( අංජුල මහික වීරරත්න )
‘තාක්ෂණය උවමනා නැහැ, අපිට ගමේ වවාගෙන කාලා ඇති‘ යනුවෙන් කවුරුන් හෝ කියනවානම් එය රට කන අදහසක් මිස වෙන එකක් නොවේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද පැවසීය.
තාක්ෂණය නැතිව රටක් දියුණු වන්නේ නැති බව කී අගමැතිවරයා අපගේ කීර්තිමත් යුගය වන අනුරාධපුර යුගයේ පාලකයින්ටත් ඒ කාරණය වැටහී තිබූ බව සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේව කීවේ තාක්ෂණ අමාත්‍යංශයේ ‘ශිල්ප සේනා‘ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය විවෘත කරමිනි.
එදා ලංකාව තරම් ඉංජිනේරු තාක්ෂණයෙන් දියුණු වු රටක් නැහැ. ඒ දැනුම පදනම් කරගනිමින් එදා යෝධ ඇළ හැදුවා මින්නේරිය, කලාවැව හැදුවා. සීගිරිය, රුවන්වැලි සෑය අභයගිරිය, ජේතවනාරාමය දාගැබ් ඉදිකළා. නෞකා ශිල්පය ගැන ගැන දැනුමක් තිබුණා. ඒ නිසා ඉන්දියන් සාගරය චීනය දක්වා යන නැව් ලංකාවේ නිෂ්පාදන කටයුතු සඳහා මෙහි පැමිණියා" යනුවෙන්ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
‘ශිල්ප සේනා ‘ ප්‍රදර්ශන ශක්තිමත් දෑතකින් පොහොසත් රටක් යන තේමාවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (18) සිට ලබන ඉරිදා (21) තෙක් පැවැත්වෙයි. විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුත්තර පුංචලාට ඇත්තේ රට කන අදහස් ....ටැබ් දීම ...විල්පත්තු කැපීම ....මහා බැංකු කොල්ලය .....සුළුජාතීන් ඉදිරියේ දනින් වැටීම
බංකු කඩන්නේ නැතිව අපිට දියුණු වෙන්න බැහැ...
අනේ පව් නේද අප්පුහාමි.. තමුන්නාන්සේලාට රටේ දියුණුව මතක් වෙන්නේ ඡන්දයක් කිට්ටු වෙනකොටද? අගමැතිතුමෝ ඔය මොන සෙල්ලම් දැම්මත් මොනවා කිව්වත් මෙදා පාර නම් ගෙදර යනවා. ඒ නිසා රටේ ජනතාව තමුන්නාන්සේලා වගේ මෝඩයෝ නෙමෙයි කියලා මතක තියා ගත්තොත් හොඳයි.
තරුණයින්ට බ්‍රේස්ලට් දාන එක තාක්ෂණයේ උපරිමය වෙන්න ඇති...
යුරේකා.... ලෝකයේ කිසිවෙකු මෙතෙක් සොයා නොගත් යමක් සොයා ගැනීම නිසා ඇතිවුණු චිත්තප් ප්‍රීතියෙන් සූත්තර පුංචා උපන් ඇඳුම සමගින් ගාලු මෝදර ඒ මේ අත දුවනු දැකගත හැකිවිය. මෙම වසරේ ලෝකයේ හොඳම සොයාගැනීමට ලබාදෙන නොබෙල් ත්‍යාගයට අදාළ අසුචි ඔටුන්නට සූත්තර පුන්චාගේ නම යෝජනා කර ඇති බවට දන්වන්නෙමි.
ඒක අපිට කියල හරියනවද? ඒකටනේ ඔයා ඇමති කෙනක් පත්කලෙත්. කයිවාරු නැතුව ප්‍රායෝගික වැඩේ පෙන්නන්න
නිහාල් වගේ පසුගාමී එක මනුස්සයෙක් ඇති මුලු රටම වනසන්න