අගවිනිසුරුවරියට ඉදිරිපත් කළ චෝදනා 14න් 5ක් විභාග කළ බවත්, ඉන් තුනකින් ඇය වැරදිකාරිය වී දෙකකින් නිදහස් වූ බවත් තේරීම්කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ නඩුව විභාග කරමින් සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරානි තිලකවර්ධන මහත්මිය ඉන් ඉවත් කිරීමට අගවිනිසුරුවරිය වශයෙන් බලතල පාවිච්චි කළැයි ඇය වැරදි කාරිය කැරිණි. ජාතික සංවර්ධන බැංකුවේ (එන් ඩී බී) ගිණුමක් හා විවිධ බැංකුවල තවත් ගිණුම් 20ක් ද සම්බන්ධ වත්කම් හා බැරකම් වසං කළැයි කියන චෝදනාවට ද ඇය වැරදිකාරිය වූවාය. අගවිනිසුරුවරියගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම්ට එරෙහි අල්ලස් හා දූෂණ නඩුව විභාග කිරීමට නියමිතය සිටි මහේස්ත්‍රාත් මාරු කිරීමට අගවිනිසුරු වශයෙන් තම බලතල පාවිච්චි කළැයිද ඇය වැරදිකාරිය වූවාය. සෙලින්කෝ සමාගමේ දේපළ මිලදී ගත් බවට ලැබුණු චෝදනාවෙන් ඇය නිදහස් වූවාය. එමෙන්ම ජාතික සංවර්ධන බැංකුවේ (එන් ඩී බී) රුපියල් තුන්කෝටි හාර ලක්ෂයක රට සල්ලි තැම්පත් කළැයි කියන චෝදනාවෙන්ද ඇය නිදහස් වූවාය. ඉතිරි චෝදනා කමිටුව විසින් විමර්ශනය නොකැරිනි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත්ව සිට එකපාරටම කෝටිපතියන් උනේ කොහොමද කියලා සොයා බලන්න සමහරු.. ඒ ජනතා අධිකරණයට බාරයි.. ජනතා අධිකරණය දඩුවම් බරපතලයි..!(නු)
සොබාදහම අනුව වෙන දේවල් වෙයි.. අපි බලාගෙන ඉමු..!(නු)
තේරීම් කාරක සභාවෙන් විපක්ෂය ඉවත් වුණ නිසා ඉබ්බ දියේ දැම්ම වගෙ අපක්ෂපාතී වෙන්න ඇති....ඉතුරු ටිකටත් එහෙමම වෙයි. බලමු අගවිනිසුරු තුමිය ගන්න පියවර.(නු)
පරමාධිපත්‍ය..!(නු)
පහෙන් දෙකක් දිනුවා නම් අනෙක්වා විභාග කාලනම් කොහොමත් දිනුම්.. ඇයි ඒවා විභාග නොකළේ... අවාසි වෙන නිසා.. අසාධාරණයට එරෙහි වෙමු.. කොන්ද කෙලින් තියෙන මිනිසුන් පාරට බහිමු.. අගවිනිසුරුට කරන දේ අනිත් මිනිස්සුන්ට කරන්න දෙපාරක් හිතන්නේ නැහැ..!(නු)
නතර වෙන්න එපා සාධාරණය වෙනුවෙන් සටන් කරන්න (දී)
ඉනිමගට පයින් ගැහුවාම ඔහොම වෙනවා.. තනතුරු ගන්නකොට නම් ඉතාම පක්ෂපාතීව ගන්නවා.. ටික දවසක් යනකොට සේරම අමතකයි..!(නු)
ආන්ඩුවට විරුද්ද උන ගමන් බලයට එන්න බලාගෙන වැලේ වැල් නැතිව ඉන්න අය එයාව කරට ගන්නව..මෙවා වලින් මෙ ආන්ඩුව පෙරලන්න හිතනවනම් ඒක මුලාවක්..තව ටික දවසකින් පෙනේවි මෙයාව වට කරගන්නෙ කවුද කියල…ෆොන්සෙකට වෙච්ච එකෙ අනිත් එක මෙයාට වෙන්නෙ(නු)
අනේ ඩිලාන්, ඔයාම කියන්නකෝ එහෙනම් මේ යුද්දේ ඇති උනෙත් අවුරුදු 30 යනකල් ඉවර කර ගන්න බැරි උනෙත් අපේ කොන්ද හයියට තිබුන නිසාද කියල. අපි කවුරු කවුරුත් බොරු පුරාජේරුව පැත්තකින් තියල ඇස් දෙක ඇරලා වෙන්නේ මොනාද කියන දේ තේරුම් ගන්න කල් මේ රටට කවදාවත් දියුණුවක් වෙන්නේ නෑ.(නු)
ඇයි අනෙක්වා විභාග නොකලේ..?(නු)
අෙන් අෙන් ශ්‍රී ලංකාෙව් තරම රට්ටු ෙමානවා හිතයි ද ? අගවිනිසුරුට විරුද්ධව සාමාන්‍ය මිනිෙසක් නඩු අසයි. ෙමෙහව් රටකද අපි ඉන්ෙන්. ?
