙමෙයි, එලිෆන්ට් කියලා ලියලා බලන්න. ඒකෙනුත් ලංකාව 1ට එන්නේ. ලංකාවේ ජනගහනය අඩු නිසා ඉන්ටර්නෙට් ගුගල් පරිහරණය කරන ප්‍රතිශතය වැඩියි. ඒකයි මේ. (නි)
මෙය හොද ප්‍රවණතාවක් නොවෙයි. මේ සදහා බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුයි. (නි)
ලංකාවට මෙහෙම වෙන්න මොකද්ද හේතුව (දී)
මේකට අදහස් දාන අය දැන් මේවා බලන්නේ නැති අයද? අනේ අපි නොදන්න අයියලා! (නි)
ලංකාවේ මිශ්‍ර පාසල් පමණක් ඇති කළොත් මෙය යම් පමණකට අඩුවෙන්නට පුලුවන්. (නි)
ඇත්ත ඇති සැටියෙන් දැකීම වරදක් නොවුණද ප්‍රශ්නය ඇත්තේ මෙම වෙබ් අඩවි වල ඇත්ත ඇති සැටියෙන් නොමැතිකමෙයි. (නි)
සෙක්ස් ගැන මෙහෙමනම් ගණිකා වෘත්තිය ගැන කොහොමට ඇද්ද? (නි)
සමහර මාධ්‍ය විසිනුත් සමාජය මේ ස්ථානයට තල්ලු කරනවා. (නි)
කොහොමත් උවමනා කරන දේවල් නෙමෙයිනේ අපේ අය උවමනාවෙන් බලන්නේ (ස)
මේකයි රිස්වි,මැද පෙරදිග වගේ තහනම් කරන එක නෙවෙයි කරන්න ඕන,තරුන පරපුරට හොද ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන එකයි.ඔයා දන්නවද මැද පෙරදිග කොච්චර තරුණ අසහන්නයක් තියෙනවද කියල.බටහිර රටවල මේ තත්වය නැත්තෙ ඒකයි.(නු)
ඔන්න මම මේක බලපු 12161 වෙනියා. සෙක්ස් කියලා තිබුණොත් හැමෝම ඉස්සෙල්ලම බලන්නේ ඒක තමයි. (ස)
ලිංගිකත්වය කියන්නේ කුණුහරපයක් නොවුණට මුළු ලෝකෙම දැන් දන්නවා අපේ අය ලිංගිනත්වය කියලා හොයන්නේ මොනවද කියලා. අපේ සමාජය කොයි තරම් අසහනයකින් පෙළෙනවද? අනාගත අපේ සමාජය කොහෙට යාවිද? මේ ගැන අවධානය යොමු කරලා සමාජය හදන එක කාටත් වැදගත් වේවි. (නි)
සමහරුන් කියල තිබුණා සෙක්ස් කියන්නේ නරක දෙයක් නෙමෙයිනේ කියලා. නමුත් මම හිතන්නේ වැඩි දෙනා අන්තර්ජාලයෙන් සෙක්ස් හොයන්නේ හොද චේතනාවෙන් නෙමෙයි කියලා. මේවා නීති දාලා වෙනස් කරන්න බැහැ. කළයුත්තේ දරුවන්ගේ ආකල්පමය සංවර්ධනයයි. මෙය කළහැක්කේ ආගමික නායකයන්ටයි. නමුත් අවාසනාවකට ඔවුන් දේශපාලුන්ගේ අතකොලු බවට පත්වී ඇත. තවත් සමහර ආගමික නායකයන් ජාතිවාදී ප්‍රශ්න ඇතිකරමින් කාර්යබහුල වී ඇත. මගේ රටට දෙයියන්ගේම පිහිටයි. (නි)
එයාලා අපිට මඩගහන්න එහෙම කිවුවට හරි කතාව මොකක්ද කියලා හැමෝම වගේ දන්නවා. (නි)
ලංකාවටත් ගිය කලක්! (නි)
නැති දේ තමයි වැඩියෙන්ම හොයන්නේ..!(නු)
හා හා හොරේ දැනුනා දැණුනා...!(නු)
ළගදී චන්ද්‍රිකාවකුත් උඩ ඇරියනේ. (නි)
බෞද්ධ දේශයක් නේද මේ? (නි)
ඉස්සරත් ලංකාවේ පාසල් වල ලිංගික අධ්‍යාපනය තිබුනේ නෑ නේද? (ස)
නියම බෞද්ධ රටක් කියලා ඔප්පු කළේ කට්ටිය යස අපූරුවට. (නි)
අපි නොදන්න ලයිව් කිවුවලු.... (නි)
ලංකාව මුල් තැන අරන් තියෙන්නේ ජූලී මාසයට විතර , එකෙන් කියන්නේ නැ 2012 වසරේම ලංකාව ලෝකෙන් මුල් තැනට ආව කියල, (නු)
කුසල්, ගූගල් ඉමේජ් වලට ගිහින් සෙක්ස් කියලා ටයිප් කරලා බලන්නකෝ. එතකොට ඔයාටම තේරෙයි. (නි)
එක්තරා වචනයක් කියන්නේ සෙක්ස් නෙමෙයි වෙන අසභ්‍ය වචනයක්..(නු)
අපිට දැන් නොකියා කියන්නේ තව තවත් ගූගල් වලින් මේවා බලන්න කියලද? (නි)
ලිංගිකත්වය" අන්තර්ජාලයේ සොයන්නේ මේක සමාජයේ රහසක් වශයෙන් පවතින නිසයි. මේක ආදර්ශයට අරගෙන ඵ සම්බන්දයෙන් යමක් කොලොත් ඕකට තියෙන ඉල්ලුම අඩුවෙයි.(නු)
එක එක රටවල එක සමාන දේ සදහා විවිධ වචන භාවිත කරනවා. නිදසුනක් ලෙස කෙනෙක් ත්‍රීරෝද රථයට, ත්‍රී විල් එක කියද්දී තව කෙනෙක් වීල් එක කියල කියනවා. සමහරු ටුක් ටුක් එක කියල කියනවා.තවත් ය ටැක්සි කියල කියනවා. --- ඉතින් අපේ රටේ අය බහුලවම දන්නේ සෙක්ස් කියන වචනය. ඉතින් ප්‍රතිශත ලෙසින් ගත්තහම ඔහොම පේනවා. හැබැයි ඇමෙරිකාව එංගලන්තය වගේ රටවල් මේ දෙයම හොයන්න භාවිත කරන්නේ වෙනත් වචන. එකේ ප්‍රතිපල එයාල පෙන්නනේ නැහැනේ. තවත් දෙයක්, ජපානය රුසියාව ප්‍රංශය වගේ රටවල් එයාලගේ භාෂාවෙන් තමයි හොයන්නේ. එතකොටත් මේ ගොඩට එයාල නැහැ. කොහොම උනත් අපේ රටේ තරුණ තරුණියන්ට සංයමයෙන් යුතුව මේ දේවල් දැනගන්න නිසි බලධරින් යම් අන්තර්ජාල වෙබ් අඩවියක් පවත්වාගෙන යනවනම් හුගක් හොදයි.අපේ රට, අපේ මිනිස්සු ඔය කියන තරම් නරක නැහැ. (නු)
ශ්රී ලාංකිකයින් සුලු පිරිසක් මේවා වැඩි වාර ගණනක් බලනවා විය හැකිය. (නි)