පොලිස් නිලධාරීනුත් මුදලට නැමෙනවා - පොලිස්පති යාපනයේදී කියයි පොලිස් නිලධාරීන් ද මුදලට හා කාන්තාවන්ට නැමෙන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද යාපනයේ දී පැවසීය. පොලිස්පතිවරයා ඒ බව පැවසුවේ හස්ත මුද්‍රාවෙන් එම සිදුවීම් දෙක පෙන්වමිනි. 12 July 2018
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සාධරණයි - අගරදගුරුතුමෝ කියති මරණ දණ්ඩනයට ලක්ව හිරගෙවල්වල හිඳිමින් දරුණු අපරාධ මෙහෙයවන පුද්ගලයන්ට ඒ දඬුවම ක්‍රියාත්මක කිරීම සාධරණ යැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ පැවසුහ. 12 July 2018
අක්කර 2000ක් වවන්න අක්කර 19,000ක් කපන්න යයි යෝජිත පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය හේතුවන් විල්පත්තු ජාතික වනෝද්‍යානය අවට අක්කර 19,000ක වනාන්තර විනාශයට පත් වන බව පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසීය. 12 July 2018
ජනපතිගේ වැඩපිළිවෙළට අගමැතිගෙන් මුදල් ඇමතිගෙන් බාධා - එස්බී රටේ ආර්ථීකය සංවර්ධනය කිරීමේ අවංක උවමනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇති නමුත් අගමැතිවරයා සහ මුදල් අමාත්‍යවරයා එයට ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය. 12 July 2018
මාධ්‍ය ප්‍රකාශක තනතුරින් යැව්වාට ඩිලාන්ගෙන් ජනපතිට තුති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට තමන් සුදුසු නැති බව පිළිගන්නා බවත්, තමාව ඉන් ඉවත් කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වන බවත් ශ්‍රී.ල.නි.ප පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය. 12 July 2018
තොරතුරු සැපයූවන් පොලිසියට කැඳවූ නිලධාරීන්ට ක්‍රියාමාර්ග ගන්නැයි පැමිණිල්ලක් නෙත් එෆ්එම් ගුවන් විදුලි නාලිකාවේ බැලුම්ගල වැඩසටහනට තොරතුරු සැපයූවන් සොයා කොල්ලුපිටිය පොලිසිය ආරම්භ කළ විමර්ශනයට එරෙහිව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජාතික පොලිස් කොමිෂන් සභාවට සහ පොලිස්පතිට පැමිණිල්ලි කර තිබේ. 12 July 2018
චිත්‍රපට සංස්ථාවට එරෙහි වාරණය දිගටම චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු ජාතික චිත්‍රපට සංස්ථාවට පවරාගැනීම වළක්වලමින් නිකුත් කර තිබූ වාරණය ලබන 25 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (12) තීන්දු කළේය. 12 July 2018
ඇමැති ෆොන්සේකාගේ අලි යෝජනාවට පරිසරවේදීන්ගේ විරෝධය සිංහරාජයේ සිටින අලි දෙන්නා හෙක්ටයාර 36ක ප්‍රදේශයකට කොටු කිරීම සම්බන්ධයෙන් ඉදිරි පත් වී ඇති යෝජනාවට විරෝධය දක්වන බව පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසීය. 12 July 2018
බනිස් මිලත් රුපියල් 5කින් ඉහළට පාන් හැර බනිස්, මාළු පාන් ඇතුලු සියලු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5.00කින් වැඩි කිරීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 12 July 2018
විජයකලාගේ ප්‍රකාශ ගැන ස්වදේශ කටයුතු ඇමැතිගෙන් ප්‍රකාශයක් ගනී එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය පිළිබඳව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව අපරාධ නිවාරණ කොට්ඨාශය පවසයි. 12 July 2018
‘ පිං පඩි ගන්න මන්ත්‍රීවරු කොටි හිතවාදී ප්‍රකාශ නිකුත් කිරීම බරපතලයි‘ “පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන්නේ පින් පඩි ගසන. පිං වාහන ගන්න. පිං විශාම වැටුප් ගන්න මිනිස්සු ටිකයි.වෙන අය වගේ නොවෙයි පිං පඩි ගන්න මන්ත්‍රීවරුන් කොටි හිතවාදී ප්‍රකාශ නිකුත් කිරීම බරපතළයි.” 12 July 2018
තායිලන්ත අගමැති දෙදින සංචාරයක් සඳහා ලංකාවට තායිලන්තයේ අග්‍රාමාත්‍ය ප්රයත් චාන් ඕ චා මැතිතුමා ඇතුළු දූත පිරිස දින දෙකක ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (12) තායිලන්ත ගුවන් හමුවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 12 July 2018
පුද්ගලයින් අතුරුදන් කළ වෑන්රියේ තොරතුරු නාවික හමුදාවෙන් වසන් කරලා කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමට යොදාගත් බව කියන නාවික හමුදාවේ වෑන් රථය ඉන් පසුව සම්පුර්ණයෙන්ම අළුත්වැඩියා කොට ඇතත් එම අළුත්වැඩියාවන් සම්බන්ධ තොරතුරු ලබාදීම නාවික හමුදාව විසින් මේ දක්වාම මඟහරින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට අද (12) දැනුම් දුන්නේය. 12 July 2018
ඇමැති බදියුදීන්ට එරෙහිව නීතිඥයකුගෙන් පැමිණිල්ලක් විලත්තිකුලම් වන රක්ෂිතය එළිපෙහෙළි කිරීමට එරෙහි අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් වැරදි තොරතුරු අඩංගු දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ එහි වගඋත්තරකරු කර සිටින 12 July 2018
ඉන්ධන මිල වැඩිවීම ගැන ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි දේශීය ඉන්ධන මිල අසාමාන්‍ය ආකාරයට වැඩිවීම පිළිබඳව ආණ්ඩුව ජනතාවට පැහැදිලි කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 12 July 2018
‘අධ්‍යාපන අමාත්‍යංශය වසර 30 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩලා‘-අගමැති කියයි අධ්‍යාපන ආයතන සහ විශ්ව විද්‍යාල වලින් ඉගැන්වීමේ සුදුසුකම් ඇත්තාවුද ඩිප්ලොමා සහ උපාධි සුදුසුකම් ඇති අය පමණක් ගුරු සේවයට බඳවා ගත යුතු බවට 1987 වසරේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළු කළ වගන්තිය වසර 30 ක් තිස්සේ ක්‍රියාත්මක නොකිරීමෙන් අධ්‍යාපන අමාත්‍යංශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි අයුරින් ක්‍රියා කර තිබෙන බව අගමැතිවරයා පැවසීය. 12 July 2018
ගිනි අවි සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට මෙරට නිෂ්පාධිත ගිනි අවි හතරක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු සමඟ පතුරම් දොළහක්, කඩු පහක්, යතුරු පැදියක් ඇල්පිටිය කොට්ඨාස නීතිය බලගැන්විමේ ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ. 12 July 2018
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනපති මතය හා ගැටෙයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත අහෝසි කරන්නැයි මෙරට ජනමාධ්‍ය සංවිධාන කලක් තිස්සේ කළ ඉල්ලීම නොතකා පුවත්පත් මණ්ඩලයට නව අධ්යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය දැඩි සේ හෙළා දකින්නේ යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 12 July 2018
පාර්ලිමේන්තු සහකාර වේත්‍රධාරී තනතුරට අයදුම්පත් කැඳවයි පාර්ලිමේන්තු සහකාර වේත්‍රධාරී තනතුරු ඇබෑර්තු වී ඇත. 12 July 2018