ඔය කාරක සභාවට බැරිද රටට අවශ්‍යම වෙලා තියෙන එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න..!(නු)
ලේසි වෙන එකක් නැහැ (දී)
අපේ නඩුත් මෙහෙම දවසින් දෙකෙන් ඉවරයක් කරලා දෙන්නකෝ..!(නු)
දවස් දෙකෙන් නඩු විසදන්න පුළුවං රටක් දැක්කෙ අදයි.. අපේ අය ඡන්දෙ දුන්නේ මේ වගේ අයටනේ..?(නු)
කවුද මෙතුමිය පත් කලේ...? අපිද? (ස)
සැමට පෙර කාරක සභාවේ ඉන්න උත්තමයන් ගැන පරීක්‍ෂණයක් කළොත් නරකද? (නු)
දැන් මොකද කරන්නේ (දී)
හෙට ඉර පායයි ද?(නු)
කිසිම මනුෂ්‍යක් වැරදි කරලා නැති අපේ රටේ මෙතුමිය කරලා තියෙන බරපතල වැරුද්දක්.. මේ ධර්ම රාජ්‍යයේ ඕවා වෙන්න දෙන්න බැහැ.!(නු)
අගවිනිසුරු වැරදිනම් එම තනතුර එයාට සුදුසු නැහැ.. වැරදිකල බව දන්න නිසා තමයි අගවිනිසුරුතුමිය මේ තරම් කළබල..!(නු)
කරන්න දෙයක් නැහැ දැන්. විධායකයට පත්විය හැකි වාර ගනනට තිබුණ සීමාව ජනමත විමසීමකින් තොරව තුනෙන් දෙකේ ඡන්දෙන් ඉවත් කිරීම අනුමත කලේ කවුද ? දැන් බලන්න ඉස්සරහට වෙන දේ. කවුද රටේ උත්තරීතර වෙන්නෙ කියලා. (ස)
මේ කට්ටියගෙන් මීට වඩා මොනවාද බලාපොරොත්තු වෙන්න (නු)
රටේ අගවිනිසුරු කෙනෙක් වෙන්න එයා මොන තරම් විභාග පාස් වෙන්න ඔනද මොන තරම් උපාධි ලබා තියෙන්න ඕනද? එහෙම කෙනෙක්ගේ නඩු කොහොමද මේ අපේ පාර්ලිමේන්තුවෙ ඉන්න අය විසදන්නෙ..?(නු)
නඩුව ඉවර වෙන්න කලින් අපි නම් දැනගත්තා තීන්දුව ගැන. (නි)
ලොකු දඩුවමක් දෙයිද (දී)
ලංකාවේ ඉන්න සමහරු තමන් තමන්වම ගස් බැද ගන්නවා. තවත් සමහරු තමන් තමන්ටම ගහගන්නවා. (නි)
වත්කම් බැරකම් හරියටම පෙන්නලා තියෙන්නෙ කවුද මේ කාරක සභාවේ හෝ පාර්ලිමේන්තුවේ? කවුරුත් නැහැ. බලමු මොනවද වෙන්නෙ කියලා. මොකක් හරි වැරැද්දක් මෙතුමියගෙත් තියෙනවද දන්නෙත් නැහැනේ. ගින්නක් නැත්තම් දුමක් නඟින්නෙත් නෑලුනේ. (නි)
කණගාටුයි ශ්‍රියානි මහත්මිය (දී)
දැන් මොකද කරන්නේ (දී)
ලංකා ලෝක සිතියමින් ඉවත් වුණත් මට නම් කමක්නැහැ. (නි)
ඔන්න තියෙනවා වැඩේ (දී)
ඔබ අපිට ශක්තියක් මැතිදුනි. (නි)
මම නම් පිලි ගන්නේ නැහැ ඒ තීන්දුව (දී)
මේ ලෝකෙ දෙවියො බුදුන් ඉන්නවා නම් ...........? (නි)
මහතිවරුනි, අගවිනිසුරුතුමියට පොදු අපේක්ෂකත්වයක් ලබා දෙමුද? (නි)
මෙතරම් ඉක්මණින් නඩු අසා තීන්දු දීමට හැකියාවක් ඇති මෙම කාරක සභාවේ අය මහාධිකරණයේ විනිසුරුවන් ලෙස වහා පත් කළ යුතුයි. (ස)
අගවිනිසුරුතුමිය පවු. (නි)
ලම්බෝගිනි තිබ්බට අපිට හිමි බඩගිනි විතරයි. නීතියක් නැහැ (දී)
යුද්ධය දිනුවේ අපේ තරුණ කොල්ලෝ කෙල්ලෝ නිසයි. (නි)
පළමුව අනෙක් කට්ටියගේ වත්කම් ගැන බැලුවානම් තමයි හොද. (නි)
මදැයි උනා (දී)
හැමෝම ජනතා පරමාධිපත්‍ය කිය කියා ජනතාවගේ සල්ලිවලින් යැපෙනවා , ලබන සැරේ ජනතා පරමාධිපත්‍ය අපි පෙන්නන්නම්. (නි)
“ අඹ ගෙඩියක හැඩේ ගත්ත අරුම පුදුම රටක් තියෙනවා ඕයි “. සුදුස්සෝ ඉදිද්දී පුස්සෝ සුදුස්සෝ වෙද්දි රට යන මග අපි දන්නේ නෑ. (ස)
චෝදනා කියක් තිබ්බාද (දී)
මේ නැතිකරන්නේ ශිරාණි බණ්ඩාරනායකගේ අයිතිය නොව,මේ නැතිකරන්නේ ජනතාවගේ අයිතියයි. (නි)
බලමු අන්තිමට මොකද වෙන්නෙ කියලා. (නි)
කොන්ද පණ තියෙන ජනතාවට තීරණයක් ගන්න නියම වෙලාව. ජනතාවනි, නීතිය අතට අරගෙන එළියට බහිමු. හොරුන් එළවමු. (ස)
බොළඳ චෝදනා. අගවිනිසුරුවරියට දළඳා සමිඳු රැකවරණයි. (ස)
වැරදි තුනක් වුණත්, අන්තිමේ ඔක්කොම වැරදියි. (නි)
අනේ ඔය චෝදනා අපේ ගරු ඇමතිතුමාලට නැද්ද ? මම දන්නේ නැති නිසයි අහන්නේ. ඒවා විභාග කරන්න ඕනෑ අපිද ? අනේ මාවත් ඔය කමිටුවට ගන්නකෝ (ස)
අයියෝ සල්ලි
කරුණාකර මේ ගැන සොයා බලන්න (දී)
මැය වරද කරුවෙක් නම් ඇයි පත් කලේ (දී)
@ අචිනි, මේ රටේ කොහෙද හලෝ කොන්ද පන තියන ජනතාවක්? (ස)
හරි ඇය වැරැදිකාරියෙක් යැයි හිතමුකෝ....එතකොට උතුරු මැද ඔයාමඩුව කාපට් ගැහිල්ලෙන් කෝටි ගණනක් ගිලපු අයට දෙන්න යන තීන්දුව මොකක්ද ? (ස)
දේශපාලකයෝ හැර අනෙක් සියල්ලෝ ම වැරදි කළෝහු නම් දඬුවම් විඳිය යුත්තේය. (දී)
බැංකුවල ඇති ශුන්‍ය ගිණුම් ඔය කමිටුවේ අයගේ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් ප්‍රකාශවල සදහන් කර තිබෙනවද? වත්කම් පණතට අනුව යමෙක් ඉදිරිපත් කර ඇති වත්කම් ප්‍රකාශ ඇතුළත් සීල් තබනලද කවරය ගලවා බැලීමට විශේෂ අවසරයක් ගත යුතුවේ. එම අනුමැතියෙන් තොරව ප්‍රකාශ බැලීම නීති විරෝධී ක්‍රියාවකි. දෝෂාභියෝගය ඉදිරිපත් කිරීමේදී එම ක්‍රියාමාර්ගය අනුගමනය කළාදැයි පැහැදිලි නැත. (නි)
දෙයියෝ සාක්කි (දී)
කහවත්තෙ ඝාතකයින් අල්ලන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි උසස් පොලිස් නිලධාරීන් මාරු කිරීමට වගකියන්න ඕනෑ කට්ටියට බැරිද දෝෂාභියෝගයක් ගේන්න? (නි)
මේකේ අවසාන තීන්දුව කලින්ම සමහර අය දන්නවා. මේවා ඔක්කොම කොන්දේ බැඳපු චීනුන්ට හොදයි. උසාවි වල තිබෙන නඩු ටිකත් මේ අයට දුන්නා නම් නඩු ගොඩක් ඉක්මනට ඉවර කර ගන්න පුළුවන් වේවි. (නි)
