අපොස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්න 18ක් විභාගයට පෙර අනුමාන ප්‍රශ්නපත්‍රයකින් රුපියල් දහස ගණනේ මුදල් අය කර ලබා දුන් උපකාරක පන්ති ගුරුවරයා විභාගය ආරම්භ වීමට පෙර දින පළ කළ ප්‍රසිද්ධ සඟරාක ඔහු නමින් පළවූ අනුමාන ප්‍රශ්න පත්‍රය අතර ලොකු වෙනසක් ඇතැයි ද, පන්තියට දුන් ප්‍රශ්න දහ අටෙන් එකක්වත් එහි නැති බව ද ගුරු සංගම් කියයි. මේ ගුරුවරයා බස්නාහිර පළාතේ ප්‍රධාන නගර කිහිපයකම උපකාරක පන්ති කරන බව කියති. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ එම ගුරුවරයා සාමාන්‍යක පෙළ ප්‍රශ්න පත්‍රයේ අඩංගු ප්‍රශ්න පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ ලබා දුන්නේ සිය අත්දැකීමෙන් අනුමාන කර නම් 10 වැනිදා පළ කළ සඟරාවේ එම අනුමාන ප්‍රශ්න 18 නොතිබීම ගැටලුවක් බවයි. මේ අතර විභාග මධ්‍ය ස්ථානයක් පැවති රාගම පාසලක විදුහල්පතිවරයකු සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයට පෙර දින සවස එම විද්‍යාලයට සිසුන් පිරිසක් ගෙන්වා උගන්වා ඇති බවත්, ඒ සඳහා එම විද්‍යාලයේ සිසුන්ට අමතරව වෙනත් විද්‍යාලවල සිසුන් ද සහභාගී වී ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ඒ ගැන විදුහල්පතිවරයාගෙන් ලංකාදීප කළ විමසීමකදී පැවසුවේ වසර 30ක පමණ අත්දැකීමක් ඇති තමා එලෙස විෂය කරුණු සාකච්ඡා කළත් අනුමාන ප්‍රශ්න සාකච්ඡා නොකළ බවයි. ගුරු සංගම් කියනුයේ විභාග මධ්‍යස්ථානයක එලෙස කටයුතු කිරීම සාධාරණීකරණය කළ නොහැකි බවයි. සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර උපකාරක පන්තියක උගන්වා ඇතැයි ද, මීගමුවේ උපකාරක පන්තියක ද එවැනි ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කර ඇතැයි ද කියති. මෙවැනි ජාතික ප්‍රශ්නයක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ කල්මැරීමේ පිළිවෙත ගැන විවේචනය කරන ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවුනේ නැතැයි කීමට අධ්‍යාපන ඇමතිවරයා සහ විභාග කොමසාරිස්වරයා උත්සුක වුවත් මේ සිද්ධිය ගැන ඔවුන් පසුගාමී පිළිවෙතක් අනුගමනය කරන බවයි. විභාගය ලියමින් සිටියදී උත්තරයක් දෙකක් කොපි කළ සිසුවකුට දීර්ඝ කාලයකට විභාග තහනම් කිරීමට දෙන ප්‍රමුඛත්වයවත් ජාතික වැදගත්කමකින් යුතු විභාගයක ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න කොපිකර විභාගයට පෙර ලබා දීම සෙවීමට නොදක්වන බව ද ගුරු සංගම් නියෝජිතයෝ පවසති. ප්‍රශ්නපත්‍ර පිටවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවට දිගින් දිගටම එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමසීමට විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා සම්බන්ධ කර ගැනීමට දින කිහිපයක් තිස්සේ දිගින් දිගටම උත්සාහ කළත් එය අසාර්ථක විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා පැවසුවේ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකුගෙන් ද රහස් පොලීසිය ප්‍රකාශ සටහන් කර ගත් බවයි. මේ වන විට 25කටත් අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද ඒ මහතා කීවේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් මැතිවරණ ප්‍රතිපලත් කලින් පිට වෙයි.(නු)
