කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති 84 වැනි ‘සුලෝහිත සංග‍්‍රාමය’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය විසදුමකින් තොරව අවසන් විය. තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ ඊයේ (03) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ආනන්ද විදුහල පළමු වැනි ඉනිමේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 301 ක් ලබා සිටියේය.
ආනන්ද විදුහල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ධනුක පතිරණ පන්දු 159 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 109 ක් රැස්කිරීමට සමත් විය.
ආනන්ද විදුහල ලකුණු 297 ක් ලබා සිටියදී ක‍්‍රීඩාංගණයට නරඹන්නන් කඩා වැදීම නිසා තරගය විනාඩි 30 කට අධික කාලයක් අත්හිටුවා තැබූ අතර නැවත තරගය ආරම්භ වුවද පන්දු 3 ක් පමණක් යැවීමෙන් පසුව නැවත නරඹන්නන් ක‍්‍රීඩාංගණයට කඩා වැදීමෙන් පසුව තරගය නතර කර දමන ලදි.
නාලන්දාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ප‍්‍රමෝද් හෙට්ටියාවත්ත පන්දු 87 කදී හතරේ පහර 12 ක් සමගින් නොදැවී ලකුණු 102 ක් රැස්කිරීමට සමත් විය. ප‍්‍රමෝද් හෙට්ටියාවත්ත සහ අවිශ්ක ද සිල්වා (නොදැවී 77) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 167 ක නොබිදුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.
නාලන්දා විදුහල පළමු ඉනිම කඩුලූ 5 ට 298
(ප‍්‍රමෝද් හෙට්ටියාවත්ත නොදැවී 102, අවිෂ්ක ද සිල්වා 77, මාලිංග අමරසිංහ 60, වොෂාන්ත සිල්වා 37, සමූ අෂාන් 73/3)
ආනන්ද විදුහල පළමු ඉනිම කඩුලූ 5 ට 301
(දසුන් විජේසිංහ 67, ධනුක පතිරණ 109, තුෂාර සමරකෝන් 47, කුෂිල් පෙරේරා නොදැවී 22, පසිදු තිරිමාදුර 21, කුසල් ඩයස් 70/2, මාලිංග අමරසිංහ 47/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය පැරදුමකින් තොරව අවසන් වේවි. විදුහල් දෙකටම සුභ පැතුම්!(නදී)
අනේ මන්ද. දවස් දෙකකින් ඉනිම 4ක් සෙල්ලම් කරන්නෙ කොහොමද. රාජකීය සාන්ත තෝමස් වගේ දවස් 3ක් වත් තිබ්බ නම් ප්‍රතිපලයක් බලන්න තිබුන (දී)
අඩුම තරමේ දින තුනක්වක් දෙන්න ඕනේ සාදාරන විසදුමක්වත් ලබාගන්න.(නදී)
ආනන්ද මාතාවට ජයවේවා (දී)