IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


2012 දී සීයක් සෞදියේදී මරුට

සෞදියේ දමාම් වරාය අධිවේගී මාර්ගයේ දී බරවාහන දෙකක් හැපීමෙන් මිනුවන්ගොඩ අජිත් සුදර්ශන කුරේ (27) මහතා මරුමුවට පත් විය.

ඔහු රැකියාවට ගොස් මාස හතකට වඩා ගත වූයේ නැත.

ඔහුගේ පියා සෙල්වින් කුරේ මහතා ද, සෞදි අරාබියේ සේවය කරයි. පුතාගේ දේහය රැගෙන ශ්‍රී ලංකාවට එන බව ඔහු කියයි.

සිය පස් වසරක සේවය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණෙන රියාද් තානාපති කාර්යාලයේ උපදේශක සරත් කුමාර මහතා කියනුයේ සෞදියේදී ශ්‍රී ලාංකිකයන් 105 දෙනෙකු මිය ගිය බවයි.

පසුගිය පස් වසරේ මිය ගිය සංඛ්‍යාව 500ක් පමණ වේ.

මියගිය අය වෙනුවෙන් රුපියල් කෝටි හත හමාරක වන්දි යැපෙන්නන්ට ලබා දුන් බවත් කියයි.

එහිදී මිය ගිය අයගෙන් සියයට හැටක්ම කාන්තාවෝය.



අදහස් (0)

2012 දී සීයක් සෞදියේදී මරුට

දමිත් Monday, 24 December 2012 04:07 PM

සල්ලි නැතුව හිගාකෑවත් ඔය රට වලට කාන්තාවන් යවන්න එපා. (නි)

:       0       0

ෂෙරීෆ් Monday, 24 December 2012 10:18 PM

වෙන කොහේ යන්නද? අන්තිමට පිහිටට ඉන්නේ ඒ රටවල් විතරයි. (නි)

:       0       0

මෙරිල් Monday, 24 December 2012 04:25 PM

ඇයි ඉතින් සෞදියට යන්නේ අපේ අය (ස)

:       0       0

මධු Monday, 24 December 2012 04:46 PM

කිසිදු දිනෙක අරාබි රටවලට සේවයට නොයන මෙන් අපි ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිමු. (නි)

:       0       0

රිස්වාන් - සවුදි Monday, 24 December 2012 11:49 PM

ලලිත්, සෞදියේ තානාපති කාර්යාලයේ සියලුම අංක වලට කතා කළත් දුරකථනය ගන්නේ නැහැනේ. (නි)

:       0       0

එච්.ඩබ්.සංජීව Monday, 24 December 2012 04:52 PM

සරත් කුමාර හරි ආඩම්බරෙන් කියන්නේ ලංකාවෙ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත වටිනාකම සල්ලි වලින් මිල කරලා තියෙන්නෙ... ඔය රටට ගිහිං මැරුණෙ 105 තව සදාකාලික ලෙඩ වූ ගණන දහස් ගණනක්.. මේ වගේ කියවන අයවයි සෞදියෙ වැඩට යවන්න ඕන තේරෙන්නෙ කොහොමද එහෙ හැටි කියලා...!(නු)

:       0       0

අහමඩ් Monday, 24 December 2012 11:49 PM

ෂෙරීෆ්, ඇත්ත තමයි. අපේ රටට උදව්වට ඉන්නේ මේ අරාබි රටවල් පමණයි. අපේ තේ මිළදී ගන්නෙත් මේ රටවල් පමණයි. (නි)

:       0       0

සිල්වා Monday, 24 December 2012 04:49 PM

මියගිය අයගෙන් මෙපමණ ප්‍රමාණයකට වන්දි ලැබුණා කියලා ‍අපි කොහොමද පිළිගන්නේ? (නි)

:       0       0

නඩරාජා Monday, 24 December 2012 11:52 PM

මධූ, දුප්පතාට උදවුවට ඉන්නේ මේ අරාබි රටවල් පමණයි. (නි)

:       0       0

කිවි Monday, 24 December 2012 06:00 PM

මියගිය විට වන්දි දුන්නත්, දහදුක් විදගෙන ඇගවල් වල ඇණ පවා ගහගෙන එන අයට ලැබිලා තියෙන්නේ මොනවාද? (නි)

:       0       0

අමිල Monday, 24 December 2012 06:02 PM

අඩු පඩියට කාන්තාවන් සෞදියේ දුක් විදිනවා. (නි)

:       0       0

අමිල Monday, 24 December 2012 06:02 PM

සෞදියට ගෘහ සේවිකාවන් යැවීම වහාම නතර කළ යුතුයි. (නි)

:       0       0

නිත්‍යා Friday, 04 January 2013 01:30 PM

මුදල් ඉපයීම පමණක් නොවේ තම ආරක්ෂාව ගැනද සිතිය යුතුයි (ස)

:       0       0

චන්ද්‍රා Monday, 24 December 2012 06:54 PM

වෙලාව පැමිණි විට කිසිවෙකුටවත් මාරයාගෙන් ගැළවිය නොහැක. (නි)

:       0       0

නාමල් Tuesday, 25 December 2012 07:57 AM

අහමඩ් ගේ තේ පිළිබද ඇති දැනීමේ නොදන්නාකම ඔප්පුකර ඇත. අපේ තේ මිළදී ගන්නෙත් අරාබි රටවල් පමණයි යන්න 2012 වසරේ හොදම විහිලුවයි....ෂෙරීෆ්, අන්තිමට පිහිටට ඉන්නේ ඒ රටවල් විතරයි කියන්නේ මොකක්ද? ඔයා ඇත්තටම දන්නවද අපේ රටට පිහිටට ඉන්න රටවල්? ඒවා පිළිගන්න ඔයා කැමති නැහැ. ඒකයි ඇත්ත. (නි)

:       0       0

ශ්‍රියානි Monday, 24 December 2012 07:43 PM

වහල් සේවයට ගැහැණු අය යවන්න එපා. නැවත එන්න ලැබුණත් එනවිට සියල්ල විනාස වෙලාතියෙන්නේ. ගැහැණු අයව සිංගප්පුරුවේ සේවයටවත් යවන්න එපා විශේෂයෙන් අවිවාහක අය. ඒ අය එහෙටම නාකිවෙලා විනාසවෙනවා. කලතුරකින් කෙනෙක් විතරයි ගොඩයන්නේ. රටට ලැබෙන සල්ලිවලට වඩා ලොකු විනාශයක් සමාජයට මේකෙන් වෙනවා. බොරුවට කෑගහන කාන්තා සංවිධාන හා අමාත්‍යංශ කාන්තාවන් ගැන කථාකරන්න කෝටියක් විතර තියෙනවා. මේ විනාශය වලක්වන්න කවුරුත් නැහැනේ. ගැහැණු අය වහල් සේවයට යවන එකට විරුද්ධවෙන්න (අ)

:       0       0

රිස්මි Tuesday, 25 December 2012 08:40 AM

නාමල්, ඔයා දන්නවද ලංකාවට මොන රටෙන්ද තෙල් ගෙන්නන්නේ කියලා? (නි)

:       0       0

රජිත Monday, 24 December 2012 07:56 PM

බොරුවටනේ මෙයාලා රට විරුවෝ කිය කියා අන්දවන්නෙ..?(නු)

:       0       0

සහීර් Tuesday, 25 December 2012 08:53 AM

අරාබි ජාතිකයින් බහුතරය කරන අමානුෂික ක්‍රියාවලට ලාංකික මුස්ලිම් ජනතාවට වග කිව නොහැක. එමෙන්ම එම ක්‍රියා අනුමත හෝ සාධාරණිකරණයද කළ නොහැක. ගෘහ සේවය සඳහා ලාංකිකයින් නොයැවීම කාලෝචිතය. (නි)

:       0       0

චන්දිම Monday, 24 December 2012 08:06 PM

අනේ මන්ද ඇයි මේ මිනිස්සු මෙහෙම කියන්නේ (අ)

:       0       0

ලලිත් Monday, 24 December 2012 08:50 PM

සිල්වා, තානාපති කාර්යාලයට කතා කළොත් ඔබට ඒ බව දැනගැනීමට හැකිවේවි. (නි)

:       0       0

රිස්මි Monday, 24 December 2012 09:04 PM

ඔව් මධුව ඇමරිකාවට යවන්න..!(නු)

:       0       0

මුතුකුඩ Monday, 24 December 2012 09:12 PM

මේ අරාබි රටවලට සේවයට යවන්න එපාය කියන අක්කලා මල්ලිලාගේ උදවියම තමයි වැඩිපුර අරාබි රටවල් වලට පැමිණ සේවයේ යෙදෙන්නේ. මේ උදවිය කටින් එපයි කීවත් හිතින් අකමැත්තක් නැහැ. මන්ද තමතමන්ට කීයක්හරි උපයා ගැනීමට තිබෙන්නාවු පහසු මාර්ගයක් මෙන්ම ලංකාවට වැඩිවැඩියෙන් විදේශ විනිමය ගෙන දෙන්නා වු ආදායම් පද්ධතියත් මෙයම වන බැවිනි. (නි)

:       0       0

කුමාර Monday, 24 December 2012 09:24 PM

ලෝකයේ කොහෙත් එකයි. රැකියා කරද්දී දුක් විදින්න වෙනවා. (නි)

:       0       0

ජගත් Monday, 24 December 2012 03:45 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

යෝනුස් Monday, 24 December 2012 03:52 PM

වන්දි ලබා දුන්නු කථාව නොකියන්න මෙතන නානාවිධ අදහස් දැකගන්න ලැබිලා ඇති. (නි)

:       0       0

ධම්ම Monday, 24 December 2012 03:56 PM

අජිත් සුදර්ශන මහතාට නිවන් සුව! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site