මහා අපරාධයක් (දී)
දෙයියෝ සාක්කි (දී)
අපේ කණගාටුව! (නි)
හරි දැන් එහෙනම්, අනෙක් දූෂණ එහෙමත් විභාගයට ගනිමුද? බහිමු පාරට... (නි)
ජනතාවට කියන්න තියෙන්නේ කුම්බලා මාලු කාපු බළලට කියපු එක තමයි. (නි)
ඔය තීන්දුව ගැන අපි නම් කල්තියාම දන්නවා. (නි)
කොන්ද පණ තියෙන ජනතාවට තීරණයක් ගන්න කාලය හරි. (නි)
මේ න්‍යායට කියන්නේ මොකක්ද කියලා කියන්න පුලුවන්ද? (නි)
අනේ බලන්නකෝ මේ වැඩෙන් වෙච්ච දේ. (නි)
අගවිනිසුරුතුමිට මගේ උපහාරය! (නි)
"වසන්ත 2012-12-08 21:50:53 ඉනිමගට පයින් ගැහුවාම ඔහොම වෙනවා.. තනතුරු ගන්නකොට නම් ඉතාම පක්ෂපාතීව ගන්නවා.. ටික දවසක් යනකොට සේරම අමතකයි." ගැති කමෙත් සීමාවක් තියාගන්න. වීර කැප්පෙටිපොල නිලමේ තුමාත් මුලදී සුද්දන්ගේ හමුදාවට එක්වී සිට ඇත්ත තෙරුනාමයි සිංහලයාගේ සටනට නායකත්වය දෙන්න ආවේ. තණතුරු දුන්නට කලගුණ සලකමින් හිටියානම් කැප්පෙටිපොල කියලා වීරයෙක් කෝ? (දී)
මට දැන් හැමදේම ගැන ඇතිවන්නේ කළකිරීමක්. (නි)
මේ රටේ මිනිස්සු ළගදිම යමක් කරයි. කාලය ළගයි ජනතාවනි. (නි)
සාධාරණය විතරයි අපිට අවශ්‍ය (දී)
අයියෝ සල්ලි
ඔය විභාග කරපු අය කිසිම වරදක් කරලා නැතිව ඇති..!(නු)
මේ වෙනුවෙන් ජනතා බලවේගයක් ක්‍රියාත්මක කරන්න (දී)
ජනතාවට අවශ්‍ය කෙනෙක් පත් කරන්න බැරිද (දී)
ඒ දුන්න තීන්දුව අපිට බාර ගන්න සිද්ද වෙනවා (දී)
කාට කියන්නාද මේ දුක (දී)
හරියට හොයලා බැලුවා නම් ඔය කාගේ කාගේත් කිල්ලෝට වල හුණු ටික ටික තියෙනවා. (නි)
තනතුර දාල යන්න (දී)
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. තව ගොඩක් ගොඩක් දේවල් හාමුදුරුවන්ගේ. (නි)
සාමාන්‍යයෙන් නඩු වලදී මොන විදියේ තීන්දුවක් ඒවිද කියල හිතාගන්න අමාරුයි. ඒත් මේ නඩුවේදී හැම කෙනෙක්ම දැන ගෙන හිටිය තීන්දුව මොකද්ද කියල. අපි මොන තරම් වාසනාවන්තද? (දී)
සාධාරණ විසදුමක් දෙන්න (දී)
මේ වගේ ඉක්මනින්ම හෙජිං ගණුදෙනුවත් ග්‍රීක මුදල් ආයෝජනය ගැනත් හොයන්න..!(නු)
මම ඒ තීන්දුවට විරුද්දයි (දී)
අපි කවදත් ඔබ සමගයි
තව ටිකකාලෙකින් ජනතාව හොද තීන්දුවක් දේවි..!(නු)
අයියෝ අගවිනිසුරු
ශ්‍රියානි මහත්මියට අපි සුභපතනවා (දී)
ඔබතුමියට ජයෙන් ජය! (නි)
මේ කමිටුවෙ ආණ්ඩුවෙ හත්දෙනා වැරදි කරලා නැහැ..!(නු)
අගවිනිසුරුතුමියගේ වැරදි හොයන්න කලින් කරන්න ගොඩක් වැඩ තිබුණා..!(නු)
අමිල, ඇයි නැත්තේ? මේ වැඩේ අපි බාරදෙමු නිල නොවන පොලිසියට. (නි)
අනේ අපේ අගවිනිසුරුවරිය
නත්තලට බඩු මිළ ටිකක් අඩුකරලා. පොඩි ඇස්බැන්දුමකට අපේ මිනිස්සුන්ට ඕවා අමතක වේවිද? (ත)
අමිල ඔබ හරියටම හරි.. අචිනි අපේ රටේ ජනතාවට අනාගතේය කොන්දක් නැති වෙනවා.. මේ වේන දේවල්වල හැටියට..!(නු)
උතුරුමැද පාරෙන් කෝටි 350ක් ගහපු අයත් ඉක්මනටම අල්ලන්න.!(නු)
ත්‍රස්තවාදය ඉවර කිරීම කෙසේ වෙතත් ආයෙනම් ඡන්දේ හම්බෙන්නේ නෑ. (ත)
කනගාටුයි මටනම්
මෙහෙමත් දේවල්..!(නු)
අනේ අමිල, සිංහල අපේ කොන්ද පණ නැත්නම් අවුරුදු 30 ක යුද්ධයක් දිනන්නේ කොහොමද? ලැජ්ජයි. දේශපාලනය පැත්තකින් තියලා කතා ලියන්න. (නි)
අයියෝ සල්ලි
අයියෝ සල්ලි
තනතුර අයින් වන ලකුණු පහලවී ඇත (දී)
මුතුකුඩ, නිල නොවන පොලීසිය ක්‍රියාත්මක කරන්නේ අහවලානේ. ඒක හින්දා වැඩක් වෙන්නේ නැහැ. (නි)
ලංකාවෙ අයට යමක් තේරුම් ගැනීමට කල් යනවා වැඩියි.. මේ ගැන හරියට දන්නේ ටික දෙනයි.. මේ වෙනදේවලින් ලංකාව තවත් කොං වෙනවා. උගතුන් රට හැර යන එක වැඩි වෙනවා.. දැයේ දූ දරුවන්ට අනාගතයක් නැති වෙයි.. (නු)
ඕවත් වැරදිද? ඕනෙම ඒවායින් එතුමිය නිදහස්නේ.. ඊට වඩා වැඩ තියෙන්නේ අනිත් අයගේ..!(නු)
හේවා ශයා කියන්නේ ඒ අය එහෙමයි කියලා රටේ හැමෝටම ඒක කරන්න ඉඩ දෙන්න කියලාද?(නු)
අනේ මෙහෙමත් රටක්(නු)
අපි නම් නැහැ ඕවාට
අයියෝ සල්ලි
අයියෝ සල්ලි
අගවිනිසුරු කෙනෙක් ඉවත් කරන ක්‍රමය මොකද්ද (දී)
අභියාචනයක් ඉදිරිපත් කරන්න (දී)
ගොල්ඩන්කි නඩුවට මොකද වෙන්න් (දී)
ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට මාස ගණනකට පෙර පත්කළ කාරක සභාවට ද්‍රවිඩ සන්ධානයේ නියෝජිතයා පත්කළේ නැත කියා එය තවම වැඩ නතර කල ගමන්. එහෙත් මෙතුමිය අයින් කරන එක ලෝකෙන්ම වැදගත් වැඩේ නිසා වෙන්න ඇති, සාමාජිකයෝ හතරක්ම නැතිවත් රෑ එළිවෙනකොට රැස්වෙලා තීන්දුත් අරන් ඉවරයි....! ආස්චර්යේ ආස්චර්යේ...(නු)
නිතිය කියන්නේ මහා පුදුම දෙයක් (දී)
අපහාස කරනවට දෙන දඩුවම මොකක්ද එතකොට? (නි)
වැරදි කලානම් ඔහොම තමයි (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. නඩු අහන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද? (නි)
අර අහිංසක මිනිස්සු නොකා නොබී ඉතුරු කරගත්තු සල්ලි ටික බේරල දීල හිටියනම් හොඳයි නේද ඔක්කොටම ඉස්සෙල්ල.ඔබතුමියට ඒ පිනම ඇති (නු)