දෝෂාභියෝග යොජානාවට මුහුණ දීම සඳහා ආචාර්ය ශිරාණි බන්ඩාර නායක අගවිනිසුරුවරි සිය නීතිඥයින් සමග පෙරවරු 10.02 පාර්ලිමේන්තුවට පැමිණියාය. ඇය දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ කරුණු දැක්වීමට නියමිතය. අගවිනිසුරුවරිය සිනාමුසු මුහුණින් පාර්ලිමේනුතුවට එයි. පොලිස් ආකරෂාව තර කැර තිබිණි. ඡායාරූප ගැනීම තහනම් විය. ඇයට විරුද්ධව චෝදාන 14ක් විභාග කරන කාරක සභාව මන්ත්‍රීවරුන් 11 දෙනකුගෙන් සමන්විත වෙයි. රජයේ මන්ත්‍රීවරු 7 දෙනෙක් ද එජාපයේ මන්ත්‍රීවරු 2 දෙදෙනෙක් දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරයෙක් ද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ද එහි සිටිති. ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වාගේ උපදෙස් පරිදි නීලකන්දන් හා නීලකන්දන් නීතිඥ සමාගමේ නීතිඥවරු අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටිති. පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන මහතා මේ තේරිම් කාරක සභාවේ සභාපතිවරයායි. දෝෂාභියෝග යෝජනාව විභාග කිරීමෙන් තේරීම් කාරක සභාව වළක්වන්නැයි ඉදිරිපත් කළ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 107 (3) වගන්තිය පිළිබඳ අර්ථ නිරූපනයක් දෙන තුරු දෝෂාභියෝගය විභාග නොකරන ලෙස නිර්දේශ කරන බවයි. අධිකරණය හා ව්‍යාස්ථාදායකය අතර අන්‍යොන්‍ය අවබෝධය හා විශ්වාසය තිබිය යුතු බවයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක විභාග කරන්න ඉන්නෙ කවුද කියලා හොයලා බලන්න (ස)
මීට වඩා "කන්ගැට්ටා" ට ගෞරව කරලා තිබුණා. ඔබතුමිය අද මුහුනදෙන්නේ රටේ අභාග්‍ය යුගයේ පලමු පියවරට. අපි ඔබ සමගයි. (ස)
ඔබතුමියට අපි ඉන්නවා කවදාත්
අනේ අපේ උත්තරීතර ස්ථාන වලටත් වෙන දේවල් (ස)
මේ වගේ දේවල් වලට කියන්නේ ලෝකයට විහිලු සපයනවා කියල. (ස)
අන්න ඒ දේ හොදයි
අනේ අනිච්චන් (ස)
රටේ ජනතාව ඔබතුමිය සමඟයි . ජය වේවා (ස)
අපි ඔබ සමගයි (දී)
ඒ තවත් ප්‍රශ්නයක් (දී)
අයියෝ සල්ලි
ඊට පස්සේ (දී)
මේ කරන වැඩ වලින් වෙන්නෙ ලංකාව ලෝකය ඉදිරියේ තවත් හෑල්ලු වෙන එක තමයි. (දී)
උගත් අයට හිම් තැන නැත මේ ලංකාවේ වැඩකට නැති අයට තැන ඇත ලංකාවේ... අහෝ....ඛේදයකි..... (ස)
වඩාත් හොදයි
අගවිනිසුරුවරියට ජය වේවා, අද ලංකාවේ නිතිය නැතිකරලා තියෙන්නේ , තිතිය හරියට කරන විර කාන්තාවක් ඔබ. ජාතික සමිපතක් යුත්තිය අයුත්තිය කරනවා තරම් බරපතල පාපයක් ලෝකේ තවත් නෑ. බොරුවට බලය තියෙන්නේ බොරුකාරයෝ ඉදිරියේ පමණයි සත්‍යය ඉදිරියේ බොරුව පරාදයි. (ස)
මේජර් කෙනෙකුට ගැහුවා නම් මීට වඩා ගරුබුහුමන් ඇතිව විනිශ්චය සභාවට පැමිණෙන්න තිබුණා. මම මේ කියන්නේ මට හිතෙන දේ. (නි)