'නේවි සම්පත්' අත්අඩංගුවට 2007 වර්ෂයේ දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධියට අදාළව වරෙන්තු ලැබ අතුරුදන්ව සිටි හිටපු ලුතිනන් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් ’නේවී සම්පත්’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 14 August 2018
තරුණියගෙන් කප්පම් ගත් කතුන් දෙදෙනකු ඇතුළු අයෙක් අත්අඩංගුවට විසි දෙහැවිරිදි තරුණියකගේ නිරුවත් ඡායාරූප මුහුණු පොතට මුදා හරින බවට තර්ජනය කර එම තරුණියගෙන් රුපියල් දස දහසක කප්පමක් ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි. 14 August 2018
බිරියට පිහියකින් ඇන තුවාල කළැයි සැමියා අත්අඩංගුවට කොම්පඤ්ඤවීදිය පෞද්ගලික රෝහලක පවිත්‍රා අංශයේ සේවිකාවකට එම රෝහල ආසන්නයේ දී අද (14) පෙරවරුවේ පිහියකින් ඇන තුවාල සිදු කිරීම සම්බන්ධයෙවන් ඇයගේ සැමියා අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි. 14 August 2018
නව තැපැල්පති ධුරය රංජිත් ආරියරත්නට පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ රංජිත් ආරියරත්න මහතා අද (14) සිට නව තැපැල්පති ලෙස පත් කර තිබේ. 14 August 2018
රත්නපුර අධිකරණයේ දී පැනගිය රැඳවියා අත්අඩංගුවට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ දී බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදි පැනගිය 27 හැවිරිදි සැකකරුවෙකු පැය විසිහතරක් ගතවීමට පෙර දම්බුලූවන කහවත්ත, දෙමටකැටිය ප්‍රදේශයේ පාලූ නිවසක සිටියදී අද (14) අත්අඩංගුවට ගත් බව කිරිඇල්ල පොලීසිය පවසයි. 14 August 2018
මුදල් වංචා කළැයි උප තැපැල් ස්ථානාධිපතිවරිය රිමාන්ඩ් විවෘත නොවු තැපැල් ඉතිරි කිරිමේ ගිණුම්වල මුද්දර ඉදිරිපත්කර තැපැල් කාර්යාල වලින් වංචනික ලෙස රුපියල් 47500/-ක් ලබාගත් වැඩ තහනමට ලක්වි සිටින උපතැපැල් ස්ථානධිපතිනියක් ලබන 24 දා දක්වා බන්ධනාගාරගත කර ලෙස කන්තලේ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තුසිත ධම්මික උඩුව විධාන මහතා කන්තලේ මුලස්ථාන පොලිසියට නියම කළේය. 14 August 2018
උද්ඝෝෂණයේ නිරත රැඳවියන්ට පාර්සල් 17 ක් එළියෙන් බන්ධනාගාර වහළය මත රැදී උද්ඝෝෂණයේ නිරතව සිටින රිමාන්ඩ් බන්ධනාගාර කාන්තා රැඳවියන්ට ලැබුණු පාර්සල් 17ක් බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබේ. 14 August 2018
ජ’පුර මරණ පරීක්ෂණවලට මුදල් අයකිරීම ගැන වෛද්‍ය සංගම් කරුණු විමසයි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී සිදුකරනු ලබන මරණ පරීක්ෂණවලට මුදල් අයකිරීමට එම රෝහල් කළමනාකරණ මණ්ඩලය තීරණය කළේ කවර පදනමකින් දැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එම රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේ මහතාගෙන් ලිඛිතව විමසා ඇත. 14 August 2018
රුවන්පුරේ මැණික් ව්‍යාපාරිකයෙක්ට වෙඩි ප්‍රහාරයක් රත්නපුර කලවාන ප්‍රධාන පාරේ මාරපන ප්‍රදේශයේ දී අද (14) අලූයම නිවිතිගල සිට රත්නපුර දෙසට ගමන් කළ ඩිෆෙන්ඩර් වර්ගයේ මෝටර් රථයකට කිසියම් පිරිසක් වෙඩි තබා ඇතැයි නිවිතිගල පොලිසිය කියයි. 14 August 2018
බන්ධනාගාරය අවට ආරක්ෂාව තර කරයි බන්ධනාගාර වහළය මත රැදී සිටින රැදවියෝ ඉන් බස්සවා ගැනීමට බන්ධනාගාර ඉහළ නිලධාරී උත්සාහ දැරූවද අද (14) සවස 2.20 වන විටත් රැදවියෝ එයට එකඟ වී නොමැත. 14 August 2018
අධීක්ෂණ මන්ත්‍රීලාගේ ප්‍රවාහන දීමනාව ඇමතිවරුන් ලෙස පත්වූ අයගෙන් ඉවතට පාර්ලිමේන්තුවේ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට හිමිවූ රුපියල් ලක්ෂ දෙකේ ප්‍රවාහන දීමනාව මෑතකදී රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර ලැබූ අයගෙන් කපා දැමූ බව ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එච් කරුණාරත්න මහතා ලංකාදීපයට පැවැසීය. 13 August 2018
ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමේ සැලැසුම ගැන පොලිස් පරීක්ෂණ ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකු වන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ අරඹා ඇත. 13 August 2018
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300ක් කඩිනමින් බඳවා ගැනීමට පියවර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300ක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. 13 August 2018
බන්ධනාගාර විරෝධතාවයේ පසුබිම් කතාව වැලිකඩ බන්ධනාගාරායේ කාන්තා රැඳවියෝ 25 දෙනෙක් පමණ අද පෙරවරු 6.00 සිට එහි වහලය මතට නැගී විරෝධතාවයක නියැලුනේ තමන් එතෙක් විඳි පහසුකම් අහිමිවූ නිසා බව බන්ධනාගාරයේ ඇතුළත තතු දන්නෝ කියති. 13 August 2018
සෞදියේ ජාතික ආරක්ෂාවට බලපෑම් කළැයි ලාංකිකයෙකු අත්අඩංගුවට ත්රස්තවාදීන් සමඟ සම්බන්ධතා පවත්වමින් හා ත්‍රස්ත ක්‍රියාකාරම් වල නිරතවෙමින් සෞදියේ ජාතික ආරක්ෂාවට බලපෑම් කළා යැයි කියන චෝදනා යටතේ ශ්‍රී ලාංකිකයෙකු සෞදි බලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි සෞදි ගැසට් වෙබ් අඩවිය අද (13) වාර්තා කළේය. 13 August 2018
මැලේරියා රෝගීන් යළි හමුවෙයි මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගත් ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගීන් පිරිසක් යළි හමුවී ඇතත් මැලේරියා මර්දන කටයුතු සඳහා ලෝක පරිත්‍යාග නොලැබෙන බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ වෛද්‍ය මදුනාත් මාරසිංහ මහතා පවසයි. 13 August 2018
මහනුවර - රාගල මාර්ගයේ අනතුරකින් අයෙක් මරුට මහනුවර - රාගල මාර්ගයේ කටුගස්හින්නේ කැබ් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 13 August 2018
විභාග අපේක්ෂකයා ළඟ දුරකතනයක් ගම්පහ විභාග මධ්‍යස්ථානයක අපේක්ෂකයකු විභාගය අතරතුර දුරකතනයක් භාවිත කරද්දී සොයා ගත් බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. 13 August 2018
උතුරු ඇමැති ගැටලුවට ආණ්ඩුකාරවරයා මහ ඇමැතිගෙන් විසදුම් ඉල්ලයි උතුරු පළාතේ අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් පැනනැඟී ඇති ගැටලුකාරී තත්ත්වයට හොඳම සහ පැහැදිලිම විසඳුම සමස්ථ අමාත්‍ය මණ්ඩලයම ඉල්ලා අස්වී නව අමාත්‍යවරුන් නම් කර දිව්රුම් දීම යැයි එම පළාතේ ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය. 13 August 2018
බලාගාර තුනකින් හදිසි විදුලි මිලදී ගැනීම්වලට අවසර ඉල්ලයි පෞද්ගලික බලාගාර තුනකින් හදිසි අවශ්‍යතාවය මත විදුලිය ලබා ගැනීමට නව ගිවිසුම්වලට එළඹීමට අවස්ථාව ලබා දෙන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් එස් බටගොඩ මහතා ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යවමින් ඉල්ලා තිබේ. 13 August 2018
රඳැවියෝ ගහ ගනිති - හතරක් රෝහලේ බන්ධනාගාරයේ වහලය මත නැඟ විරෝධයේ නිරතව සිටි කාන්තා රැඳවියන් අතර ඇති වූ ගැටුමකින් පසු හතර දෙනකු රෝහල් ගත කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි. 13 August 2018
වහලය උඩ නැඟි රැඳවියන්ට ඇමතිනිය තදින් හිටී ‘‘වහලය උඩ නොවෙයි කොහේ නැග්ගත් බන්ධනාගාගරය තුළ සිදුවෙන නීති විරෝධී වැඩ මම නතර කරනවා’’ යැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය. 13 August 2018
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේන් සංදේශයක් බන්ධනාගාර තුළ සිදුවන අසාධාරණ ක්‍රියාවන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාලයට හෙට (14) සංදේශයක් භාර දෙන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මහතා පැවැසීය. 13 August 2018
ඇමැතිනිය බන්ධනාගාර ලොක්කන්ගේ තටු කපයි බන්ධනාගාරය තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් විවිධ මත වාර්තාවන අතර එම සිද්ධින් සම්බන්ධයෙන් මාධ්‍ය විමසන කරුණු සඳහා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාට හෝ කොමසාරිස්වරයාට ප්‍රකාශ නිකුත් නොකර ලෙස තමා උපදෙස් දී ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය. 13 August 2018
හක් බෙල්ලන් අළෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට නීති විරෝධි ලෙස හක් බෙල්ලන් 2000 කට ආසන්න තොගයක් අළෙවි කිරීම ට සඟවා ගෙන සිටි සැකකරුවකු බත්තුළුඔය පුදිකුඩිරිප්පු ප්‍රදේශයේදී තම්බපන්නි නාවික කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් සහ ධීවර නිලධාරීන් එක්ව කළ වැටලීමකදී අද (13) අත්අඩංගුවට ගෙන තිබුණී. 13 August 2018
පේරාදෙණිය සරසවියේ සෙසු පීඨ 20 වැනිදා යළි විවෘතයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය හැර අනික් සියලුම පීඨ 20 වැනිදා විවෘත කරන බවත් ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිගේ හා පීඨ මණ්ඩලයේ ඉල්ලීම මත ඉංජිනේරුපීඨය 27 වන දා විවෘත කරන බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතා පැවසීය. 13 August 2018
බස්නාහිර පළාත් සබේ පනතට පටහැනිව ජවිපෙන් පැමිණිල්ලක් බස්නාහිර පළාත් සභාවේ තනතුරු හතරක් පළාත් සභා පනතට පටහැනි යැයි පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කණ්ඩායම අද (13) විගණකාධිපතිට පැමිණිල්ලක් බාර දුන්හ. 13 August 2018
සංශෝධනයෙන් සේවක ආර්ථ සාධකය වැනසෙනවා - දුමින්ද නාගමුව ආණ්ඩුව සේවක අර්ථසාධක අරමුදලට ගෙන එන්නට සුදානම්වන සංශෝධන වලින් එම අරමුදල විනාශ වීම වැළැක්විය නොහැකි යැයි කම්කරු අරගල මධ්ස්ථානය කියයි. 13 August 2018
රංගන ශිල්පිනියගෙන් මුදල් වංචා කළැයි චිත්‍රපටි අධ්‍යක්ෂක අත්අඩංගුවට සුඛෝපභෝගී මෝටර් රථයක් ආනයන කර දෙන බව පවසා රංගන ශිල්පිනියකගෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් වංචා කළ බව කියන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයකු අද (13) අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි. 13 August 2018
දුන්හිද බලන්න කෙටි මාර්ගයක් දෙස් විදෙස් සංචාරකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් බදුල්ල දුන්හිඳ දියඇල්ල නැරඹීමට යාම සඳහා නව කෙටි මාර්ගයක් බදුල්ල කලන්වත්ත හරහා ඉදිකිරිමට කටයුතු කර ඇතැයි බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති රම්‍යසිරි මන්තිලක මහතා පැවසීය. 13 August 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026