නිවුන් දරුවකු කුසේදී මියගිය පසු අනෙක් දරුවා මව් කුසයේ නිරෝගීව වැඩෙන්නට සලස්වා ස්වාභාවිකව ප්‍රසූත කිරීමට සැලැස් වූ ලොව දුර්ලභ දරු උපතක් සිදු කිරීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය අසේල අමරසිරි හා කාර්ය මණ්ඩලය සමත් වෙයි.
සාමාන්‍යයෙන් මෙවැනි දරු උපතකදී එක් දරුවෙකු මිය ගිය විට අනෙක් දරුවා ද ඒ වෙලාවේම බිහිවීම හෝ කුසේ මිය යන නමුත් මෙම ප්‍රසූතිය විශේෂත්වය වන්නේ 24 වැනි සතියේ දී පළමු දරුවා ගබ්සා වීමෙන් පසු වැදෑමහ කොටස හා සම්බන්ධ වී තිබූ නාභිරජ්පුව මැදින් කපා ගැබ්ගෙලට මැහුම් ද නොදමා කලලය ආරක්ෂා කරගැනීමට වෛද්‍යවරු කටයුතු කළහ.
මෙම සැත්කම මවගේ ජීවිතයටත් දරුවාගේ ජීවිතයටත් දැඩි අවදානම් වූවත් මෙම වෛද්‍ය විශේෂඥවරයා ප්‍රතිජීවක ලබාදී විෂබීජ පැතිරීම වලක්වා පැර‚ වැදෑමහ කොටස ක්ෂය වී යන තුරුද කලලය වැඩි සති 36කින් සාමාන්‍ය දරු ප්‍රසූතිය වන තුරුද මවට අවශය ප්‍රතිකාර ලබාදී තිබේ.
මැදවච්චිය ද ඹුගල පදිංචි කේ.ජී. නිල්මි‚ මහත්මිය (29) දෙවැනි දරුවා නීරෝගිලෙස ප්‍රසූත කළාය. මවත් දරුවාත් දෙදෙනා නීරෝගීව සිටින බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය විජේදාස අතපත්තු මහතා පවසයි.
‘මම සතුටින් ඉන්නේ පළමු බබාට වයස අවුරුදු 4 1/2යි. මම ලොකු අවදානමකින් ජීවිතය බේරා ගත්තා. බබාද හොඳින් යැයි‘ මව පැවැසුවාය.
විශේෂඥ වෛදය අසේල අමරසිරි මහතා පැවැසුවේ මෙවැනි උපත් විශ්මය ජනක ජනක ඒවා බවට මීට පෙර පුවත්පත්වල පල වූ නමුත් තමන් අවදානමක් ගෙන සිසේරියන් සැත්කමක්ද නොකර සාර්ථක දරු උපතකට ප්‍රතිකාර කළ බවය.
‘මෙහි විශේෂත්වය තමා, රජ්ජුව කොටස කලල දෙකේ වෙන වෙනම දිගට තිබූ අතර බිහිවූ දරුවාගේ නාභි රජ්ජුව එළියට ඒම. මෙය දුර්ලභ අවස්ථාවක් වුනේ ඒ නිසා යැයි‘ වෛද්‍ය වරයා කීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තමා මිහිපිට ඉන්නා දෙවිවරුන්. (නි)
කෝ මුස්ලිම් අදහස්? (නි)
මංජුගේ අදහසට මමත් එකගයි. (නි)
ඔබයි අපේ කාලයේ ජීවය... (නි)
මිහිපිට දෙවිවරුන් ඔබයි. (නි)
මුදල් පසුපස හඹා යන, ජීවිතයක වටිනාකම නොදන්නා දොස්තර අම්බරුවන් අතර රුපියල් සත ගැන සතයක් නොසිතා ජීවිතයක අගය ගැන සිතන ඔබ සැබෑම ජීවකයෙක්. (නි)
ලංකා මාතාවගේ වීර පුතෙක්. (නි)
නාස්තිකාර දේශපාලුවන්ට වැඩිය සැළකිල්ලක් අපි දොස්තරලාට දෙමු නේද? (නි)
මවටත්, දරුවාටත්, වෛද්‍ය කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි! (නි)
ඉන්ද්‍රජිත් ලුම්බිණි තුල්සි වගේ අයගේ අදහස් නැත්තේ මෙවැනි දේ අගුන නිසාද?(නු)
ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
ඔබට බුදු සරණයි! (නි)
මගේ මතකය හරි නම් මේක මෙවන් වූ 10වැනි විස්මිත ක්‍රියාවයි. 9 වැනි එකද කරන ලද්දේ ලාංකික දොස්තර කෙනෙක් විසිනුයි. (නි)
