මුස්ලිම් පල්ලියක රැඳී සිටි දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට රක්වාන ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුස්ලිම් පල්ලියක රැඳී සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද(03) සැකපිට අත්අඩංගුවට ගත් බව රක්වාන පොලිසිය කියයි. 03 May 2019
අයිඑස් සංවිධානයේ ප්‍රවර්ධන කටයුතු කළ බවට සැකපිට අයෙක් අත්අඩංගුවට අයි.එස්.අයි.එස්. සංවිධානයේ ප්‍රවර්ධන කටයුතු සිදුකළ බවට සැකපිට පුද්ගලයකු දර්ගා නගරය ස්නාපුල්ල පටුමග පදිංචි සැකපිට පුද්ගලයෙකු අද(3) අලුත්ගම පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි. 03 May 2019
පොලිස්පතිට-හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහි පෙත්සම සළකා බැලීම කල්යයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන 21 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීන්දු කරන ලදී. 03 May 2019
ප්‍රහාර සඳහා භාවිත කර ඇත්තේ නිත්‍යනූකූලව දී ඇති වෙඩි බෙහෙත්දැයි සැකයක් ගල් වලවල් සඳහා නීත්‍යනුකූලව නිකුත් කරන වෙඩි බෙහෙත් පුද්ගලයන් කිහිපදෙනකු අනවසරයෙන් වෙනත් පුද්ගයන් අතට පත් කර ඇති බවත්, පාස්කු දින එල්ල වු ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර සඳහා භාවිතා කර ඇත්තේ ගල්වලවල් සඳහා නීත්‍යනුකූලව නිකුත් කරන වෙඩි බෙහෙත් ද යන්න සැකයක් පවතින බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පැවසීය. 03 May 2019
පුවත්පත්වල විශ්වාසනීයත්වයට අසත්‍ය පුවත් තර්ජනයක් අසත්‍ය පුවත් ප්‍රචාරය, මහජන බියගැන්වීම් හෝ කැළඹීම් ඇති කරවන ආකාරයේ කටකතා හා සාවද්‍ය ප්‍රකාශ ආදිය වර්තමානයේදී ජාතික සාමය, තොරතුරුවල විනිවිදභාවය හා පුවත්පත්වල විශ්වාසනීයත්වයට විශාල තර්ජනයක් වී ඇතැයි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 03 May 2019
‘පාසල් විවෘත කිරීමට නම් රජය විශ්වාසී ප්‍රකාශයක් කළ යුතුයි’ එළඹෙන සඳුදා දිනයේ පාසල් ආරම්භ කිරීමට නම් ආරක්ෂාව පිළිබඳව විශ්වාසී ප්‍රකාශයක් රජය කළ යුතු යැයි විදුහල්පතිවරු පවසති. 03 May 2019
ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට මුදල් නෝට්ටු වලට ව්‍යාජ මුදල් නොට්ටු මාරු කිරීමේ ජාවාරමක් වටලා රුපියල් දෙලක්ෂ එක්දහසක ව්‍යාජ මුදල් නොට්ටු සමඟ සැකකරුවෙකු කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේදී අද (03) අත්අඩංගුවට ගත් බවට කිලිනෝචිය දිසා දූෂණ මර්ධන අංශය පවසයි. 03 May 2019
පාස්කුදා මිය ගිය අයකුගේ රන්බඩු සොරාගත් පුද්ගලයා රිමාන්ඩ් පාස්කු දා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයකුට අයත් රන් බඩු සොරා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සුළු සේවකයා ලබන 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය. 03 May 2019
පාලම් පිපිරවීමේ සැලැස්මක් ඉස්ලාමීය අන්තවාදීන් විසින් කොළඹ නගරයට ඇතුළු වන පාලම් පුපුරුවා හැරීමට සූදානම් වන බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි බලධාරීහු කියති. පාස්කු ඉරිදා කළ බෝම්බ පිපිරීම් මාලාවට අනුබද්ධ තවත් බොහෝ කුමන්ත්‍රණ ඇතැයි ද ඔව්හු අවවාද කරති. 03 May 2019
යාපනය සරසවියේ ශිෂ්‍ය සංගම් සභාපති - ලේකම් අත්අඩංගුවට යාපනය විශ්ව විද්‍යාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ රුව සහිත පෝස්ටර කිහිපයක් සමඟ යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් අද (3) අත්අඩංගුවටගත් බව කෝපායි පොලිසිය කියයි. 03 May 2019
දෙමළ සන්ධාන මන්ත්‍රී උතුරට හමුදාව ඉල්ලයි වර්තමානයේ රටේ පවතින අයහපත් වාතාවරණය හේතුවෙන් උතුරේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදාව අවශ්‍ය යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පෙරේදා (01) පැවැසීය. 03 May 2019
සිවුරු - අඳනකඩ - හමුදා ඇඳුම් සමඟ මුස්ලිම් ජාතිකයන් 2ක් අල්ලයි වැලිමඩ දඹවින්න ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී සිවුරු, අඳනකඩ සහ යුද හමුදා ඇඳුම් තොගයක් සමඟ මාංචු යුගළක් ළඟ තබාගෙන සිටි මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු අද (3) අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි. 03 May 2019
විදෙස් ගමන් බලපත් 10ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට අන්සතු විදේශ ගමන් බලපත් 10 ක් සමඟ මුස්ලිම් ජාතික කාන්තාවක අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය කියයි. 03 May 2019
පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන හමුදා ප්‍රධානීන්ගේ වාර්තාව විපක්ෂ නායක අතට පාස්කු ඉරුදින කොළඹ නගරය ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයකට ත්රස්තවාදීන් විසින් එල්ලකළ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව හා රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව සොයා බලා වාර්තාවක් සකස් කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව කොළඹ, විජේරාම මාවතේ පිහිටි විපක්ෂනායක නිලනිවසේදී හිටපු ආරක්ෂක ප්‍රධානීන් විසින් අද (02) විපක්ෂනාය මහින්ද රාජපක්ෂ මහතාට බාරදෙනු ලැබීය. 02 May 2019
යුද හමුදා කැලෑ ඇඳුමට සමාන රෙදි තොගයක් ග්‍රෑන්ඩ්පාස් වෙළඳසැලක යුද හමුදා කැලෑ ඇඳුම්වලට සමාන රෙදි තොගයක් ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝශප් වීදියේ රෙදි අළෙවිසැලක සඟවා තිබියදී වෙළඳසැලේ හිමිකරු සමඟ අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. 02 May 2019
කටාන පාසලකට අනවසරයෙන් ඇතුළු වූ විදෙස් මාධ්‍යවේදියෙකු රිමාන්ඩ් කටාන මාරිස්ටෙලා විදුහලට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ බව කියන විදෙස් මාධ්‍යවේදියෙකු කටාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 02 May 2019
ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය - අතුරුදන් වූවන් පිළිබඳව තොරතුරු ඉල්ලයි පාස්කු ඉරිදා එල්ල කළ බෝම්බ ප්රහාරයන්ට ලක් වූ ස්ථානවලදී මියගිය, අතුරුදහන් වූ හෝ තුවාල ලැබූ පුද්ගලයන් පිළිබඳව සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් මේ පිළිබඳව නිවැරදි තොරතුරු දන්නා අය ඇතොත් අගරදගුරු පදවි ජන සන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයට දන්වන ලෙස එඩ්මන් තිලකරත්න පියතුමෝ පවසති. 02 May 2019
යකඩ බෝල 669 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගාල්ල කොටුව තුළ අද (02) නාවික හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බෝම්බවලට යොදා ගන්නා යකඩ බෝල 669 ක් සමඟ 32 හැවිරිදි පුද්ලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 May 2019
රයන් වැන් රොයන් තවදුරටත් රිමාන්ඩ් කේරල ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත් කර සිටි රංගන ශිල්පී රයන් වැන් රොයන් මහතා ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (02) නියෝග කළේය. 02 May 2019
ජනාධිපතිට අපහාස වන අත්පත්‍රිකා 600 ක් සමග 3ක් අල්ලයි පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යැවීමේ සිද්ධිය ඇතුලු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අපහස වන අන්දමේ අත් පති‍්‍රකා 600 ට අධික ප්‍රමාණයක් තැපැල් කිරීමට පැමිණි පුද්ගලයින් තිදෙනෙක් අද (02) අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි. 02 May 2019
