දෙසැම්බර් පළමුවැනිදාට නියමිත එක්සත් ජාතික පක්ෂ මහ සමුළුවට පෙර අතුරු වාරණයක් ගැනීමට එජාපයේ විනය කැඩූ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීන් තිදෙනෙකුට හා පළාත් සභා මන්ත්‍රීන් දෙදෙනෙකුට අද නොහැකි විය. කොළඹ හයික් පිටියේ දී එක්සත් භික්ෂු පෙරමුණේ හා හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමට පක්ෂයේ නියමය නොතකා ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන පාලිත රංගෙ බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම , අශෝක් අබේසිංහ , පළාත් සභා මන්ත්‍රීන් වන ශිරාන් ලක්තිලක හා මෛත්‍රී ගුණරත්න මහත්වරු පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව අතුරු වාරණයක් පතමින් ගල්කිස්ස දිසා අධිකරණයට පැමිණිලි කළහ. දිසා විනිසුරු ප්‍රදීප් එම් අබේරත්න මහතා පැවසුවේ වගඋත්තරකරුවන් සිය විරෝධතා දැක්වීමට කල් ඉල්ලා ඇති හෙයින් ඊට ඉඩ දිය යුතු බවයි. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා මහ ලේකම් තිස්ස අත්තනායක මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ වරුණ මල්ලවාරච්චි කියා සිටියේ විරෝධතා ගොනු කිරීමට මාසයක් අවශ්‍ය බවයි. ඒ අනුව දෙසැම්බර් 14 වැනිදාට විභාගය කල්තැබූ විනිසුරු අබේරත්න මහතා සජිත් ප්‍රේමදාස හා දයා ගමගේ මහත්වරුනට යළි නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුලල්කා ගන්නේ නැතුව ශක්තිමත් විපක්ෂයක් හදන්න (ස)
ඒක නම් හොදයි
එපා කියද්දි මොන එහෙකට ගියාද ? (ස)
එක්සත් ජාතික පක්ශය තිබුනෙ 70 ගණන් වලනේ තාම ඒක තියනවද?? (ස)