IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


2011 වර්ෂයේ හොඳම වොලිබෝල් ඡායාරූපය ශ‍්‍රී ලංකාවෙන්

ජාත්‍යාන්තර වොලිබෝල් සම්මේලනය විසින් 2011 වර්ෂයේ දි 12 න් පහළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා ක‍්‍රියාත්මක කරන ලද Volley Aall Festival වැඩ සටහනට අනුබද්ධව පැවැති ඡායාරූප තරගයකින් පළමු ස්ථානය ශී‍්‍ර ලංකාවට හිමිවී තිබේ. මෙම වැඩසටහන පසුගිය වසරේ මැයි 31 හා ජුනි 01 වන දිනවල බදුල්ල හාලිඇල ජාතික පාසල් ක‍්‍රීඩාංගනයේදී සංවිධානය කරන ලද අතර එහිදී ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ඒකකයේ ප‍්‍රසාද් රශ්මික විසින් ගන්නා ලද ඡුායා රූපය 2011 වසරේ ලොව හොඳම ඡායාරූපය වශයෙන් ජාත්‍යාන්තර වොලිබෝල් සම්මෙලනයේ තාක්‍ෂණික කමිටුව විසින් තෝරා ගනු ලැබ ඇත. හාලිඇල මුගුණුමත විද්‍යාලයේ 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් වන නෙත්මි ශාක්‍යා ක‍්‍රීඩිකාව මෙම ඡායාරූපයේ සිටින්නීය. Volley Aall Festival යනුවෙන් නම් කරන ලද මෙම වැඩසටහන ජාත්‍යාන්තර වොලිබෝල් සම්මේලනයට අනුබද්ධ රටවල් 220 තුලම 2011 වසරේදී කි‍්‍රයාත්මක කරන ලදි. මෙම ඡායාරූපය 2012 වර්ෂයේදී ජාත්‍යාන්තර වොලිබෝල් සම්මේලනයේ සියලූම ප‍්‍රකාශන වල යොදා ගැනීමට ජාත්‍යාන්තර වොලිබෝල් සම්මේලනය තිරණය කර ඇති අතර එහි රූපය ප‍්‍රථම ස්ථානය දිනා ගැනිම හේතුවෙන් මේ වසරේ ඇමරිකාවේදී පැවැත්වෙන 33 වන ජාත්‍යාන්තර වොලිබෝල් සමුළුවේදී ශී‍්‍ර ලංකාවට විශේෂ තිළිණයක් පිරිනමන බවටද ජාත්‍යාන්තර වොලිබෝල් තක්‍ෂණික කමිටුව නිවේදනය කරයි.



අදහස් (0)

2011 වර්ෂයේ හොඳම වොලිබෝල් ඡායාරූපය ශ‍්‍රී ලංකාවෙන්

thussy Wednesday, 01 February 2012 08:25 PM

සුදුසු දේට සුදුසු තැන

:       0       0

නලීන් සංජීව Thursday, 02 February 2012 01:58 AM

ගොඩක් සතුටුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site