සමස්ථ මුස්ලිම් ජනතාව දෙස ත්රස්තවාදීන් ලෙස බලන්න එපා සුඵ අන්තවාදින් පිරිසක් කළ විනාශයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත මුස්ලිම් සමාජයම දෙස සැකයෙන් බලා කටයුතු කළහොත් ඉදිරියේදි අනෙක් මුස්ලිම් තරුණයෝද මුස්ලිම් අන්තවාදයට යොමුවීම වැළැක්විය නොහැකි වනු ඇතැයි අද (05) පොල්ගහවෙල වදාකඩ සපුගස්කන්ද ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ ටැම්පිට විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට සහභාගි වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය . 05 May 2019
තමිල්නාඩු තවුහිත් ජමාත්හි කැසට්පට - සීඩී බෑගයක් සොයාගනී තමිල්නාඩු තවුහිත් ජමාත් සංවිධානයේ දේශන සහ විවාද සහිත කැසට්පට සහ සංයුක්ත තැටි(සීඩී) තොගයක් සහිත බෑගයක් වැලිගම දෙනිපිටිය සමගි මාවතේ ගඟ අසළක තිබියදී අද (5) සොයාගත් බව කොක්මාදුව විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි. 05 May 2019
වළ දැමූ සීඩී සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට හොරොව්පොතාන මුක්කර වැව ප්‍රදේශයේ ගෙවත්තක වළ දමා තිබූ සීඩී තැටි හතළිස් නවයක් සහ පරිගණක තොරතුරු දත්ත ගබඩා හයක්(හාඩ් ඩිස්ක්) ,සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (05) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. 05 May 2019
කොච්චිකඩේ බෝම්බකරුගේ සොහොයුරා - සොහොයුරිය අත්අඩංගුවට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාන් නමැත්තාගේ සහෝදරයෙක් සහ සහෝදරියක් අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි. 05 May 2019
පොලිස් වෙඩි පහරින් බේරී ඩ්‍රෝන කැමරාව පළායයි නාරාහේන්පිට ජාවත්ත සලුසල ඉදිරිපිට ගුවනේ සැරිසැරූ ඩ්‍රෝන කැමරාවක් පොලිස් වෙඩිතැබීමක් සමඟ අතුරුදන් වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය කියයි. 05 May 2019
සහරාන්ගේ කඳවුරක් කාත්තන්කුඩියෙන් සොයාගනී ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා විසින් පවත්වාගෙන ගිය පුහුණු කඳවුරක් ලෙසට සැලකෙන ස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය විසින් සොයා ගෙන තිබේ. 05 May 2019
අගරදගුරුතුමාගේ නාමය මීළඟ නොබෙල් සාම ත්‍යාගයට යෝජනා කරයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ට මීළඟ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිය යුතු යැයි විවිධ ජාති සහ ආගම් වලට අයත් ආගමික නායකවරු, පුද්ගලයෝ රැසක් අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ යෝජනා කරමින් සිටිති. 05 May 2019
ගාල්ලෙන් හමුදා ඇඳුම් 456 ක් සොයාගනී ගාල්ලේ කළ සෝදිසි මෙහෙයුමකදි ස්ථාන හතරක සඟවා තිබූ ආරක්ෂක හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් අත් අඩංගුවට ගෙන ඇත. 05 May 2019
කාශ්මීරයට ආ ලාංකිකයන් ගැන බුද්ධි අංශ විමර්ශනයක් පසුගිය මාස 4 ක කාලය තුළ ඉන්දියාවේ කාශ්මීර් ප්‍රදේශයට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිළිබඳව එරට බුද්ධි අංශ බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ඉන්දීයවේ එන්.ඩී.ටී.වී පුවත්සේවය අද (5) වාර්තා කළේය. 05 May 2019
මුන්දලම කනමුල්ල පාලම යටින් මතුවූ ආයුධ ගබඩාව මුන්දලම කනමුල්ල හැමිල්ටන් පාලම යට ජලයේ සඟවා තිබු දැවැන්ත ආයුධ තොගයක් සොයා ගැනීමට මුන්දලම පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, නාවික හමුදා කිමිදුම්කරුවෝ පිරිසක් සමත් වූහ. 05 May 2019
යාපනයේ පාසලක විදුහල්පතිනියකට තර්ජනාත්මක ලිපියක් යාපනය චුණ්ඩික්කුලි බාලිකා විදුහලේ විදුහල්පතිනියගේ නිවසට එම විදුහලේ බෝම්බ තබන බව සඳහන් කරමින් ඊයේ (4) දින අයි.එස්.අයි.එස්. සංවිධානයට අයත් ධජය ද ඇතුළත් ජාතික තව්හීත් ජමාත් සංවිධානය නමින් ලිපියක් එවා ඇති බවට යාපනය පොලීසිය පවසයි. 05 May 2019
සතියක් දරුවන් පාසල් නොයවන්න මව්පියෝ තීරණයක දෙවැනි පාසල් වාරය හෙට (6) ආරම්භ කළත් බලංගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසලට දරුවන් සතියක් යන තෙක් නොඑවීමට දෙමව්පියෝ තීරණය කළහ. 05 May 2019
‘ප්‍රතිත්‍රස්ත පනත ත්රස්තවාදීන්ට සහන පැකේජයක්‘ යෝජිත ප්‍රතිත්‍රස්ත පනත ත්රස්තවාදීන්ට ලබාදෙන අංග සම්පූර්ණ සහන පැකේජයක් බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 05 May 2019
සහරාන් හෂිම්ගේ මස්සිනා-සගයෙක් සෞදියේදී අත්අඩංගුවට පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ මස්සිනා වන මව්ලානා රිලා සහ ඔහුගේ සගයෙකු ඉන්දීය ඔත්තු සේවාවල දැනුම්දීම මත සෞදි අරාබියේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත. 05 May 2019
දර්ගා නගරයේ පොල්වත්තක කඩු 5ක් දර්ගානගරය අල කඳු පිටිය ප්‍රදේශයේ පොල්වත්තක තිබූ කඩු 5ක් සොයාගත් බව අලුත්ගම පොලිසිය කියයි. 05 May 2019
මන්නාරමේ කැලයකින් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ කැලෑවක පාර්සලයක තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් සහ විද්‍යුත් පරිපථ තොගයක් තිබී මන්නාරම පොලීස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන ඇත. 05 May 2019
වැල්ලවායේ පාලමක් යට තිබී ටී-56 ජීව උණ්ඩ 17 ක් සොයාගනී වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය නගරය ආසන්නයේම පිහිටි කිරිදිඔය හරහා ඉදිකර ඇති පාලම යට තිබී ටී 56 ජීව උණ්ඩ 17 ක් අද (5) සොයා ගෙන ඇතයි වැල්ලවාය පොලීසිය පවසයි. 05 May 2019
6 ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා හෙට පාසල් ඇරඹේ දෙවැනි පාසල් වාරය හෙට (6) දින ආරම්භ කිරීමේදී 6 ශ්‍රේණියෙන් ඉහළ දරුවන් සඳහා පමණක් පාසල් වාරය ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. 05 May 2019
වැලිපැන්න මුස්ලිම් පල්ලියක් අසළින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි වැලිපැන්න පොලිස් වසමේ හිද්‍රා මාවතේ ගලස්සගොඩ මුස්ලිම් පල්ලිය අසල ප්‍රදේශයේ පාලු ඉඩමක වල දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය සොයා ගත් බව පොලිසිය කියයි. 05 May 2019
කඩු 16 ක් සමඟ පුද්ගලයෙක් බේරුවලදී අත්අඩංගුවට බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී බේරුවල හා අවට ප්‍රදේශයන්හි තැන තැන සඟවා තිබූ කඩු 16 ක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් වී තිබේ. 05 May 2019
