IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


84 වැනි ‘සුලෝහිත සංග‍්‍රාමය’ විසදුමකින් තොරව අවසන්

කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති 84 වැනි ‘සුලෝහිත සංග‍්‍රාමය’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය විසදුමකින් තොරව අවසන් විය. තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ ඊයේ (03) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ආනන්ද විදුහල පළමු වැනි ඉනිමේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 301 ක් ලබා සිටියේය.

ආනන්ද විදුහල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ධනුක පතිරණ පන්දු 159 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 109 ක් රැස්කිරීමට සමත් විය.

ආනන්ද විදුහල ලකුණු 297 ක් ලබා සිටියදී ක‍්‍රීඩාංගණයට නරඹන්නන් කඩා වැදීම නිසා තරගය විනාඩි 30 කට අධික කාලයක් අත්හිටුවා තැබූ අතර නැවත තරගය ආරම්භ වුවද පන්දු 3 ක් පමණක් යැවීමෙන් පසුව නැවත නරඹන්නන් ක‍්‍රීඩාංගණයට කඩා වැදීමෙන් පසුව තරගය නතර කර දමන ලදි.

නාලන්දාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ප‍්‍රමෝද් හෙට්ටියාවත්ත පන්දු 87 කදී හතරේ පහර 12 ක් සමගින් නොදැවී ලකුණු 102 ක් රැස්කිරීමට සමත් විය. ප‍්‍රමෝද් හෙට්ටියාවත්ත සහ අවිශ්ක ද සිල්වා (නොදැවී 77) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 167 ක නොබිදුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.

නාලන්දා විදුහල පළමු ඉනිම කඩුලූ 5 ට 298

(ප‍්‍රමෝද් හෙට්ටියාවත්ත නොදැවී 102, අවිෂ්ක ද සිල්වා 77, මාලිංග අමරසිංහ 60, වොෂාන්ත සිල්වා 37, සමූ අෂාන් 73/3)

ආනන්ද විදුහල පළමු ඉනිම කඩුලූ 5 ට 301

(දසුන් විජේසිංහ 67, ධනුක පතිරණ 109, තුෂාර සමරකෝන් 47, කුෂිල් පෙරේරා නොදැවී 22, පසිදු තිරිමාදුර 21, කුසල් ඩයස් 70/2, මාලිංග අමරසිංහ 47/2)

 



අදහස් (0)

84 වැනි ‘සුලෝහිත සංග‍්‍රාමය’ විසදුමකින් තොරව අවසන්

අජිත් Sunday, 03 March 2013 04:48 PM

ජය පැරදුමකින් තොරව අවසන් වේවි. විදුහල් දෙකටම සුභ පැතුම්!(නදී)

:       0       0

ප්‍රසන්න Sunday, 03 March 2013 12:55 PM

අනේ මන්ද. දවස් දෙකකින් ඉනිම 4ක් සෙල්ලම් කරන්නෙ කොහොමද. රාජකීය සාන්ත තෝමස් වගේ දවස් 3ක් වත් තිබ්බ නම් ප්‍රතිපලයක් බලන්න තිබුන (දී)

:       0       0

අමිල Sunday, 03 March 2013 01:58 PM

අඩුම තරමේ දින තුනක්වක් දෙන්න ඕනේ සාදාරන විසදුමක්වත් ලබාගන්න.(නදී)

:       0       0

නුවන් Monday, 04 March 2013 02:17 PM

ආනන්ද මාතාවට ජයවේවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site