ඔබතුමාට පින්. ඔබ නියම ඍෂිවරයෙක්. (නි)
බොහොම සන්තෝෂයි. දොස්තර මහතා නම් හැබෑම දක්ෂයෙක්. මිට පෙර ලොව 9 වතාවක් පමණයි මෙවැනි ආකාරයේ සිදුවීම් වෙලා තිබෙන්නේ කියා මා පුවත්පතක දුටුවා. එයින් මීට පෙර මෙවැනි ආකාරයේ අවස්ථාවකදීත් නිවුන් දරුවකු කුසේදී මියගිය පසු අනෙක් දරුවා මව් කුසයේ නිරෝගීව වැඩෙන්නට සළස්වා දරුවා හා මවගේ ජීවිතය බේරා ගැනීමට ලංකාවේ දොස්තර මහතෙක් සමත් වී තිබෙනවා. එය සිදුව ඇත්තේ බටහිර යුරෝපයේ හෝ ඇමරිකා එක්සත් ජනපදයේ මට මතක විදියට. කොහොම හරි ඒ බටහිර දෙමාපියන් තමුන්ගේ දරුවා බේරා දුන් ලංකික වෛද්‍යවරයාට ගරු කිරීම පිණිස එම දරුවාට වෛද්‍යවරයාගේ නමින් කොටසකුත් දමා තිබෙනවා. (නි)
දැන් ඇමති කෙනෙක් මැදිහත් වෙලා දොස්තර මහත්තයාට සම්මානයක් දීලා, තමන්ගේ මූණ දාගෙන, මැතිවරණ ප්‍රචාරක කටයුත්තක යෙදෙයි. (නි)
සෑම දෙයක්ම අද කාලේ මුදලට මිළදී ගන්න පුලුවන් නිසා ඉදිරියේදී මෙවන් දොස්තරලා ලංකාවේ බිහිවෙන එකක් නැහැ. (නි)
ලංකාවෙ වෛද්‍යවරුන්ගේ අගය තේරෙන්න ගල්ෆ් වලටම එන්න ඕන. මෙහෙ ඉන්න වෛද්‍යවරු රක ලෙඩෙක් බලන්න පැය භාගයක් යනවා.. ඒ ලෙඩේ පරිගණකයට දාලා එන පිළිතුරු අනුව තමයි බෙහෙත් දෙන්නෙ.. විශේෂඥ වෛද්‍යවරයෙක් උනත් පරිගණකය නැතිවම බැහැ..!(නු)
මේ වගේ දොස්තරලා ඉන්නේ අපේ වාසනාවට ! වෙන රටවල්වල වගේ මේ අයව අගය නොකරන්නේ ඇයි (ස)
සියලු ජාතීන් මේ විශිෂ්ට පුද්ගලයාට ආචාර කළ යුතුයි. (නි)
ඔබ වැනි උතුම් ලක් දරුවන් සිටිනු බව අසන්නනට ලැබීමත් සතුටක්. (නි)
ඔබ වැනි දක්ෂතමයින් අපේ රටේ සිටීම අපිට අජඩම්බරයකි. (නි)
සියලු දෙවියෝ ඔබ තුමන්ව රැක දෙත්වා (ස)
වෛද්‍යතුමනි, ඔබගේ හැකියාවට අපගේ උණුසුම් සුභ පැතුම්! (නි)
ලොකුම ලොකු පිණක්...!(නු)
ඔබේ හැකියාවට අපේ ප්‍රණාමය.සුබ පැතුම්. මවටත් දරුවාටත් නීරෝගී සුවය පතමි (ස)
අපිට දක්ෂ වෛද්‍යවරුන් සිටිනවා. (නි)
ඔබ උපන් දේශයටත් වැදූ මවටත් ආඩම්බරයකි මුදල් පසුපස හඹා යන, ජීවිතයක වටිනාකම නොදන්නා සැමට ඔබ ආදර්ශයකි (ස)
ඔබ උපන් දේශයටත් වැදූ මවටත් ආඩම්බරයකි. (නි)
මෙවැනි දෙවිවරු දැකගන්න සළස්වපු එසැණ පුවත් මාධ්‍යවේදීන්ටත් අපි ස්තුති කරන්න ඕන.. මෙවැනි පුවත් නැවත නැවතත් පළ කරන මෙන් ඉල්ලා සිටිමි..!(නු)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
ජීවිත දෙකක් මරණයෙන් මුදාගත් ඔබ මීට පෙරද මෙවැනි දේ කරන්නට ඇත. ඉදිරියේද අසරණ ජීවිත වලට ප්‍රාණය දෙන්නට ඔබට ශක්තිය හිමි වේවා! ඒ අම්මට,දරු පැටියට සහ ජීවකයාණන්ට තෙරුවන් සරණයි!(නු)
ඔබට දෙවියන් ආශිර්වාද කරාවි! (නි)
උපතින් ලැබූ ඥානය වැඩි දියුණුකර පෙන්වා ලොවට ජීවක වෘත්තියේ පරතෙර ජීවිත දෙකක් ගලවා දුන් වෛද්‍යවර ඔබ කළ උතුම් දෙය පසසමි දහස් වර... (නි)
