පුවත්පත්වල මංගල දැන්වීම් පළකර විවාහ පොරොන්දු දී ලක්ෂ ගණනින් මුදල් වංචා කළ බව කියන අයකු කිරිල්ලවල, කොකිස්කඩේ හන්දියේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීෆමන් පසු අගෝස්තු 3 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
වාහන ව්‍යාපාරිකයකු ලෙස විවිධ ලිපිනවලින් පෙනී සිටි සැකකරු හිමාල් සජීවන එසේ රිමාන්ඩ් කැරිණි. හැඳුනුම්පත් කිහිපයක්ද ඔහු සතුව තිබී සොයාගෙන ඇති අතර මාතර, ගන්දර හා මීගමුව පොලිසිවලින්ද මොහු සම්බන්ධ තොරතුරු සොයාගෙන ඇත.
කඩවත ප්‍රධාන පොලිස් පරීක්ෂක පෙරුමාල් පද්මනාදන් මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ගමඇතිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම සිදු කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිදෙන්න දුන්නනම් හරි ආපහු අනග රැගුම් නොපාන්න..(රේ)