යුදෙව් විරෝධයෙන් ප්‍රංශය තිගැස්සෙයි මේ දිනවල ප්‍රංශයේ යුදෙව් විරෝධයක් පවතී. එහි පළමු විරෝධය පසුගිය සතියේ පැරිස් කලාප අංක 11හි දක්නට ලැබිණි. ඒ තැපැල් පෙට්ටිවල යුදෙව් විරෝධී පාඨ හා නාසි සංකේත අඳිමිනි. පසුගිය 16 වැනි සෙනසුරාදා පැරීසියේ පැවති විරෝධයකදී ප්‍රංශයේ සුප්‍රසිද්ධ දාර්ශනිකයෙකු වන යුදෙව් උපතක් ඇති ප්‍රංශ ජාතික ඇලන් පින්කිල්ක්රට් මහතාට නින්දා අපහාස වන අයුරින් කටයුතු කිරීමට කහජැකට්කරුවෝ ක්‍රියාකළහ. 20 February 2019
විරෝධතාවක් ලෝටස් වටරවුම වසා දමයි විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව, ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබේ. 20 February 2019
හොරණ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී හොරණ ගෝනපල ප්‍රදේශයේ නිවසක බලපත්‍ර රහිතව තබා ගෙන සිටි පිපිරවීම් සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අද (20) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ හොරණ කඳවුර පවසයි. 20 February 2019
ජිනීවා යෝජනා පිළිගැනීම නිසා යුද අපරාධ හා මානව හිමිකම් කඩවූ බව තහවුරු වෙනවා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රීලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව පිළිගැනීම තුළින්ම මෙරට යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සිදුව ඇතැයි තහවුරු වන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛකලනාදන් මහතා පැවසීය. 20 February 2019
කබීර් හෂිම් ශ්‍රීලන්කන්-මිහින් ලංකා ජනපති කොමිසමට එක්සත් ජාතික පක්ෂයේ සභාපති , අමාත්‍ය කබීර් හෂිම් මහතා ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්හි සිදු වු අක්‍රමිකතා සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට පැමිණ තිබේ. 20 February 2019
මන්නාරම සමූහ මිනීවළේ කාබන් වාර්තාව උසාවියට මන්නාරම සමූහ මිනීවලේ කාබන් කාල නිර්ණය වාර්තාව එහි ප්‍රධාන විමර්ශකයා වන අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. 20 February 2019
ලක්ෂ පහක ගංජා සමඟ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු 2ක් අත්අඩංගුවට පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු හා තවත් පුද්ගලයෙකු මෝටර් රථයකින් රුපියල් 500,000කට ආසන්න කේරළ ගංජා තොගයක් රැගෙන යමින් සිටියදී බණ්ඩාරගමදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස මෙහෙයුම් ඒකකය කියයි. 20 February 2019
සංවර්ධන ව්‍යාපෘති සඳහා තවත් ඩොලර් මිලියන 2000ක ණයක් ගන්න යයි සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීම සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 2000 ක විදේශ ණයක් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ. ස්වෛරීත්ව බැදුම්කර හරහා එම ණය විදේශ මූල්‍ය වෙළෙඳපළින් ලබා ගන්නා බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 19 February 2019
මිලියන 33 ක රත්තරන් සමඟ ලාංකික කතුන් දෙනෙකු අත්අඩංගුවට රුපියල් මිලියන 33.1ක් වටිනා රත්තරං තොගයක් අනවසරයෙන් ඉන්දියාවට රැගෙන යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු මුම්බායි ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 19 February 2019
කෝටි 700ක මැණික් සොරා ගත් ‘මධූෂ්ගේ’ ගෝලයෙක් අත්අඩංගුවට මහරගම ඇරව්වල අරලියපුර මැණික් ව්‍යාපාරකයකු සතුව තිබු රුපියල් කෝටි 700 ක් වටිනා දකුණු අප්‍රිකානු නිල් දියමන්තියක් හා මැණික් තොගයක් පොලිස් වෙසින් පැමිණ කොල්ල කෑ පතාල නායක මධූෂ්ගේ ගෝලයකු වන වෙඩිකන්දේ කසුන් නැමැත්තා අද (19) අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි. 19 February 2019
