වමතින් දග පන්දු යවන කී‍්‍රඩක අමිල අපෝන්සුගේ (54/6) විශිෂ්ට පන්දු යැවීම නිසා මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී අද (9) ආරම්භ වූ 62 වැනි ‘මොරටු රන් හටනේදී’ වේල්ස් කුමරුවන් ලකුණු 161 කට දවාගැනීමට ශාන්ත සෙබස්තියන් කී‍්‍රඩකයෝ සමත් වූහ. කෙසේ වෙතත් වේල්ස් කුමරුවන්ද පසුනොබැසම නැවතත් සටනට අවතීර්ණ වීම නිසා පළමු දිනයේ තරගය අවසන් වන විට සෙබස්තියානුවන්ට ලබාගත හැකිවූයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 104 ක් පමණි. වේල්ස් කුමර පළමු ඉනිම 161 (සචිත‍්‍ර ප‍්‍රනාන්දු 21, අශේන් මෙන්ඩිස් 30, තරිඳු දිල්ෂාන් 46, තරිඳු දුලාජ් 13, දිදුලන මේදිස් 13, අමිල අපෝන්සු 54/6, අනූක් ප‍්‍රනාන්දු 44/2, සනිත ද මැල් 36/2) ශාන්ත සෙබස්තියන් පළමු ඉනිම කඩුලූ 6 ක් දැවී 104 (අවිශ්ක ප‍්‍රනාන්දු 14, සංගීත් කුරේ 10, අමිල අපෝන්සු 15, සනිත ද මැල් 20, නිෂේමාල් ප‍්‍රනාන්දු නොදැවී 18, හෂාන් ප‍්‍රනාන්දු 34/2)
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමිලට අපෙන් සුභා පැතුම්. නමුත් ශාන්ත සෙබස්තියන් පිල ලකුණු 57ක් පිටුපසින් සිටිනවා කෙසේ හෝ අපි බලාපොරොත්තු වෙන්වා ඔවුන් 161 ලබාගෙන මිලග ඉනිමෙදි ලකුනු 130 කට වගෙ ලකුණු ප්‍රමාණයකට නොවැඩිව වෙල්ස්කුමර කාණ්ඩායම ඉක්මනින් දවාගෙන එම ඉලක්කය හඹා යාවි කියලා. මම හිතන්නෙ හොද පිතිකරුවන් දෙදෙනෙකුගෙම දුවද්දි දැවියාම මෙ පසුබැමට හෙතුවුනා කියා.