අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළැයි සැකපිට අත්අඩගුවේ සිටින චන්දන සම්පත් අත්තටගේ (සම්පත් අත්තටගේ) ඇතුළු පස් දෙනා ජනවාරි 10 වැනි දින තෙක් නැවතත් රිමන්ඩ් කරන ලෙස කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.
මෙම සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරියකගෙන් ප්‍රශ්න කරගෙන යන බව රහස් පොලිසිය අධිකරණයට දැන්වුවාය.
ප්‍රධාන සැකකරුගේ සහායකයකු වන ලක්ෂාන් ජයසිංහ, නයිවල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු වන සිරිවර්ධන ජයසේන, නයිවල රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන නිරෝෂන් සංජීව, සහ විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු මංගල ප්‍රිය ශාන්ත සෙසු සැකකරුවෝ වෙති.
මෙම සිද්ධිය සුළු කොට තැකිය නොහැකි බවත් විභාග රහස් විභාගයට කලින් පිට කිරීම විශාල වරදක් බවත් මහේස්ත්‍රාත්වරිය පැවැසුවාය.
අත්තටගේ ඇතුළු සැකකරුවනට ඇපදෙන ලෙස ඔවුන්ගේ නීතිඥවරු ඉල්ලූහ. ඔවුනට ඇප දීමෙන් විභාගයට පෙනී සිටි සිසුනට ලොකු අගතියක් වන බව මහේස්ත්‍රාත්වරයි ප්‍රකාශ කළාය. ඇප ප්‍රතික්ශේප කළ මහේස්ත්‍රාත්වරිය අත්තටගේ ගෙන් හා ටියුෂන් ගුරු සිරිවර්ධන ජයසේන ගෙන් තව දුරටත් ප්‍රශ්න කිරීමට රහස් පොලිසියට අවසර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ අත්දැකීමෙන් අනුමාන කිරීමේ ශක්තිය ගැන ගල් පැලෙන බොරු ඇදබාන්න කෙනෙක් දැන් නම් කුලියටවත් හොයාගන්න බැරිවා වගේ. (නි)
දැන්නම් අත්තට 'ගේ' වත් තියෙනවා. නඩුව අවසන් වෙද්දි 'ගේ' තියා ඉඩමවත් ඉතුරුවෙලා තිබේවිද සැකයි. (නි)
මෙවන් අයට ගුරු වෘත්තිය තහනම් කළ යුතුයි. (නි)
ප්‍රශ්ණ 19 ක් අනුමාන කළ මෙයාට මේක අහුවෙයි කියලා අනුමාන කරන්න දැනුමක් තිබිලා නැද්ද? (නි)
එයාටත් මොකක් හරි බලයක් ඇති (ස)
එයා දැන් රිමාන්ඩ් එකෙත් ටියුෂන් දෙනවද දන්නෙ නැහැ නේද? (නි)
මෙයාගේ තටු ගලවන්නයි තිබුණෙ...!(නු)
අනේ අපේ රටේ රහස්? (නි)
ගුරුකමෙන් හොරකමට... (නි)
කාන්තාවක් නොසිටියොත් ඒක අඩුවක් (ස)
අයියෝ! (නි)
පුලුවන් නම් විභාගය නැවතත් තියන්න. අශ්වයා ගිය පසු ඉස්තාලය වසා වැඩක් නැත. (නි)
මෙයාට දෙන්න ඕනෑ දඩුවම තමයි සර්කස් වල කඩු ගිලින වැඩේ..! (නි)
තණ්හාය ජායතී සෝකෝ! (නි)
මේ ගුරුවටයට බැනලා වැඩක් නෑ . මේක මෙයාට ගෙනැත් දීපු නිලධාරියා අල්ලාගන්න (ස)
අපේ රටේ කොතන ගියත් හොරු.. (ස)
කවුද ඔය නැවත විභාගේ තියන්න කියන්නේ . දැනටමත් ලකුණු දාලා ඉවර ඇති (ස)
යළිත් ඔවුන්ට ගුරු වෘත්තිය තහනම් කළයුතුයි. (නි)
ඊළග පාර ප්‍රශ්න 45ම පිටකරන්න.. එතකොට ලකුණු 45ක් ලැබිලා හැමෝම පාස් වෙනවා.. එතකොට සාක්ෂරතාවය ඉහළයි කියන්නත් පුළුවං නේ..(නු)