හබරණ පුවක්පිටිය අනාරක්ෂිත දුම්රිය හරස් පාරේ වසර දහ අටක් තිස්සේ ස්වේච්ඡා මුරකාරිය ලෙස අලුයම තුනේ සිට රාත්‍රී 11 වන තුරු සේවය කරන ගෙවිලියකි එස් සිරියාවතී මහත්මිය. ඇය තුන්දරු මවකි. ඇගේ එකම ඉල්ලීම උණ බම්මු දෙකක් හා අසළ විදුලි කණුවට විදුලි බල්බයක් සවි කැර දෙන ලෙසයි. තම සේවයෙන් ලොකු සතුටක් ලබන බව ඇය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාගේ ඉල්ලීම ඉටුකරන්න. (නි)
ලංකාවට ආදර්ශවත් අම්මා කෙනෙක්. (නි)
ජාත්‍යන්තර සාම ත්‍යාගය දෙන්න වටිනවා මේකට. බුදු සරණයි! (නි)
මිනිස්සු අතර මිනිසෙක් (දී)
මෙච්චර කාලයක් මේ ගැන කවුරුවත්ම හොයලා බැලුවේ නැද්ද? (නි)
අදහන්න පුලුවන් මවක්.ඔබගේ සේවය රටටම ආදර්ශයක්. (නි)
ලක්මවගේ සැබෑ දියණියක්! සොයුරියනි,ජීවිත ගණනකට සැබෑවටම අභය දානයක් දුන්නා වගේ ඔබේ සේවය අපටත් රටටත් මහත් අභිමානයකි.. නිදුක් නිරෝගිව දිගුකල් ජීවත්වෙන්නයි මාගේ පැතුම.(ස)
මෙන්න නියම මිනිස්සු. (නි)
අම්මේ, ඔබ කරන මෙහෙයට ඔබට ගොඩක් පින්. බලධාරිනි ,18 වසරක් වැඩ වර්ජන,උද්ඝෝෂණ නොමැතිව මේ දිරිය කාන්තාව කළ සේවයට කෘතගුණ සැළකීමට පියවරගන්න. (නි)
අපිව ආරක්ෂාකර ගන්න තමයි මේ සුදානම (දී)
මිනිසා මිනිසාට සේවය කිරීම උතුම් ගුණධර්මයකි. එම ඉල්ලීම හැකිනම් ඉුකර දෙන්න. (නි)
දිරිය මාතාවක්. දීර්ඝායුෂ ලැබේවා! (නි)
අගයන්න අවශ්‍ය කාන්තාවක්. ඇමතිතුමාගේ අවධානය පිණිසයි. (නි)
පිනට පඩිගන්න උදවිය බහුතරක් ඉන්න රටේ මේ අම්මාට මහන්සියට සරිලන වැටුපක් දුන්නා නම් ලොකු පිනක්. (නි)
දුම්රිය දෙපාර්තමේන්තුව නිදිද ? මේ මවට උපරිම සත්කාර කරන්න (ස)
රට වටේ ඉන්න බොරුකාරයින්ට සම්මාන දෙන එකේ මේ අහිංසක අම්මාව ඇගයීමකට ලක් කළා නම් මොකද වෙන්නේ? (නි)
ඔබතුමියගේ මහඟු සේවාව අගයකොට සලකමි. දීර්ඝායුෂ (ස)
මේ ගැහැණු කෙනා ගැන මීට වසර තුනකට කලිනුත් රුපවාහිනි නාලිකාවක ගියා මතකයි, එදා ඉදල අද දක්වාම කිසිම කෙනෙක්ගෙන් උදව්වක් නැති ගානයි, මෙම කාන්තාවගේ දුරකථන අංක නැත්නම් ලිපිනයවත් දාන්න තිබ්බනේ පුළුවන් කෙනෙක්ට උදව්කරන්න කියල.(ස)
රජයේ වියදමින් කළා නම් ලක්ස ගණනාවක වියදමක් යයි නේද? (නි)
ඔබ කරන සේවයට මගේ උත්තමාචාරය පිරි නමමි. ඔබට ඳළදා සමිදු පිහිටයි. දැං පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න, ඔබ එහෙම දෙයක් කරන්නේ කාගේ අවසරයකින්ද කියල බලධාරීන් අහන්න ඉඩ තියෙනවා. මොකද මේ ශ්‍රී ලංකාව.(ස)
එයාගේ ඉල්ලීමත් එයාගේ සේවය වගේම අවංකයි . බලධාරීනි ඔබගෙනුයි එම ඉල්ලීම (ස)
මගෙ ඇස් දෙකට කදුලුත් එනවා. (නි)
මෙහෙම සේවයක් කරන අයව ඇගයීමකට ලක්කරන්නේ නැද්ද? (නි)
මෙන්න ඇමතිතුමනි කරනවා නම් වැඩ. (නි)
නියම වැඩක්. (නි)
නමුත් කාගෙන්වත් ඇගයීමෙන් නැහැ (දී)
ඔබවැනි අය රටට ආදර්ශයක් (දී)
ඔබට දෙවියන්ගේ පිහිට .....!!!!!!!!!! (දී)
අපේ ලොක්කෝ කියාවි, "අවුරුදු 18 කළා නම් ඉතිරි ටිකත් ඒ විදියට කොරාපන්, අපේ උන් ඔය ගේට්ටු වලින් පනින්නේ නැහැ" කියලා. (නි)
අවංක සේවයක්. ඇමතිතුමනි, මේ ගැන සොයා බලන්න. (නි)
බලධාරීන්ගේ ඇස් ඇරේවා !!!!!(දී)
ඔබට මගේ උත්තමාචාරය (දී)
ඇමතිතුමනි, මේ කෙරෙහි අවධානය යොමුකරන්න. (නි)
මිනිස් ශ්‍රමයේ වටිනාකම සහ කාලයේ වටිනාකම ගැන ඔබේ හැගීම කුමක්දැයි මට නම් සිතාගන්නට බැහැ. (නි)
අපි සියලු දෙනාටම ලොකු ආදර්ශයක් . එම චින්තනය මොන තරම්නම් උතුම්ද . දිරිය මවුනි ඔබ රටට සම්පතක් (ස)
ඇය විශිෂ්ට කාන්තාවක්. (නි)
ආදර්ශමත් චරිතයක් (දී)
මෙහෙම මිනිස්සුන්ගේ තමයි සේවය ස්ථිර කරලා වැටුපත් ගෙවන්න ඕනෑ. (නි)
වනසිව්පාවුන් වැනි මිනිස්දුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත (දී)
බුදු සරණයි මේ අම්මට! (නි)
මුදලට විකිණෙන "දේශබන්දු" කීර්ති නාමයට සෑබෑවටම සුදුසු, රාජ්‍ය ගෞරවය නිබදව ලෑබිය යුතු දිරිය කාන්තාවක්. (නි)
ඔබ තුමියගේ ජාතික මෙහෙවර අගය කළ යුතුයි. ඒ වුණාට ඔබතුමියගේ නම දාල ගේට්ටු කරුවෙකුගේ වැටුප කවුරු හරි නිලධාරියෙක් ගන්නවද කියලා හොයලා බලන්න. දේසපාලුවොයි බඩජාරි නිලධාරියෝයි පොඩ්ඩක්වත් විශ්වාස කරන්න බැහැ. (නි)
දයාබර අම්මේ ඔබේ සේවය අගෙයි. ඔබට නිදුක් නිරෝගී සුව හා දිර්ඝායුෂ (ස)
ආදර්ශමාත් කාන්තාවක් (දී)