IMG-LOGO

අධිවේගී පාරේ කැබ්රිය පෙරැලී නීතිඥයා මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ ගැලනිගම අතර 8.2 කිලෝ මීටර් කණුව අසලදී අද රාත‍්‍රී කැබ් රියක් පෙරැලීමෙන් එහි සිටි නීතිඥයකු මියගොස් රිය පැදවූ තැනැත්තා බරපතල තුවාල ලැබූ බව කහතුඩුව පොලිසිය කියයි. මියගියේ ගාල්ල එලියට් පාරේ නීතිඥ ගාමිණී ඬේවිඞ් (69) මහතාය. ගාල්ලේ සිට කොළඹ බලා එද්දී කැබ්රිය අනතුරට පත්වී තිබේ. මහ මග පෙරලූණු කැබ්රියේ කොටසක් ගැලවී මාර්ගයෙන් ඉවතට විසිවී ඇතැයිද කැබ්රිය උඩුබැලි අතට පෙරැලී තිබූ බවද පොලිසිය කියයි. අනතුරින් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටකටද හානි සිදුවී තිබේ. අනතුරින් පසු එහි සේවකයින් වතුර බවුසර් ගෙනැවිත් පාර සෝදා දැමීය.



අදහස් (0)

අධිවේගී පාරේ කැබ්රිය පෙරැලී නීතිඥයා මරුට

කීර්ති Friday, 07 December 2012 11:55 PM

පස් පුරවලා තාර දැම්ම පාරක්නේ.. (ස)

:       0       0

මලිත් Friday, 07 December 2012 09:52 AM

අයියෝ මනුස්ස ජිවිතයක් (දී)

:       0       0

හේවගේ Friday, 07 December 2012 10:15 AM

අදික වේගය මාරු කැදවයි (දී)

:       0       0

අමිල කටුනායක Thursday, 06 December 2012 09:43 PM

දැන් ඉතිං වැටට අලාභය ගෙවන්නත් වෙයි. (නි)

:       0       0

චන්න Thursday, 06 December 2012 10:16 PM

පරිස්සමට යන්නොනේ පාරේ යනකොට (දී)

:       0       0

උපාලි Thursday, 06 December 2012 11:07 PM

අධිවේගී වුණත් පාලනය කරගන්න පුලුවන් තරම් වේගයකින් යන එක තමයි හොද. (නි)

:       0       0

හේමචන්ද්‍ර Friday, 07 December 2012 12:23 AM

මොකද්ද ඒ අපරාධය (දී)

:       0       0

දයා,සවුදි Saturday, 08 December 2012 10:16 AM

අධිවේගේ ආදායම හදන්නේ අලාභ වලට අයකරන මුදල් සමගද? (නි)

:       0       0

නීලා Friday, 07 December 2012 07:11 PM

පාර සේදුවම මැරුණු කෙනාට පණ එනවද (ස)

:       0       0

වරුණ Friday, 07 December 2012 07:07 AM

මට නම් මේ හයිවේ එකේ කාපට් එක ෂුවර් නැහැ. පොඩි වැස්සකටත් ලිස්සනවා. (නි)

:       0       0

ගිහාන් හොරණ Friday, 07 December 2012 07:04 AM

අධිවේගයෙන් ගියහම ඔහොම තමයි. වේග සීමාවක් තියෙන්නේ ඒකනේ. (නි)

:       0       0

කැලුම් Friday, 07 December 2012 07:04 AM

දැන් කට්ටිය ඇවිල්ලා වැටට අලාභය ඉල්ලාවි. අපේ රටේ නීතිය ඒකනේ. (නි)

:       0       0

නාලක Friday, 07 December 2012 07:55 AM

කනගාටු දායක පුවතක් (දී)

:       0       0

සරත් Friday, 07 December 2012 08:16 AM

බලමු කොහොමද අලාභේ අය කරන්නේ කියලා (ස)

:       0       0

මංජුල Friday, 07 December 2012 09:18 AM

ඔබට නිවන් සුව ලැබේවා (දී)

:       0       0

ශාන් Friday, 07 December 2012 09:34 AM

මිනිස්සු මැරෙන එන ගැන ගාණක් නෑ .අලාභේ ගන්නනම් හදයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 59 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 246 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site