කොළඹ අශෝක විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය මෙහෙයවන ‘අශෝකන්ස්’ වයස 19 න් පහළ අන්තර් පාසල් සය සාමාජික ක‍්‍රිකට් තරගාවලිය මේ මස 26 සහ 27 දෙදින කොළඹ වෙළෙඳසේවා ක‍්‍රිකට් සංගම් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අශෝක විද්‍යාලය 40 වැනි සංවත්සරය ලබන වසරට යෙදී තිබෙන අතර එය සැමරීමේ අංගයක් ලෙස මෙම ක‍්‍රිකට් තරගාවලිය සංවිධානය කෙරේ. තරගාවලියට දිවයිනේ පාසල් කණ්ඩායම් 16 ක් සහභාගිවේ.
ක‍්‍රිස්බෝ සමාගම අනුග‍්‍රහය දක්වන තරගාවලියේ ශූරයන්ට කුසලානය සමග රුපියල් 100,000 ක ත්‍යාග මුදලක් පිරිනැමේ. අනුශූරතාව දිනාගන්නා කණ්ඩායමට පිරිනැමෙන ත්‍යාග මුදල රුපියල් 50,000 කි.
ජයග‍්‍රාහී පාසලේ ක‍්‍රීඩා සංවර්ධනය උදෙසා මුදල් ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු කළ බව ආදී අශෝකන්ස් ක‍්‍රීඩා සමාජයේ සභාපති කපිල පල්ලියගුරු මහතා පැවසීය.
පසුගිය වසරේ පැවැති අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේදී දස්කම් දැක් වු පාසල් කණ්ඩායම්වලට මෙන්ම කොළඹින් පිට පළාත්වල පාසල්වලට ද තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව හිමිව ඇතැයි පල්ලියගුරු මහතා පවසයි.
යාපනය කොකුවිල් හින්දු විද්‍යාලය ද තරගාවලියට සහභාගිවේ.
තරගාවලියට සහභාගිවන පාසල්:
තර්ස්ටන්, කොළඹ සහිරා, දෙහිවල එස්.ද.එස්. ජයසිංහ, මොරටු විද්‍යාලය, කොකුවිල් හින්දු විද්‍යාලය, කළුතර විද්‍යාලය, කඳාන ද මැසනොද්, මහනුවර ධර්මරාජ, කෝට්ටේ ජනාධිපති, කොළඹ අශෝක, පානදුර රාජකීය, මාතර ශා. සර්වේසස්, කොළඹ ඞී. එස්. සේනානායක, වෙන්නප්පුව ජෝශප් වාස්, අම්බලන්ගොඩ ධර්මාශෝක සහ ලූම්බිණි යන විදුහල්
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd