
(විමුක්ති එස් රුද්‍රිගු)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීමට රජය කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකාව අද මානව හිමිකම් මහා කොමසාරිස්වරයාගේ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් පැවැසුවේය.
එම නව නීති කෙටුම්පතට බලය අයුතු ලෙස භාවිත කිරීම වැළැක්වීමේ ආරක්ෂණ විධිවිධාන, මූලික අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කිරීමේ විධිවිධාන ඇතුළත් කර ඇති බවද ජීනිවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුමිත් දසනායක මහතා මානව හිමිකම් කවුන්සිලය හමුවේ ප්‍රකාශ කළේය. කැබිනට් මණ්ඩලය විසින් මේ වන විට නව නීති කෙටුම්පත අනුමත කර තිබෙන බවද ඔහු පැවැසුවේය.
එය ගැසට් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බවත්, ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් දසනායක මහතා ප්‍රකාශ කළේය. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතට යෝජිත සංශෝධන සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවත්, අදාළ සංශෝධන මේ වන විට අවසන් කරමින් පවතින බවත් ඔහු පැවැසුවේය.
අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධ පැමිණිලි විමර්ශන වේගවත් කිරීම සඳහා රුපියල් මිලියන 375ක මුදලක් වෙන් කර ඇති බවද ශ්‍රී ලංකාව, මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දුන්නේය.
එම මුදල් වෙන් කිරීම හේතුවෙන් අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට ඉදිරි වසර දෙක තුළ තවත් පැමිණිලි 10,000ක් පමණ විමර්ශනය කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවද දසනායක මහතා ප්‍රකාශ කළේය.
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය අධිකරණ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවද ඔහු පැවැසුවේය. සත්‍ය හා ප්රතිසන්ධාන කොමිසමක් පිහිටුවීමේ කෙටුම්පත, අනෙකුත් ප්රතිසන්ධාන ආයතනවල කටයුතු සමඟ ගැටීමක් ඇති නොවන පරිදි නැවත සලකා බලමින් පවතින බවද ඔහු ප්‍රකාශ කළේය.
“ස්වාධීන පැමිණිලි/නඩු පැවරීමේ කාර්යාලයක්”ස්ථාපිත කිරීම සම්බන්ධ යෝජනා අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව තවදුරටත් කටයුතු කරමින් සිටින බවද දසනායක මහතා සඳහන් කළේය. උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් නැවත ලබාදීම ප්රතිසන්ධාන ක්‍රියාවලියේ වැදගත් අංගයක් බවත්, ආරක්ෂක හමුදා විසින් මීට පෙර භාවිත කළ ඉඩම්වලින් බහුතරයක් මේ වන විට නැවත ලබාදී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd