නුගවෙල අදිකාරම්ගේ යැයි සැලකෙන කඩු තුන බියගම සියඹලාපේ ඩිමෝ හන්දිය අසල කුණු බක්කියට ගිය ජුනි මාසයේදී දැමූ පුද්ගලයා සොයා ගැනීමට රහස් පොලීසිය වෙහෙසෙයි.
බියගම ප්‍රදේශීය සභා සේවකයකු එම ‘යකඩ‘ පාර්සලය දැක ඇත.
දෑකැති හදා ගැනීමට ගෙදර ගෙන ගිය කඩු ඔහු අද බියගම ප්‍රදේශීය සභා මහජන සෞඛ්‍ය පරීක්ෂකට බාර දුන්නේය.
ඔහු එම කඩු ප්‍රාදේශීය සභා සභාපති ආනන්ද ගනේපොල මහතාට බාර දුන්නේය.
අත්අඩංගුවේ පසුවන කංගැට්ටා නම් සැකකරුගෙන් ලැබුණු බව කියන තොරතුරක් ඔස්සේ හඹා ගිය පොලීසිය කඩු තුන අද සොයා ගත්තේය.
රහස් පොලීසිය එම කඩු සිය බාරයට ගත්තේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද ඒ කතාව
අනේ ඔය වංසේ කබල් ගාන එක අතහැරලා ඉස්සරහට දියුණු වෙන හැටියක් බලමුද? (ස)
එක බොරුවක් වහන්න බොරු දාහක් ගොතන්න ඕනෙලු (ස)
අතීතයට මිනිස්සු සලකන හැටි තමයි ඔය
ඔච්චර පොඩියිද ?? (ස)
මේවා පරණ කඩුනේ ....කුණු බක්කියටම දාන්න (ස)
කන්ගැට්ටා කියන්නේ කවුද ? නොදන්න නිසයි ඇහුවේ (ස)
හරි පුදුමයි
ඇත්තටම මේවා කඩුද නැත්නම් කිනිසිද ?? (ස)
එතකොට ජුනි වල ඉදලා කුණූ අස්කරලා නැද්ද? (නි)
මේක මෙගා ටෙලිනාට්‍යයක 150 වෙනි දර්ශනය. අවසන් වීමට තව බොහෝ දුරයි. (ස)
කඩු ටික ළඟ තියාගෙන ඉන්න එක අවාසි බව හොරාට තේරෙන්න ගොඩක් කල් ගියා වගේ. ඉස්සරහට තව තේරුම් යාවි, කරන්න පටන් ගත්ත දේවල් ගොඩකින් වාසි නොව අවාසි වැඩියි කියලා. (නි)
අනේ අම්මපා කුණු බක්කියකත් කඩු තිබුණයි කියන කතාවක් මම මේ ඇහුවාමයි!! (ස)
දුටුගැමුණු රජතුමාගේ කඩුවද කියලත් සැකයක් තියෙනවා මට. (නි)
කඩු වලින්ද දෑකැති හදන්නේ ?? (ස)
මටනම් මේ මුකුත් තේරෙන්නේ නෑ. මේවට තමයි අපේ පැරැන්නෝ අන්ඩරදෙමළ කිව්වේ (ස)
...මතු සම්භන්ධයි... (ස)
නවකතාවක් කොටස් වශයෙන් පලවෙනවා (ස)
අපිව අන්දන්න හිතුවා මදි (ස)
එල කිරි කන්ගැට්ටා (ස)
අන්තෝජඨා, බහිජඨා......(ස)
ඉතිරි ටික ලබන සතියේ (ස)
අන්තෝ ජටා, බහි ජටා.. බොරුවේ උපත ඔය කුණුබක්කියේ තිබුනේ නැද්ද? (ස)
හොඳටම විශ්වාසද ? (ස)
මේවා දැකලා පණ යන තරමටම මට හිනා (ස)
මෙහෙමත් මිනිස්සු
අනේ අපිටද පිස්සු.. (ස)
අලුත්ම රූපවාහිනී ටෙලිනාට්‍යය , හොරා ඇතුලේ - බඩු එළියේ (ස)
දැන් කෝ ඔය කුණු බක්කිය අතඩංගුවට ගත්තද? (ස)
මේකේ අගක් මුලක් තේරෙන්නේ නෑනේ (ස)
අනේ මටනම් මේක තේරෙන්නේ නෑ (ස)
මෙහෙම මිනිස්සු ඉන්නවද (දී)
මට මේ මොකුත් තේරෙන්නේ නැහැ. (නි)
මේවා බලන අපිටයි පිස්සු හැදෙන්නේ. (නි)
වටිනා ලෝහ වෙන්න ඇති නේද (දී)
මාරයි නේ
මට පැහැදිලි මදි
අයියෝ කඩූ
අයියෝ සල්ලි