පරණ දේවල් අමක කරලා දැන්වත් හෙට තියෙන වැඩ ගැන සැළසුම් කරමුද ? ගුරුවරු කියන්නේ හොරු නොවෙයි. ඒ අයට අයට අනුමාන ප්‍රශ්න හදන්න පුළුවන්. (ස)
මේ හැම දෙයකින්ම තැලෙන්නේ ලංකාවේ අසරණ ළමයි (දී )
අධ්‍යාපන ඇමතිතුමයි උසස් අධ්‍යාපන ඇමතිතුමයි හුගාක් හොදයි.(නු)
හරියට උගන්නනව නම් ටියුෂන් මොනව කරන්නද? ගුරුවරුන්ට උගන්නන්න දෙන්නෙ නැත්තෙත් කවුද කියලා ඔයාලම දන්නවනේ (ස)
"උපුල් පරණ දේවල් අමක කරලා දැන්වත් හෙට තියෙන වැඩ ගැන සැළසුම් කරමුද ? ගුරුවරු කියන්නේ හොරු නොවෙයි. ඒ අයට අයට අනුමාන ප්‍රශ්න හදන්න පුළුවන්" දක්ෂ සිසුන් දෙන්නෙකුටත් එකම ප්‍රශ්නයට එකම උත්තරය දෙන්න පුළුවන්, එත් කොපිකරලා ලියපු උත්තරයක් අඳුනාගන්න දන්නා කෙනෙකුට බැරිද? (ස)
නියමයි අයෙමත් O/L ලියන්න තිබුණානම් (ස)
එ කියන්නෙ උගන්වන්න ඕනැ ප්‍රශ්න පත්‍රයට නොඑන එවා විතරද? ඉලක්ක ප්‍රශ්ණ හදන්න බැරිනම් ගුරුවරයෙක් වෙන්බැහැ. නමුත් විද්‍යාව ප්‍රශ්න පත්‍රය නම් එයා හදපු එකක් කියනව නම් ඒක විහිළුවක් කියලයි මට හිතෙන්නේ (ස)
මේවා පාලනයේ දුර්වලතාවය නිසා සිදුවන දේවල්. (නි)
බලධාරීන්ගේ නොහැකියාව තමයි..!(නු)
පරිනත ගුරුවරයෙකුට ඕනෙම විශයකට ගැලපෙන ප්‍රශ්න පත්‍රයක් හැදීමේ හැකියාව 40% පමණ වේ (ස)
අනුමාන ප්‍රශ්ණවල විෂය කරුණු විතරක් සමාන නම් ඔහු හොරකම් කළා කියන්න අමාරුයි. ඒත් රූප සටහන්, වරණ , වචන පිළිවෙල සමාන වෙන්නෙ කොහොම ද? කොතනකවත් හොරුන්ට සහය දෙන්න ඒපා. (ස)
මට තියෙන ප්‍රශ්ණය කෙනෙකුට අනුමාන කරන්න පුලුවන් විදහට ඒකම රටාවකට ප්‍රශ්ණ හදන්න විභාල දෙපාර්තුමේන්තුවක් ඕන ද? ඊලග විභාගයට ඒන ප්‍රශ්ණ අනුමාන කළ හැකිනම් ඒක විභාගයක් ද?(නු)
මට තියෙන ප්‍රශ්ණය කෙනෙකුට අනුමාන කරන්න පුලුවන් විදහට ඒකම රටාවකට ප්‍රශ්ණ හදන්න පුළුවන්ද ඊලග විභාගයට ඒන ප්‍රශ්ණ අනුමාන කළ හැකිනම් ඒක විභාගයක් ද? (ස)
ඉන්ද්‍රජිත්ගේ, හක්කේ බුදුරැස්, බොක්කේ දඩමස්. (නි)
සුදුස්සාට සුදුසු තැන ලබා නොදීමේ විපාක.. මමත් අවුරුදු දහයක් විභාග දෙපාර්තමේන්තුවෙ වැඩ කළ කෙනෙක්..!(නු)
මේක ගුරුවරුන්ගෙ වරදක් නොවේ. නමුත් රටේ තියෙන අවිදිමත් බවයි පේන්නේ . කිසිම වැඩක් ක්‍රමානුකූලව නොකෙරෙන බව තමයි මෙවැනි දේවල් වලින් පෙන්නුම් කරන්නෙ. (ස)
මෙගොල්ලො ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්නපත්‍ර පිටවුනා කියල ඝෝෂා කරලා නේ. සාමාන්‍යපෙල ඇත්තටම පිටවෙලානේ ඒකට කෑගහනව. ඔය අපි කෑගහල තමයි පරීක්ෂණ කලේ කියන්න. (නු)
වහාම වැරදි කරුවා සොයා දඩුවම් දෙන්න (ස)
උසස් පෙළ ශිෂ්‍යත්වය සාමාන්‍යලෙ ඔක්‍කොම හරි කාට කියන්නද?(නු)
මේක ළමයින්ගේ අනාගතය තීරණය කරන කඩ ඉමක්. මේ වගේ විභාගයක්වත් හරියට තියාගන්න බැරිද? (ත)
ඇත්තටම අත්දැකීම් ඇති දක්ෂ ගුරුවරයෙකුට අනුමාන ප්‍රශ්න ගැන අනුමාන කරන්නට බැරිද? (නි)
කවුද හරි.... කවුද වැරදි.... මොනවා උනත් ළමයි තමයි අසරණ (දී)
ස්ටාලින් මහතාගේ වචන රන් වටී. ඔබගේ ගමන නැවැරදියි. සුභ පතමි. (ත)
ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනය අදුරු කරන්න මතෙරම් දගලන්න එපා.. බුද්ධිමත් ලෙස හිතන්න.!(නු)
තාක්ෂණය දියුණුයි ඉස්සරහට තව වැඩි වෙයි...(නු)
අපේ ගුරුවරුන්ට තාම ඔය රට අදුනගන්න බැරිඋනානේ.. එහෙමනම් අපිත් ගොඩනේ.!(නු)
අපොයි! මෙහෙම ගියොත් ලංකාවේ උගත්කමිනුත් කිසිම ප්‍රයෝජනයක් නැතුව යයි. (නි)
ගුරුවරුත් හොරු වෙලාද (ස)