පුස්සන් රජ වෙලා සුදුස්සන්ට සුදුසු තැන නැතිවෙද්දී ඔබතුමන්ලා වැනි දක්ෂයින් අපේ රට හැරයාම පුදුමයක් නොවෙයි. (නි)
ජාතියේ පිනට පහළ වූ දෙවියෙකි.. ජනපතිදුන්ගේ අවධානයට ලක් වේවායි පතමි.. ඔබ ට පිං..!(නු)
උතුම් වැඩක් උතුමාණෙනි.. ඔබගේ සිසුවෙකු වීම ආඩම්බරයකි..!(නු)
දෙවිවරු වන් මිනිසුන්.ඔබට දීර්ඝායුෂ ලැබේවා!ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (දී)
ඔබ වැනි අය මතු බුදුවන බෝධිසත්ව වන්සේලායි. (නි)
අන්න දොස්තරු. දොස්තරුන්ටත් වඩා දෙවිවරු (දී)
ලංකාවේ දොස්තරලා පරිඝනකය බලාගෙන නෙමෙයි බෙහෙත් දෙන්නේ. ඒත් ගල්ෆ් රටවල් වල දොස්තරලට නම් පරිඝනකය නැතුවම බැහැ. (නි)
තිදෙනාටම මගේ සුභ පැතුම්! (නි)
විශිෂ්ට අත්හදාබැලීමක්. ගොඩක් හොදයි. ඉදිරියටම යන්න. (නි)
දරැවාටත් මවටත් වෛද්‍යවරයාටත් තෙරුවන් සරණයි..!(නු)
ජනතා සම්මානයට පාත්‍ර විය යුතු ඉසිවරයෙක්. (නි)
උපන් හැටියේ තම බිළිදුන් මරාදමන මවුවරුන් අතරේ ඔබ හොද මවක්. දොස්තර මහත්තයා දෙවි කෙනෙක්. (නි)
විශිෂ්ට දොස්තර මහතෙක්. ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
ඔබට පින්! (නි)
දෙවිවරු වන් මිනිසුන් මොවුනුයි. (නි)
ඔබයි මිහිපිට දෙවිවරුන්. මෙවන් දේවල් තවත් ඉදිරියට කරගෙන යාමට ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)
ජනමාධ්‍ය දැලි පිහියක් වැනිය. හරියට භාවිතා කළොත් ගොඩ, නැත්නම් සමාජයට විනාශය. (නි)
අපේ රටේ තමයි බලනකොට දක්ෂයින් ඉන්නේ. දොස්තර මහතා දෙවි කෙනෙක්. මව සහ දරුවාට බුදු සරණයි. (නි)
වෛද්‍යතුමනි ඔබ වැන්නන්ට රටේ ඉහළම ගෞරවය සැළකිල්ල හිමි විය යුතුයි..! ඔබට තෙරුවන් සරණයි..!(නු)
ඔබ දෙවි කෙනෙක් (දී)
අදහන්න වටිනවා (දී)
මිහිපිට දෙවිවරු (දී)
දයාඉර වෛද්‍යවරය මගේ උණුසුම් සුභ පැතුම් ඔබට කරගෙන යන්න මේ වැඩ ඉදිරියටත්... අපි ඔබට සහය වෙන්නෙමු..!(නු)
ජීවකයෙක්..!(නු)
පින්මන්ද පුතුන් සියයක් ලැබුවත් නිසරු, මේ දොස්තර මහතා වගේ ගුණ නැණ බෙලෙන් යුතු එක පුතෙක් හිටියත් ඇති...(නු)
අම්මාටත්, දරුවාටත්, වෛද්‍ය කාර්ය මණ්ඩලයටත් දෙවි පිහිටයි. (නි)
මගේ දැනීමේ හැටියට මෙහෙම දෙයක් ලෝකයේ වුණු 10වැනි වතාව මේකයි. (නි)
ජිවමාන දෙවිවරුන් කියන්නේ මෙවැනි දොස්තරලාටයි. (නි)
මේවා විදේශීය ජනයාද දැනගැනීම ඉතා අගනේය. අසේල අමරසිංහ මහතා ඇතුලු සියලු කාර්ය මණ්ඩලයට අපගේ ප්‍රණාමය! (නි)
මේ වගේ රත්තරන් උගතුන් රටට අහිමි කරගන්න නම් එපා. (නි)
වෛද්‍යතුමනි, මෙවන් දේවල් තවත් ඉදිරියට කරගෙන යාමට ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)
හැමෝම හොද හොද අදහස් දාලා. මගේ රට ගැන මට හරිම ආඩම්බරයි. (නි)
ඔබට බුදු සරණයි වෛද්‍යතුමනි! (නි)