
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගම්පහ මල්වතු හිරිපිටිය විහාරස්ථානයේ දී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබීම සඳහා පැමිණි සුඛෝභෝගී මෝටර් රථයට අන්සතු වාහනයක ලියාපදිංචි අංක තහඩු ලබා ගැනීම සඳහා ව්‍යාජ පැමිණිලි පිටපතක් ලබා දුන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ පොලිසියකට අනුයුක්ත සැරයන්වරයෙකි.
හේනගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ අපවත් වූ කලපලුවාවේ ධම්මරතන හිමි මල්වතු හිරිපිටිය විහාරස්ථානයෙන් දානය වළඳා යළි හේනෙගම විහාරස්ථානය කරා වැඩම විම සඳහා සූදානමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් බව පවසා පැමිණි නාඳුනන පුද්ගලයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය තිබෙන බවට පරික්ෂා කිරීමට අවශ්‍ය බවට පවසා ටී 56 ගිනි අවියකින් එම හිමිනම ඉකුත් ජනවාරි 23 වෙනි දින වෙඩි තබා ඝාතනය කර තිබිණි.
සැකකාර සැරයන්වරයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ, පොලිස් අධිකාරී රෝහන් පුෂ්පකුමාර මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශනා අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ආනන්ද ලාල් පොලිස් කොස්තාපල්වරුන්වන 79162 රුවන්, 35501 පෙරේරා යන මහත්වරුන් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
86
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
140
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
941
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අංක තහඩු හදන්න ව්‍යාජ පිටපත් දුන් සැරයන් අල්ලයි
Premasiri Saturday, 21 December 2024 08:31 AM
එහෙමනම් ඉතින් අනෙක් වැඩකිඩ ඔක්කෝමත් ඔහුට සම්බන්ධයක් ඇති...