නිරිතදිග ප්‍රංශයේ ටැම් ගංගාවේ අඟුළු වර්ගයේ මත්ස්‍ය විශේෂයක් ගඟෙහි දිය නෑමට එන පරෙවියන් අල්ලා ගන්නට පුරුදු වී ඇති බව කියවෙන වාර්තාවක් පුවත්පත්වල පලවිය.
මේ සඳහා මාළුවන් ටික වේලාවක් ජලයෙන් පිටතට පැමිණීමට ද පුරුදුවී සිටිති. අල්ලාගන්නා කුරුල්ලන් දියයටට ගෙන ගොස් ගිල දමති.
මේ මාළුවන්ගේ අපූර්ව ආශ්චර්යය පාරිසරික බලපෑමක් මත ඇබ්බැහි වූවක් ද කියා පරීක්ෂා කර බැලීමට පත් කළ කමිටුවක් සොයාගත් තොරතුරු පසුගියදා ප්‍රසිද්ධියට පත් කැරිණි.
යුරෝපයේ ලොකු අඟුළුවන් මීටර් එක හමාරක් තරම් දිගට වැඩෙන අතර කිලෝග්‍රෑම් 100කටත් වඩා බර වෙයි. සාමාන්‍යයෙන් අඟුළුවන් දිය යට ඇති අනෙක් ජීවීන් ආහාරයට ගිනියි.
ටැම් ගංගාවේ අඟුළුවන් දියෙන් පිටතටවිත් සත්ව දඩයමට ඇබ්බැහිවූයේ කුමන හේතුවක් නිසාදැයි හරි නිගමනයකට පැමිණිය නොහැකි බව කමිටු වාර්තාවේ සඳහන්ව ඇත.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අඟුළුවා පරෙවියන් අල්ලයි
චන්ද්‍රසිරි Monday, 10 December 2012 01:47 PM
මාළු අතරින් ඔය එක්කෙනෙක් විතරයි. තව ඔය වගේ කොච්චර ඇත්ද (දී)
උපුල් Monday, 10 December 2012 02:42 PM
අගුලුවන්ටත් ආහාර අර්බුදයක් වගෙයි. (නි)
නිරාන් Monday, 10 December 2012 10:07 AM
හරියට අපේ අය වගේ (ස)
සමන් Saturday, 15 December 2012 02:11 PM
ඒක එයාගේ වැඩක්නේ. අපිට මොකෝ? (නි)
සහම් Monday, 10 December 2012 10:39 AM
http://www.youtube.com/watch?v=5munK0-kSOI මෙන්න මාළු (ස)
ඉර්ෆාන් ධර්ම Monday, 10 December 2012 10:48 AM
මෙහි රුප පෙළ නැරබීමට http://www.youtube.com/watch?v=5munK0-kSOI (ස)
නිපුන් Wednesday, 12 December 2012 10:31 AM
අනේ පවු පරෙවියා! (නි)
සවින්ත Monday, 17 December 2012 07:57 PM
මොකාද මේ තඩි මාලුවා? (නි)
මාලා Monday, 10 December 2012 04:57 PM
මට සිහිවෙනවා චාල්ස් ඩාවින්ව. (නි)
ලලිත් Monday, 10 December 2012 05:22 PM
පරෙවි දඩයම (දී)
උදුගොඩ Sunday, 16 December 2012 07:47 PM
පුදුම මාලුවෙක්නේ මූ. (නි)