අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සාමාජිකයකු මෙන්ම කැලණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති සුරංජිත් බණ්ඩාර සිසුවා පහරදීමකින් රාගම රෝහලට ඇතුළත් කර ඇති බවත්, තම සංගමයේ සාමාජිකයනට දිගින් දිගටම එවැනි තර්ජනය එල්ල වූ බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා කියයි.
මීට මාස කිහිපයකට පෙර ගම්පහ ඉඹුල්ගොඩ දී සැක සහිත අනතුරකින් තම සාමාජිකයන් දෙදෙනකු මිය ගිය බව ද, ඉන් ජානක බණ්ඩාර ඒකනායක සිසුවා ද කැලණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති වරයකු බව ද හෙතෙම සඳහන් කරයි.
කැලණිය සරසවියේ හතර වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු පහරදීමකට ලක්ව රාගම රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි. පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදුවී ඇතැයි ද හෙතෙම පවසයි.
2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අන්තරේ සිසුවාට පහර දීලා
අජිත් Sunday, 30 December 2012 09:48 PM
ඉතින් පෞද්ගලික ආරවුල ගැනත් හෙළිකරන්නකෝ. (නි)
ලුම්බිණි Sunday, 30 December 2012 01:23 PM
පිට සක්වලින් ආපු කෙනෙක් මේක කළා වෙන්නත් පුළුවන්. මොකද අද වෙන දේවල් දිහා බැලුවහම ඒකත් පුදුමයක් නෙමෙයි. (නි)
සිල්වා Sunday, 30 December 2012 01:34 PM
දේශපාලනික ප්‍රශ්නයක්ද ? (ස)
සිල්වා Sunday, 30 December 2012 02:45 PM
පහර දෙන්න කාටවත් අයිතියක් නැත (දී)
හේමසාර හිමි Sunday, 30 December 2012 02:53 PM
නෑ මහත්තයෝ ඕක බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් (ස)
නිසල් Sunday, 30 December 2012 03:22 PM
ලොකු දෙයක්, ගහගෙන මදි...(ස)
පාලිත Sunday, 30 December 2012 03:31 PM
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැනේ. (නි)
බණ්ඩාර Sunday, 30 December 2012 04:11 PM
කිසිම වාහනයකින් යන්න එපා කියලා එයාව දැනුවක් කරලා තියෙන්න. කොටින්ම පයින්වත් යන්න එපා කියන්න. (නි)
ජගත් Sunday, 30 December 2012 04:11 PM
සුදු වෑන් ඒවිද දන්නේ නෑ (ස)