(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ අතර මේ වනවිට පැවැත්වෙන සාකච්ඡා ළඟ ළඟ පවත්වා ඉක්මණින් අවසන් කළ යුතුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවැසීය.
ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා තෝරා ගැනීම සිදුකළ යුත්තේ දෙපාර්ශවය එකමුතුවීමෙන් පසුව යැයි ද හෙතෙම කියා සිටියේය.
කෙසේ වෙතත් දැනට බැලූ බැල්මට සුදුසු චරිතයක් සේ පෙනෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවත් තෝරා ගන්නා අපේක්ෂකයා කවුදැයි 11 වැනිදා හෙළිකිරීමට බලාපොරොත්තු වන බව රාජපක්ෂ මහතා කී බවත් අමරවීර මහතා සදහන් කළේය.
සමහර පසුපෙළ මන්ත්‍රීන් මේ පක්ෂ දෙකේ එකතුවීමෙන් පළක් නැතැයි පවසන නමුත් එසේ එකතු වීමේ ඇති වැදගත්කම මහින්ද රාජපක්ෂ මහතාට පෙනෙන බව ද මන්ත්‍රීවරයා කීය. කෙසේ වෙතත් මේ සන්ධානය හැදෙන්නේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන පමණක් නොවන බවත් මෙතෙක් කළ කිසිදු සාකච්ඡාවක ජනාධිපතිවරණය ගැන සාකච්ඡා නොකළ බවත් හෙතෙම කියා සිටියේය.
මහින්ද අමරවීර මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (18) පැවති පක්ෂයේ මාධ්‍ය හමුවේ දීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකතු විය යුතුයි. නමුත් ඒ ගෝඨාභය මහතාගේ ජනපති අපේක්ෂකත්වය යටතේ පමණයි. සිරිසේන මහතා විසින් ශ්රීලනිපය මරා දමා ඇති නිසා ජාතික දේශපාලනයට වර්තමානයේ ඊට කල හැකි බලපෑම අවමයි. ශ්රීලනිපය වෙනම ඉල්ලුවොත් ජෙප්පන්ටත් පහලට වැටීම නොවැලක්විය හැකියි.
එකතු වෙනවා කියන්නේ පවුල් සංගමයකට යටත් වෙනවා කියන එක නෙවේ නේද මහත්තයෝ ? බණ්ඩාරනායක මහත්තයාට පුලුවන්නම් වෙන දේ කියල දෙයි සුද්ද සිංහලෙන්ම.
ශ්‍රිලනිපය ලෙස ඉතුරුවී සිටන පිරිස වාසි පැත්තට හේත්තු වෙන්න දගලන හැටි විතරක්. ප්‍රාදේශීය සභා ඡන්දයෙන් නිකමට හරි යුන්පි එක දිනන්නා නම් ඒකත් එක්ක තවමත් ආන්ඩුවේ ඉන්නවා. නුමුත් යුන්පි එක පැරදිලා රැල්ල පොහොට්ටුවට නිසා මේ හදන්නේ ඒකෙත් එල්ලිලා ඒකත් විනාශ කරලා දාන්න.