පිටකෝට්ටේ නිවසකින් ජීව උණ්ඩ 193 ක් සමඟ කතක් අත්අඩංගුවට පිටකෝට්ටේ එපිටමුල්ල දෙමහල් නිවසක් තුළ සුක්ෂම ලෙස සඟවා තිබූ කොටි සංවිධානය භාවිතා කළ බවට සැකකරන ජීව උණ්ඩ 193 සහ අරුල් 89 වර්ගයේ ආර්.පී.ජී. උණ්ඩයක් සමඟ සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි. 05 May 2019
හලාවත මෙහෙයුමකින් මුස්ලිම් ජාතිකයන් 6ක් අත්අඩංගුවට හලාවත ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී සැකකටයුතු මුස්ලිම් ජාතිකයන් හය දෙනෙකු කේ.ඩී.එච් වර්ගයේ නවීන වෑන් රථයක් සමඟ අත්අඩංගුවට ගත්බව හලාවත පොලීසිය පවසයි. 05 May 2019
පස්සර මුස්ලිම් පල්ලිය අසළ පුපුරණ ද්‍රව්‍ය පාර්සලයක් පස්සර ජුම්මා මුස්ලිම් පල්ලිය පිටුපස නා පීල්ල පිහිටි රක්ෂිතයේ තිබී ඩෙටනේටර් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් සොයාගත් බව පොලීසිය පවසයි. 05 May 2019
පිටුවහල් කළ මධූෂ් ලංකාවට ඩුබායි පැවති උපන්දින සාදයකදි අත්අඩංගුවට පත්ව මාස තුනකට අධික කාලයක් එරට අත්අඩංගුවේ සිට මෙටට පිටුවහල් කළ සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් අද (5) අලුයම මෙරටට පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය . 05 May 2019
මඩකලපුවේ නව විශ්විද්‍යාල වලට ෂරියා උපාධි නෑ තවමත් විවෘත කර නොමැති මඩකලපුව විශ්ව විද්‍යාලය ෂරියා උපාධි පිරිනමන විශ්ව විද්‍යාලයක් නොවන බවත්, අරාබි ඉස්ලාමීය විශ්ව විද්‍යාල සමග කිසිඳු ගිවිසුමක් අත්සන් කර නොමැති බවත්, එවැන්නක් අනාගතයේ අත්සන් කිරීමට කිසිදු අභිප්රායක් නොමැති බවත් එම විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.එම්.එම්.හිස්බුල්ලා මහතා කියයි. 04 May 2019
හමුදා නිලඇඳුමට සමාන ඇඳුම් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට මාතලේ වරකමුර ප්‍රදේශයේ අද උදැසන සිදු කරන ලද සොදිසි මෙහෙයුමකදී හමුදා නිලඇඳුමට සමාන ඇදුම් තොගයක් සමග එක් පුද්ගලයෙකු මාතලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 04 May 2019
තේ වත්තේ පිපිරීම ගැන අයෙක් අත්අඩංගුවට මහනුවර අලවතුගොඩ මාරුකොණ ප්‍රදේශයෙන් ඇසුණු විශාල පිපුරුම් හඬක් හේතුවෙන් මාතලේ අලවතුගොඩ ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව හා ආරක්ෂක අංශ කලබලයට පත්විය. 04 May 2019
මුස්ලිම් මව්ලවිවරයෙක් සැකපිට අල්ලයි තව්හීද් ජමාද් සංවිධානය හා අන්තවාදී මුස්ලිම් සංවිධානයන් සමග ඍජු බුද්ධිමය සම්බන්ධතා පැවැත්වූ බවට සැකසහිත, මුස්ලිම් ජාතික මව්ලවිවරයෙකු, කල්පිටිය පොලිසිය විසින් අද (4 )දින, අත් අඩංගුවට ගෙන ඇත. 04 May 2019
කඩු කිනිසි බාරදෙන්නැයි පොලිසිය කියයි තමන් සතුව ඇති සියලුම කඩු, කිනිසි සහ රම්බෝ වර්ගයේ පිහි අද (4) සහ හෙට (5) දිනවලදී ළඟම ඇති පොලිස් ස්ථානයට බාර දෙන ලෙස මහජනතාව වෙත දැනුම් දී ඇත. 04 May 2019
මාතලේ විශාල පිපිරුම් ශබ්දයක් මාතලේ බලකඩුව වැලිකන්ද ප්‍රදේශයේ අද(04) දින දහවල් සිදුවු විශාල පිපිරුම් ශබ්දය සම්බන්ධයෙන් පොලිසිය හා හමුදාව එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි. 04 May 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026