කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී ඊයේ (04) අවසන් වූ 83 වැනි ‘සුලෝහිත සංග‍්‍රාම’ විසඳුමකින් තොරව නිමා විය. තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද (04) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට නාලන්දා විදුහල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 99 ක් ලබා සිටියේය. නාලන්දා විදුහල් පළමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ළහිරු ජයකොඩි ලකුණු 96 ක් රැස් කළේය. ආනන්ද විදුහල වෙනුවෙන් ධනුක මධුෂාන් (81), උෂාන් ගුණතිලක (81) සහ පසිඳු මධුෂාන් (75) අර්ධ ශතක ලැබූහ. නාලන්දා විදුහල පළමු ඉනිම කඩුලූ 9 ට 252 (මනුල ජයසේකර 21, කොෂාන් ධනුෂ්ක 31, ඉෂාන් රංගන 40, ළහිරු ජයකොඩි 96, ප‍්‍රමුත් හෙට්ටිවත්ත 29, වෙනුක අෂාන් 70/3, සිසුරු සමරසිංහ 23/2, පසිඳු මධුසංඛ 59/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 99 (කොෂාන් ධනුෂ්ක 51, ඉෂාන් රංගන නොදැවී 18) ආනන්ද විදුහල පළමු ඉනිම කඩුලූ 9 ට 303 (ධනුක මධුෂාන් 81, තමාලක ඇතුළත්මුදලි 20, පසිඳු මධුෂාන් 75, ගුණතිලක 81, කුසල් ඩයස් 84/3, කොෂාන් ධනුෂ්ක 79/3)
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd