දෙදරු මවක් අභිරහස් ලෙස මියයයි
විසිහතර වියැති දෙදරු මවක් අද (11) අලුයම අභිරහස් ලෙස මියගොස් මේ වනවිට පොලිස් පරීක්ෂණ අරභා ඇත. වඳුරඹ පිලගොඩ වත්ත, කොකාවල, කුරුමිණි බංගලාව යන ලිපිනයේ පදිංචිව සිටි එම වත්තේ කුලී වැඩ කරමින් ජීවිකාව ගෙවන එම.විජය ලක්ෂ්මි නමැති කාන්තාව මෙසේ අභිරහස් ලෙස මරමුවට ලක්වී ඇත.සැකපිට ඇයගේ ස්වාමිපුරුශයා,ඔහුගේ සොහොයුරා හා සොහොයුරාගේ බිරිද පොලිස් අත්අඩංගුවේ පසුවෙති.