
(රෝෂන් තුෂාර)
හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (විමධ්‍යගත පරිපාලන) කාර්යාලයේ කළමනාකරණ සහකාර වරයකු ලෙස රජයේ සේවයට බැඳී හිටපු අධ්‍යාපන ඇමතී අකිල විරාජ් කාරියවසම්ට අයත් පුද්ගලික ඉන්ධන පිරවුම්හලක සේවය කර රජයට පාඩු කළේ යැයි අත්අඩංගුවට ගත් සැකකරු ලබන 18 දින දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍යය මහතා අද නියෝග කළේය.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කුලියාපිටියේ දීපාල් සංජීව රත්නායක සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකරුට ඇප ලබා දුනහොත් සිදු කරන විමර්ශනවලට හා සාක්ෂිවලට බාධා විය හැකි බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප ප්‍රතික්ෂේප කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ මෙම නඩුවට පාදක වූ සිද්ධිය 2022-2024 වර්ෂයට අදාළ වුවත් නඩුවේ සාක්ෂි ලේඛන යැයි පවසමින් සැකකාර පාර්ශවය විසින් ඉදිරිපත් කර ඇති ලේඛන 2026 සකසා ඇති බවට පැමිණිල්ල මගින් කරුණු ඉදිරිපත් කර ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd