සහරාන්ගේ කල්ලිය ඉන්දියාවේ තවත් ප්‍රාන්ත වලට ගිහින් පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් කළ පුද්ගලයන්, ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් පුහුණුවීම් ලැබීම සඳහා ඉන්දියාවට යන්නට ඇතැයි යුද හමුදාපති, ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා කියයි. 04 May 2019
යුද උපකරණ සහ හමුදා කැමා ඇඳුම් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට කොස්ලන්ද හීවැල්කදුර ප්‍රදේශයේදී ටී-56 ජීව උණ්ඩ 24ක් හා යුද හමුදාව භාවිතා කරන වර්ගයේ කැමා ඇඳුමක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අද (4) දහවල් අත්අඩංගුවට ගෙන ඇතැයි කොස්ලන්ද පොලීසිය පවසයි. 04 May 2019
ශ්‍රී ලංකාවේ භාවිතා නොවන රුධිරය එකතු කිරීමේ උපකරණත් හමුවෙයි ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිසියේද සහාය ඇතිව ගතවූ පැය 24ක් තුළ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වලින් ජාතික තවූහීද් ජමාත් සංවිධානයේ කමිස, බැංකු රිසිට් සහ ශ්‍රී ලංකාවේ භාවිතා නොවන රුධිරය එකතු කිරීමේ උපකරණ තොගයක් සොයාගැනීමට පොලිස් හා ආරක්ෂක අංශ නිලධාරීහු සමත් ව සිටිති. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව සටහන් වේ. 04 May 2019
වැලිමඩින් පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට යුද හමුදාව හා පොලීසිය එක්ව වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී විදේශීය රටවල ත්රස්ත්රවාදීන්ගේ ක්‍රියා ඇතුළත් සීඩී තැටියක් සහ ලියාපදිංචි සහතික දෙකක් සහිත සැකකටයුතු මෝටර් රථයක් සමග පුද්ගලයින් 13 දෙනෙකු අද (4) අලුයම අත්අඩංගුවට ගෙන ඇතයි බෝගහකුඹුර පොලීසිය පවසයි. 04 May 2019
මුස්ලිම් ජාතිකයින් ඇදහීම් කළ ස්ථානයක තිබී සැකකටයුතු ලේඛන කිහිපයක් කැකිරාව නගරයේ පිහිටි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කාර්යාලයක් අසළ මුස්ලිම් ජාතිකයින් පිරිසක් ඇදහිම් කටයුතු සඳහා කලක පටන් භාවිතා කළ බව කියන ස්ථානයක තිබී සැකකටයුතු ලේඛන හා පොත් පත් කිහිපයක් හා සැකකරුවකු අද (03) යුද හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. 03 May 2019
නීතිය හා සාමය ෆොන්සේකාට දීම ජනපති ප්‍රතික්ෂේප කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය කළ ඉල්ලීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි වාර්තා වේ. 03 May 2019
වැලිපැන්නේ හිස් ඉඩමක බෝම්බ තුනක් වැලිපැන්න හිජ්රා මාවතේ ගල්ලස්සගොඩ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් ආසන්නයේ හිස් ඉඩමක වලලා තිබී පී.වී.සී.බටවල අසුරන ලද බෝම්බ තුනක් සහ බෝතලයක දමා තිබූ බෝම්බ සැදීමට ගන්නා පුපුරන ද්‍රව්‍ය කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් අද (03) සොයාගෙන ඇත. 03 May 2019
කාල බෝම්බය තිබූ වෑන් රියේ ආසන පේලිය කල්මුණෙන් සොයාගනී කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය අසල තිබී පුපුරා හරින ලද වෑන් රථයේ කාල බෝම්බය සවි කර සකස් කර ඇත්තේ පානදුර ප්‍රදේශයේ පිහිටි තව්හිත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බව කියන පිරිසකට අයත් ආරක්ෂක නිවස්නයකදී බවට රහස් පොලිසිය සැක කරයි. 03 May 2019
ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට අහංගම කබලාන දුම්රිය හරස් මාර්ගයේ දී අද (03) මාතර සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටී තරුණයින් දෙදෙනකු මියගොස් ඇත. 03 May 2019
ලිහිසි තෙල් පොම්ප කළ නල මාර්ගයක තෙල් කාන්දුවක් ත්‍රිකුණාමල වරායේ නැංගුරම් ලා තිබු නෞකාවකින් ඉන්දියානු තෙල් සමාගමේ ටැංකි වලට ලිහිසි තෙල් පොම්ප කළ නල මාර්ගයක අද (03) ඇති වූ හදිසි තෙල් කාන්දුවකින් තෙල් තට්ටුවක් මුහුදට එකතු වී ඇති බව ශ්‍රි ලංකා සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරි කියයි. 03 May 2019
ප්‍රහාර ගැන සෙවූ කමිටුවේ අතුරු වාර්තාව නීතිපතිට ඉකුත් පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ථවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ අතුරු වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නීතිපතිවරයා වෙත යවනු ලැබ ඇත. 03 May 2019
සංයුක්ත තැටි කිහිපයක් සමඟ කළුබෝවිල වෛද්‍යවරයෙක් සැකපිට තවුහිත් ජමාත් සංවිධානයේ දේශන ඇතුළත් බව කියන සංයුක්ත තැටි කිහිපයක් ළඟ තබා ගත්තේයැයි සැකපිට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 May 2019
වව්නතිව් ඝාතනයට මුලින් ඇල්ලූ සැකකරු මුදා හරින්න අවසර ඉල්ලයි මඩකලපුව වව්නතිව් පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මුලින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින හිටපු එල්ටීටීඊ සාමාජිකයා මුදා හැරීම සඳහා රැඳවුම් නියෝග අහෝසි කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 03 May 2019
ඇමැති රිෂාඩ් රට යයි කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළින් විදෙස් ගත වූ බව එහි ආරංචි මාර්ග කියයි. 03 May 2019
සැකකරුවන් 53කට මාස තුනක රැඳවුම් නියෝග පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සිදු කළ විමර්ශනවලදී සහ සෝදිසි මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 53 දෙනකු මාස තුනක් රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග ලබා ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි. 03 May 2019
සබරගමු සරසවිය අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරීම කල්යයි සබරගමුව විශ්ව විද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා 08 වැනිදා විවෘත කිරීමට නියමිතව තිබුණද එය නැවත දැනුම් දෙන තුරු කල් දැමූ බව විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී වී.ඩී. කිත්සිරි මහතා පැවැසීය. 03 May 2019
ඌව පළාත් සභාවේ අනුමැතියකින් තොරව දෙමළ ළමුන්ට කුරාණය උගන්වන මධ්‍යස්ථාන හතරක් ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව බදුල්ල දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ පාසල් හතරක වතු ද්‍රවිඩ තරුණ තරුණියන් 500 දෙනෙකුට අරාබි භාෂාව හා අල් කුරාණය, ඉරාන දේශපාලනය වැනි විෂයයන් උගන්වන පාඨමාලා පවත්වාගෙන යන බව අනාවරණය වී ඇතැයි ඌව පළාත් ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා පැවැසීය. 03 May 2019
ගෝඨාභය යාපනය උසාවියට කැඳවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරින් දෙදෙනෙකුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන නඩුවකට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජූනි 21 වැනි දා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා අද (3) නියෝග කළේය. 03 May 2019
වෝකි ටෝකි - දුරකථන සමඟ මුස්ලිම් බේකරි හිමියකු අත්අඩංගුවට වෝකි ටෝකි 2 ක් හා ජංගම දුරකථන 5 ක් තම සන්තකයේ තබා ගෙන සිටි මුස්ලිම් ජාතික බේකරි හිමියකු අද (3) සවස වලස්මුල්ලේදී යුද හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 03 May 2019
කල්මුණේ සිද්ධියේ තොරතුරු දැනුම් දුන් පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාග කල්මුණේ සයින්දමරුදු සුනාමි ගම්මානයේ බී 183 දරණ නිවසේ ඉකුත් 26 දින බෝම්බ පුපුරවා ගැනීමට පෙර එම නිවසට සැකකටයුතු පිරිසක් සිටින බවට තොරතුරු ලැබුණු වහාම එම නිවසට ගොස් සිද්ධිය සොයා බලා උසස් පොලිස් නිලධාරීන් තොරතුරු ලබාදුන් කල්මුණේ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් ඩබ්ලිව් ඩී එස් එන් වීරසිංහ (83225) මහතා පොලිස් සැරයන් නිළයට උසස් කර ඔහුට රුපියල් ලක්ෂ 5 ක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිස් මුලස්ථානය අද (3) අනුමත කර ඇති බව පොලිස් මුලස්ථානය 03 May 2019
මුස්ලිම් ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු බොරලැස්ගමුවේදී අත්අඩංගුවට බොරලැස්ගමුව සමූපාකාර මාවතේ නිවසක් වටලා ව්‍යාජ රබර් මුද්‍රා,ගොඩනැගිලි සැලසුම් සමඟ මුස්ලිම් ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි. 03 May 2019
නැ’හිර සරසවිය විවෘත කිරීම කල් යයි ආරක්ෂක හේතුන් මත වසා දැමුණු නැගෙනහිර විශ්ව විද්‍යාලය ලබන මැයි 6 වැනි දා අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරිමට නියමිතව තිබුණත් පවතින ආරක්ෂක තත්වය සැළකිල්ලට ගෙන විවෘත කිරිම කල් දැමුණු බව එහි පාලන අධිකාරිය පවසයි. 03 May 2019
සිවිල් ආරක්ෂක බලකායේ ඇඳුම් 7 සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ත්‍රිකුණාමලය පාලෙයුත්තු ප්‍රදේශයේ අද (03)සිදුකළ සෝදිසියකදී සිවිල් ආරක්ෂක බලකායට අයත් කැලෑ ඇඳුම් හතක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 May 2019
අයිඑස්ලාගේ පොත් අයියාට දුන් මව්ලවි මල්ලී රිමාන්ඩ් රත්නපුර නගරයේ ඉස්ලාම් පල්ලියක 26 හැවිරිදි මවුලවිවරයෙක් මේ මස 15දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස රත්නපුර මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය අද (3) නියෝග කළාය. 03 May 2019
අපහාස ලිපි මුද්‍රණයට යොදා ගත් උපකරණ සොයාගනී ජනාධිපතිවරයාට අපහාස වන සහ ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ලිපි මුද්‍රණය කිරීමට යොදාගත් පරිගණකයක්, ඡායා පිටපත් යන්ත්‍රයක් සහ ලිපි ලේඛන රැසක් රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ තිබී අද (3) සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 03 May 2019
මඩ පත්‍රිකා ගැන ඇමති කිරිඇල්ලගෙන් නිවේදනයක් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍යවේදීන් හා නිලධාරීන් සතුව තිබූ ලිපිවල ජාතිවාදී අරමුණක්, මඩ ප්‍රහාරයක් හෝ රාජ්‍ය විරෝධී කිසිවක් අන්තර්ගත නොවන බව ඒවා කියැවීමෙන් පසුව දැනගත් බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 03 May 2019
ගාල්ලේ සෝදිසි මෙහෙයුම් වලින් 47 ක් අත්අඩංගුවට පසුගිය දින දෙක තුළ ගාල්ලේ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින්, සැකකරුවන් 47 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 03 May 2019
රත්මලානේ සිම්පත් වීසිකරමින් ගිය අය අත්අඩංගුවට රත්මලාන, පිරිවෙන පාරේ අතුරු මාර්ගයක දෙමහල් නිවසක තිබී දුරකතන පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් ඇතුළු භාණ්ඩ තොගයක් සමඟ පුද්ගලයෙක් අද (03) අත්අඩංගුවට ගෙන තිබේ. 03 May 2019
තවුහීත් ජමාත්හි දේශන තැටි සමඟ මවුලවිවරයකු ඇතුළු 3ක් අල්ලයි දේවානම් පියතිස්සපුර ප්‍රදේශයේ අද(03) කළ මෙහෙයුමකදී සංයුක්ත තැටි, පරිගණකයක්, හා මුදල් සමඟ එම ප්‍රදේශයේ පල්ලියක සභාපතිවරයකු, මවුලවිවරයකු හා මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 03 May 2019
මුස්ලිම් පල්ලියක රැඳී සිටි දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට රක්වාන ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුස්ලිම් පල්ලියක රැඳී සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද(03) සැකපිට අත්අඩංගුවට ගත් බව රක්වාන පොලිසිය කියයි. 03 May 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026