‘‘මැතිසබේ ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන් උසාවි ගෙනයාම සාධාරණද යන්න සිතා බලන්න‘‘ පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් උසාවි දැක්කීම සාධාරණද නැද්ද යන්න නැවත සිතාබලන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය. 19 February 2019
ලංකාවට ආනයනය කරන කිරිපිටි ප්‍රමිතියෙන් යුතු බව වෛද්‍යවරු කියති ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි ප්‍රමිතියෙන් යුක්තවන අතර ඒවායේ අහිතකර ද්‍රව්‍ය අඩංගු බවට මෙතෙක් කිසිදු විද්‍යාත්මක පරීක්ෂණයකින් තහවුරු වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍යවරු පවසති. 19 February 2019
කුඩු ගහන ඇමතිවරුන් ගැන කතානායක රන්ජන්ගෙන් ලිඛිතව ඉල්ලයි කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන මැති ඇමතිවරුන් 24 දෙනෙකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ ගැන තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස කතානායක කරු ජයසූරිය මහතා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට දැනුම් දී තිබේ. 19 February 2019
රංජන්ගේ ප්‍රකාශය සත්‍යයක් යැයි හැඟෙන බව සුසිල් කියයි ඇතැම් කැබිනට් ඇමැතිවරුන් රට වෙනුවෙන් ගනු ලබන තීන්දු තීරණ දෙස බැලීමේදි කැබිනට් අමාත්‍යවරුන් කොකේන් භාවිතා කරන බවට රන්ජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශය සත්‍යයක් බවට හැගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා කොළඹදී පැවැසීය. 19 February 2019
උතුරේ සිට දකුණු ඉන්දියාවට ප්‍රවාහන බෝට්ටු සේවයක් කන්කසන්තුරේ හා තලෛමන්නාරමේ සිට දකුණු ඉන්දියාව දක්වා මගී සහ බඩු භාණ්ඩ ප්‍රවාහන බෝට්ටු සේවයක් ඇරඹීමට රජය තීරණය කර තිබේ. 19 February 2019
කොකේන් භාවිතා කරන ආණ්ඩුවක් සමඟ කොකේන් නැති කරන්න බැරි බව මහින්ද කියයි කොකේන් භාවිතා කරන ආණ්ඩුවක් සමඟ කොකේන් නැති කළ නොහැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කියයි. 19 February 2019
ෆේස්බුක් හරහා පොලිසියට බැන්න තරුණයෙක් අත්අඩංගුවට පිටිගල පොලිසියට හා පොලිස් දෙපාර්තමේන්තුවට හානිදායක අයුරින් ෆේස්බුක් ගිණුම ඔස්සේ පෝස්ට් පළ කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙක් තරුණයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 19 February 2019
වේල්ලවීදියේ වෙඩි තැබීමට සැකපිට ‘රයිනා’ එස්ටීඑෆ් අත්අඩංගුවට කෙසෙල්වත්ත වේල්ලවීදිය ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව ‘රයිනා’ ලෙස හඳුන්වන පාතාල කල්ලි සාමාජිකයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. 18 February 2019
දකුණේ විශේෂ විමර්ශන ඒකකය ගැනත් විමර්ශනයක් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා යටතේ විශේෂ විමර්ශන ඒකකයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 18 February 2019
‘කුඩු ගහන ඇමතිවරුන් 24කගේ ලැයිස්තුවක් දුන්නා’ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගේ තොරතුරු තමන් කතානායකවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (18) පැවසීය. 18 February 2019
කෝටි 4 ක් වංචාවට රේගු නිලධාරීන් දෙදෙනා අනිවාර්ය නිවාඩු රුපියල් 40,000,000 රේගු බදු වංචා කරමින් මෙරටට ආනයනය කරන ලද බීඩි කොළ තොගයේ සිද්ධියට අදාළව සහකාර රේගු අධිකාරිවරයකු සහ රේගු පරීක්ෂකවරයකු අනිවාර්ය නිවාඩු යවා ඇතැයි ශ්‍රී ලංකා රේගුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවේ අද (18) කරුණු වාර්තා කළේය. 18 February 2019