රැකියා වීසා බලපත් නොමැති සියලු දෙනා රටෙන් පිටකිරීමට පියවර රැකියා වීසා බලපත් නොමැති සියලු දෙනා රටෙන් පිටකරලීමට අවශ්‍ය විධිවිධාන යොදවන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවට හා අනෙකුත් අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. 02 May 2019
අක්බාර් නගරයෙන් අත්අඩංගුවට ගත් 17 න් 5 ක් රිමාන්ඩ් එඩේරමුල්ල අක්බාර් නගරය ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 17 දෙනෙකුගෙන් පස් දෙනෙකු 06 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර එක් සැකකරුවෙකු රැඳවුම් නියෝග මත දින 7ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මහර මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (02) නියම කළේය. 02 May 2019
ත්‍රස්ත විරෝධී වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහයෝගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ත්‍රස්ත විරෝධී වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහයෝගය හිමිවන බව එම සංවිධානයේ ‘ශිෂ්ටාචාර සන්ධානයේ’ විශේෂ නියෝජිත මිගෙල් මොරටිනෝස් මහතා පැවැසීය. 02 May 2019
ත්‍රස්ත ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න විජයදාස ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලය හමුවට පාස්කු ඉරිදා දේවස්ථාන තුනකට සහ හෝටල් තුනක් ඇතුළු ස්ථාන අටකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමට ජනාධිපති විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලය හමුවේ සාක්ෂි ලබා දීමට ලබන 06 වැනිදා පෙනී සිටින්නැයි දන්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (02) කොළඹ දී පැවසීය. 02 May 2019
පාකිස්ථානු විදේශ කටයුතු ඇමති ලංකා සංචාරය අවලංගු කරයි මෙරට නිල සංචාරයක් සඳහා හෙට (03) දිවයිනට පැමිණීමට නියමිතව සිටි පාකිස්ථානු විදේශ කටයුතු අමාත්‍ය ශාහ් මෙහෙමූද් කුරේෂි මහතා එම සංචාරය අවලංගු කර ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. 02 May 2019
තව්හීත් ජමාත් සාමාජිකයකුට කඩු 60ක් සාදා දුන් අයෙක් අත්අඩංගුවට තව්හීත් ජමාත් සංවිධානයේ සාමාජිකයකුට කඩු 60ක් අවස්ථා දෙකකදී සාදවා දුන් බව කියන එම සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු පෑලියගොඩදී අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 02 May 2019
වීසා නොමැති පාකිස්ථානුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගල්කිස්ස හෝටල් පාර ප්‍රදේශයේ වීසා නොමැතිව නීතිවිරෝධීව රැඳී සිටි පාකිස්ථානු ජාතිකයන් දෙදෙනෙකු සහ මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 02 May 2019
ෆෙටෝ - තුර්කියේ ඇත්තේ අභ්‍යන්තර ප්‍රශ්නයක් ෆෙටෝ (FETO)හෙවත් ෆට්තුල්ලා නමැති සංවිධානය හා තුර්කි ආණ්ඩුව අතර ඇත්තේ අභ්‍යන්තර දේශපාලන ප්‍රශ්නයක් යැයි ද ෆෙටෝ සංවිධානය අයි.එස්.අයි.එස් වැනි මූලධර්මවාදී ත්‍රස්ත සංවිධානයකට සම කළ නොහැකි යැයි ද ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට කීය. 02 May 2019
රාත්‍රී තැපැල් දුම්රිය 4ක් අද සිට වැඩ ත්‍රිකුණාමලය - කොළඹ , කොළඹ - ත්‍රිකුණාමලය සහ මඩකලපුව - කොළඹ ,කොළඹ - මඩකලපුව යන රාත්‍රී තැපැල් දුම්රිය හතර අද (02) රාත්‍රීයේ සිට ධාවනය කරන බව දුම්රිය පාලන කාර්යාලය පවසයි. 02 May 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026