
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අනිවාර්ය නිවාඩු යැවීමටත් දින 30 ක් තුළ එලෙස අනිවාර්ය නිවාඩු ලබන පිරිස් නැවත ඇමෙරිකාවට ගෙන්වා ගැනීමටත් ජනපති ට්‍රම්ප්ගේ පරිපාලනය පසුගියදා නියෝග කළේය.
මෙලෙස ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ කටයුතු අඩපණ වීමත්, ඇමෙරිකාව විදේශයන් වෙත ලබා දෙන මූල්‍ය සහාය නැවත සමාලෝචනය කරන තෙක් දින 90 ක කාලයක් සඳහා අත්හිටුවීමට මීට පෙර නියෝග කර තිබීමත්, සමග එම නියෝජිතායතනයේ ආධාර මත ක්‍රියාත්මකවූ මෙරට රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක සේවකයන්ගේ රැකියාද අවදානමට ලක්ව ඇත.
ආධාර මත ක්‍රියාත්මක වූ රාජ්‍ය නොවන සංවිධානවල සේවකයන්ගේ රැකියා පමණක් නොව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ආධාර මත ක්‍රියාත්මක වූ ව්‍යපෘති බොහොමයක්ද තාවකාලිකව ඇනහිටීමේ අවදානමක් මතුව තිබේ.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කළ සේවකයන් අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට පමණක් බලපාන තීරණයක් නොවන අතර එම නියෝජිතායතනය ඈවර කිරීමට ජනාධිපති ට්‍රම්ප් සහ ඊලෝන් මස් තීරණය කිරීමත් සමග එම නියෝජිතායතනයේ ගෝලීයව සිටින නිලධාරීන් අතලොස්සක් හැර අනෙක් සියලු දෙනා 07 රාත්‍රී 11.59 සිට මෙලෙස අනිවාර්ය නිවාඩු යවා ඇත.
වොෂිංටන් නගරයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රධාන මුලස්ථානය වසා දැමීමටද ට්‍රම්ප් පරිපාලනය පසුගිය 3 වැනිදා පියවර ගත්තේය.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
USAID සේවකයන්ට අනිවාර්ය නිවාඩු
fairoos Wednesday, 05 February 2025 05:17 PM
හොඳ බිස්නස් කාරයින් දෙන්නෙක් සෙට් වුණාම ඔහොම තමයි.
Lionel Wednesday, 05 February 2025 05:58 PM
තීන්ත බාල්දියේ වැටුණු නරියා වගේ...!
Lalla Thursday, 06 February 2025 09:07 AM
අනුන්ගේ පිහිට බලාගෙන ජීවත්වෙන්න ගියාම තියෙන ප්‍රශ්න. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියල තේරෙනව නොවේද? පිනට ලැබෙන දේ නොගෙන තම ස්වෝත්සාහයෙන් ගොඩ එන්න ඕන....