ව්‍යාජ ගුවන් බලපත්‍රයකින් ලන්ඩන් යන්න හැදූ ලාංකික යුවළක් චෙන්නායිහිදී අත්අඩංගුවට ව්‍යාජ ගුවන්ගමන් බලපත්‍ර භාවිතා කොට චෙන්නායි සිට ලන්ඩන් බලා ගුවන්ගත වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික යුවළක් චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බව ‘‘ටයිම්ස් ඔෆ් ඉන්දියා ’’ පුවත් සේවය අද (18) වාර්තා කළේය. 18 February 2019
‘බෝපේ - පෝද්දල මත්ද්‍රව්‍ය මර්දනයට පොලිසිය පියවර ගන්නේ නෑ’ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ පොලිසියට දැනුම් දුන් විට පොලිසිය තම තොරතුරු ජාවාරම්කරුවන්ට දෙන බව බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී උදුල විශ්වජිත් ජයනෙත්ති මහතා පැවසීය. 18 February 2019
රත්ගම තරුණයන් දෙදෙනාගේ අතුරුදන්වීමට පොලිස් පරීක්ෂකවරයෙක් සැකපිට ගාල්ල රත්ගම තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි සැකපිට දකුණු පළාත භාර ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ ක්‍රියාත්මත වූ පොලිස් විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි. 18 February 2019
පළාත් මැතිවරණය වහා පවත්වන්නැයි රීට් පෙත්සමක් පළාත් සභා මැතිවරණය වහාම පැවත්වීමට අදාළ පියවර ගැනීමට මැතිවරණ කොමිසමට නියෝග කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ සාමාජිකයින් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (18) රීට් පෙත්සමක් ගොනු කර ඇත. 18 February 2019
මිලියන 2ක් වටිනා තහනම් පොලිතීන් තොගයක් අත්අඩංගුවට සෞඛ්‍යයට අහිතකර ලෙස කැල්සියම් මිශ්‍ර කළ ආහාර ඇසුරුම් නිෂ්පාදනය කළ පානදුර මහානාම පාරේ පොලිතින් කම්හළක් වටලා රුපියල් මිලියන 2 කට අධික වටිනාකමින් යුත් පොලිතින් නිෂ්පාදන මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. 18 February 2019
’ශ්‍රී ලංකාවේ දේශපාලන සරණාගතයින් බහුතරය බ්‍රිතාන්‍යයට ගිහින් ඇත්තේ වංචාවෙන්’ ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන දෙමළ ජනතාවගෙන් 85% ක් පමණ ව්‍යාජ ගුවන් බලපත්‍ර සහ ව්‍යාජ වීසා පත් ලබා ගනිමින් එරටට පැමිණෙන බව බ්‍රිතාන්‍යයේ පළවන “ස්කයි නිව්ස් ” ප්රවෘත්ති සේවය අද (18) වාර්තා කළේය. 18 February 2019
මාරවිල බස් අනතුර සම්බන්ධයෙන් රියදුරු අත්අඩංගුවට පුද්ගලයින් තිදෙනකු මිය ගොස් තවත් 19 දෙනක බරපතල තුවාල ලබමින් අද උදෑසන හලාවත, මාරවිලදී සිදු වු බස් අනතුර සම්බන්ධයෙන් එම පෞද්ගලික බසයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. 18 February 2019
නවම් පෙරහර හේතුවෙන් මාර්ග කිහිපයක ගමනා ගමනය සීමා කෙරේ කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් මහ පෙරහර හේතුවෙන් අද (18) සහ හෙට ( 19) සවස 7 සිට මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලීසිය කියයි. 18 February 2019
‘සන්ධානය හදා අපේක්ෂකයා තෝරා ගත යුතුයි’ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයා තෝරාගෙන සන්ධානය හැදීම නොව සන්ධානය හදා එහි සාකච්ඡා කර අපේක්ෂකයා තෝරා ගැනීම සිදු කළ යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 18 February 2019
ජැක්ලින් වින්දිතයෙක් - අධිකරණය කියයි ඉන්දීය ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාකරුවකු මෙන්ම කප්පම්කරු ලෙස ද සැලකෙන සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවට මැදි වී සිටින ශ්‍රී ලංකික බොලිවුඩ් නි.. 02 June 2026