මහසොන් බළකා නායකයා ආහාර වර්ජනය කරයි අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා ඇති මහ සොහොන් බළකායේ නිර්මාතෘ සහ එහි නායක අමිත් වීරසිංහ ආහර වර්ජනය කර ඇතැයි බන්ධනාගරය සඳහන් කරයි. 12 July 2018
මිනිස් හිස්කබල් 38 ක අස්ථි කොටස් හමුවෙයි මිනිස් අස්ථි කොටස් හමුවූ මන්නාරම සතොස ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ වැඩිදුරටත් සිදුකළ කැණීම් වලදී මිනිස් හිස්කබල් 38 කට අයත් අස්ථි කොටස් විශාල ප්‍රමාණයක් සොයාගත් බව කැණීම් සිදුකරන නිලධාරීහු පවසති. 12 July 2018
දියතලාව ගුවන් හමුදා කඳවුරේ ගින්නක් දියතලාව ගුවන් හමුදා කඳවුරේ සිසු නිළ නිවාසයක මේ විට ගින්නක් හටගෙන තිබේ. 12 July 2018
අල්ලස් කොමිසමෙන් දූෂණ විරෝධී ප්රචාරක වැඩපිළිවෙළක් දූෂණවිරෝධී සංස්කෘතිය වර්ධනය කෙරෙන පරිදි මහජනතාව දැනුම්වත් කිරීමේ ප්රචාරක වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත. 12 July 2018
යුවළ බිය ගන්වා මුදල් පැහැරගත් කොස්තාපල්වරුන් දෙදෙනකු අත්අඩංගුවට නාරාහේන්පිට නගරයේ දී මෝටර් රථයක සිටි පෙම් යුවළක් බිය ගන්වා රුපියල් 5000 ක මුදල් බලෙන් ලබා ගැනීම හා රථයේ සිටි පෙම්වතියට අතවර කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් නාරානේපිට පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අද (12) අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි. 12 July 2018
‘ නකල්ස් විකුණන්න දෙන්න බෑ‘ ‘දුම්බර කදුවැටිය හෙවත් නකල්ස් රක්ෂිතය කියන්නේ අපේ රටේ මහා සම්පතක්.ඒ නිසයි එක්සත් ජාතින්ගේ සංවිධානය මේක ලෝක උරුමයක් ලෙස නම් කළේ. රජය මගින් 2000 වසරේ මෙය අධි රක්ෂිතයක් ලෙස නම් කළා. වර්තමානය වන විට ඒ කලාප මායිමේ ඇති රාජ්‍ය වතු ඉඩම්වල අක්කර විසි එක්දහසක් විකුණන්න යනවා.අපේ දිස්ත්‍රික්කයේ සියලු වතුවල මේ ඉඩම් දෙන්න යනවා.‘ මේ නිසා දැවැන්ත පරිසර පද්ධතියක් විනාශයට පත්වන බව නාඋල ප්‍රාදේශිය සභාවේ සභාපති සනත් දසනායක මහතා පැවසිය. 12 July 2018
සේරුනුවරින් අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් රඳවා ප්‍රශ්න කිරිමට නියෝග රුපියල් කෝටි 12 ට ආසන්න වටිනා හොරොයින් මත්කුඩු තොගයක් සමඟ ඊයේ (11) කන්තලේ සේරුනුවර දී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මෙම 17 වැනි දා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මුතූර් මහේස්ත්‍රාත් එම් එස් එම් සම්සුඩීන් මහතා අද (12) නියෝග කළේය. 12 July 2018
බස් ගාස්තු වැඩිවන්නේ නැහැ: ගමනාගමන කොමිසම කියයි ඩීසල් ලීටරයක මිල රුපියල් 9.00කින් ඉහළ ගියත් බස් ගාස්තු වැඩිවීමක් කිසිසේත් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. 12 July 2018
ගෝන මස් සමඟ එජාප අපේක්ෂකයෙක් අත්අඩංගුවට පොලොන්නරුව කලහගල ධීවර ගම්මානයේ සිට පොලොන්නරුව දෙසට වියළි ගෝනමස් කිලෝ 8ක් ප්‍රවාහනය කරමින් සිටි පළාත් පාලන මැතිවරණයට පොලොන්නරුවේ ප්‍රාදේශීය සභාවට තරග කළ (එජප) 12 July 2018
ඉරට්ටපෙරියකුලමින් කොටි අත්බෝම්බයක් හමුවෙයි වව්නියාව, ඉරට්ටපෙරියකුලම අලුත්ගම ප්‍රදේශයේ හේන් ඉඩමක තිබි එල්.ටී.ටී.ඊ සංවිධානය නිෂ්පාදනය කළ තමිලන් ගුණ්ඩු වර්ගයේ අත්බෝම්බයක් සොයා ගත් බව වව්නියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය පවසයි. 12 July 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026