IMG-LOGO

අගවිනිසුරු කාරක සභාවට එයි

දෝෂාභියෝග යොජානාවට මුහුණ දීම සඳහා ආචාර්ය ශිරාණි බන්ඩාර නායක අගවිනිසුරු‍වරි සිය නීතිඥයින් සමග පෙරවරු 10.02 පාර්ලිමේන්තුවට පැමිණියාය. ඇය දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ කරුණු දැක්වීමට නියමිතය. අගවිනිසුරුවරිය සිනාමුසු මුහුණින් පාර්ලිමේනුතුවට එයි. පොලිස් ආකරෂාව තර කැර තිබිණි. ඡායාරූප ගැනීම තහනම් විය. ඇයට විරුද්ධව චෝදාන 14ක් විභාග කරන කාරක සභාව මන්ත්‍රීවරුන් 11 දෙනකුගෙන් සමන්විත වෙයි. රජයේ මන්ත්‍රීවරු 7 දෙනෙක් ද එජාපයේ මන්ත්‍රීවරු 2 දෙදෙනෙක් දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරයෙක් ද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ද එහි සිටිති. ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වාගේ උපදෙස් පරිදි නීලකන්දන් හා නීලකන්දන් නීතිඥ සමාගමේ නීතිඥවරු අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටිති. පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන මහතා මේ තේරිම් කාරක සභාවේ සභාපතිවරයායි. දෝෂාභියෝග යෝජනාව විභාග කිරීමෙන් තේරීම් කාරක සභාව වළක්වන්නැයි ඉදිරිපත් කළ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 107 (3) වගන්තිය පිළිබඳ අර්ථ නිරූපනයක් දෙන තුරු දෝෂාභියෝගය විභාග නොකරන ලෙස නිර්දේශ කරන බවයි. අධිකරණය හා ව්‍යාස්ථාදායකය අතර අන්‍යොන්‍ය අවබෝධය හා විශ්වාසය තිබිය යුතු බවයි.



අදහස් (0)

අගවිනිසුරු කාරක සභාවට එයි

ජනක Friday, 23 November 2012 10:22 AM

ඕක විභාග කරන්න ඉන්නෙ කවුද කියලා හොයලා බලන්න (ස)

:       0       0

රත්න Friday, 23 November 2012 10:46 AM

මීට වඩා "කන්ගැට්ටා" ට ගෞරව කරලා තිබුණා. ඔබතුමිය අද මුහුනදෙන්නේ රටේ අභාග්‍ය යුගයේ පලමු පියවරට. අපි ඔබ සමගයි. (ස)

:       0       0

සමන් ' Friday, 23 November 2012 04:27 PM

ඔබතුමියට අපි ඉන්නවා කවදාත්

:       0       0

අජිත් Friday, 23 November 2012 10:57 AM

අනේ අපේ උත්තරීතර ස්ථාන වලටත් වෙන දේවල් (ස)

:       0       0

ලුම්බිණි Friday, 23 November 2012 11:10 AM

මේ වගේ දේවල් වලට කියන්නේ ලෝකයට විහිලු සපයනවා කියල. (ස)

:       0       0

අචල Friday, 23 November 2012 04:45 PM

අන්න ඒ දේ හොදයි

:       0       0

ශමිල් Friday, 23 November 2012 11:23 AM

අනේ අනිච්චන් (ස)

:       0       0

නලීම් Friday, 23 November 2012 11:38 AM

රටේ ජනතාව ඔබතුමිය සමඟයි . ජය වේවා (ස)

:       0       0

මොහාන් Friday, 23 November 2012 11:46 AM

අපි ඔබ සමගයි (දී)

:       0       0

අමිල Friday, 23 November 2012 11:50 AM

ඒ තවත් ප්‍රශ්නයක් (දී)

:       0       0

අමිල Friday, 23 November 2012 12:02 PM

අයියෝ සල්ලි

:       0       0

ලංකා Friday, 23 November 2012 12:15 PM

ඊට පස්සේ (දී)

:       0       0

සදුන් Friday, 23 November 2012 12:48 PM

මේ කරන වැඩ වලින් වෙන්නෙ ලංකාව ලෝකය ඉදිරියේ තවත් හෑල්ලු වෙන එක තමයි. (දී)

:       0       0

නාමල් Friday, 23 November 2012 12:57 PM

උගත් අයට හිම් තැන නැත මේ ලංකාවේ වැඩකට නැති අයට තැන ඇත ලංකාවේ... අහෝ....ඛේදයකි..... (ස)

:       0       0

කිර්ති Friday, 23 November 2012 01:03 PM

වඩාත් හොදයි

:       0       0

නලින් Friday, 23 November 2012 02:22 PM

අගවිනිසුරුවරියට ජය වේවා, අද ලංකාවේ නිතිය නැතිකරලා තියෙන්නේ , තිතිය හරියට කරන විර කාන්තාවක් ඔබ. ජාතික සමිපතක් යුත්තිය අයුත්තිය කරනවා තරම් බරපතල පාපයක් ලෝකේ තවත් නෑ. බොරුවට බලය තියෙන්නේ බොරුකාරයෝ ඉදිරියේ පමණයි සත්‍යය ඉදිරියේ බොරුව පරාදයි. (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 23 November 2012 03:16 PM

මේජර් කෙනෙකුට ගැහුවා නම් මීට වඩා ගරුබුහුමන් ඇතිව විනිශ්චය සභාවට පැමිණෙන්න තිබුණා. මම මේ කියන්නේ මට හිතෙන දේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 483 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 643 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site