(චමිල් රූපසිංහ)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨය අද (19) සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට එම විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සියලු සිසුන් අද (19) පස්වරු 6 ට පෙර විශ්ව විද්‍යාල භුමියෙන් ඉවත් විය යුතු බවද නිවේදනයේ සදහන්ය.
මේ දිනවල විශ්වවිද්‍යාලය තුළ සීසීටිවි සවි කිරීම සම්බන්ධව කළමනාකරණ පීඨයේ සිසුන් අරගලයක යෙදී සිටින අතර, මේ සම්බන්ධව දෙපාර්ශවයම සමඟ සාකච්ඡා කර විසඳුමක් නොමැතිවීමෙන් සිසුන්ගේ අධ්‍යපනික කටයුතු පවා සිදු නොවන අවස්ථාවක් උදාවී තිබේ.
මේ සම්බන්ධව තවදුරටත් සාකච්ඡා කර විසඳුමක් ලබාගැනීම සඳහා සියලුම නිලධාරීන් සමඟ සාකච්ඡා කර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය විසඳුමකට පැමිණෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බවත් නැවත ඉතාම කඩිනමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය ඇරඹීමට කටයුතු කරනු ලබන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී.දිසානායක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සී.සී.ටී.වී. වලට බයවෙන්නේ හොරුනේ... ළමයි මොකෝ හොර වැඩ කරනවයැ බයවෙන්න. ඉගෙන ගන්නවනේ.
විශ්ව විද්‍යාලය තුළ සීසීටීවි සවි කිරීමෙන් නවක වදයට සිදුවන බාධාව පිළිබඳවයි මේ සිසුන් අරගල කරන්නේ...
ලෝකේ ඕනෑම දියුණු රටක විශ්ව විද්‍යාලවල මේවා සවිකර තිබෙනවා. වෙනකක් තබා පෙර පාසල් වලටද සියලු පාසල් වලත් වැසිකිලියේ හැරුණු විට අනෙක් සම තැනකම කැමරා සවිකර තිබෙනවා. එනිසා මෙයට කැමති නැති උදවියට ගෙදර යන ලෙස කියා කැමති කට්ටියට අධ්‍යාපනය ලබාදීම තමයි කළයුතුව ඇත්තේ.