(ඩයනා උදයංගනී)
කොළඹ නගරයේ වායුගෝලීය දූවිලි අංශු ප‍්‍රමාණයේ ඉහළ යාමක් හෙට (13) දිනයේදීද සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි මහතා පැවසීය.
සාමාන්‍යයෙන් වායුගෝලීය දූෂණ දර්ශකය පවතින්නේ 60 -70 අතර අගයක වුවත් හෙට (13) දිනයේදී එය 100 -120 අතර අගයක් ගනු ඇතැයි නිරීක්‍ෂණය කර තිබෙන බව ඔහු ප‍්‍රකාශ කළේය.
මෙම තත්ත්වය දිනය පුරාම හෝ පැය කිහිපයක කාලයක් පැවතිය හැකි බව ද හෙතෙම කීවේය.
මෙවන් තත්ත්වයක් පවතින අවස්ථාවකදී ශ්වසන රෝග ඇති අය, කුඩා දරුවන්, වැඩිහිටියන් මෙන්ම ගර්භනී මව්වරුන් ආරක්‍ෂාකාරී විය යුතු බවද සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේය.
එබැවින් හෙට (13) දිනයේ දී එවැනි අය වැඩි වශයෙන් එළිමහනේ ගැවසීමෙන් වැළකීම, මුව ආවරණ භාවිතය, ශරීරය වෙහෙසට පත්නොකිරීම ආදී ආරක්‍ෂිත පියවර ගැනීම සුදුසු බව ද ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරයා කීවේය.
මෙම දිනවල වායුගෝලයේ පවතින තත්ත්වය අනුව මෙසේ වායුගෝලීය අංශූ ප‍්‍රමාණය ඉහළ යන බව සිදුවන බව හෙතෙම සදහන් කළේය.
බාහිරින් පැමිණි දුවිලි හා විවිධ රසායන අංශු විශාල ප‍්‍රමාණයක් සමග රථ වාහන හා කර්මාන්තශාලා ආදියෙන් නිකුත්වන දුම් එකතුවීමෙන් මෙවන් තත්ත්වයක් මතුවන බව කී ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරයා පසුව සුළග සමග ඒවා බොහෝ දුරකට පාවයාම, ගහකොළ ආදිය මත තැන්පත්වීම සිදුවන බව ද කීවේය.
මීට පෙර ඉකුත් 5-6 දිනවලද කොළඹ නගරයේ වායුගෝලීය ෂණය ඉහළ ගොස් තිබූ අතර එයට හේතුව ලෙස දක්වා තිබුණේ ශ්‍රී ලංකාවට උතුරේ සිට පැමිණි සුළං ඔස්සේ දුවිලි අංශු පැමිණීමයි.
වායුගෝලීය දත්ත ලබාගැනීම ඉදිරියටත් සිදුවන බව කී ජාතික ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි මහතා මේ වන විට කොළඹ, මහනුවර නගරවලට අමතරව අනුරාධපුරය, යාපනය, වව්නියාව, පුත්තලම ආදී දිස්ත‍්‍රික්කවල ද වායුගෝලීය දත්ත ලබාගැනීමේ උපකරණ තැන්පත් කර ඇතැයි කීවේය.
මෙය ලංකාවට පමණක් බලපා ඇති තත්ත්වයක් නොවන බව කී ප්‍රේමසිරි මහතා ඉන්දියාව,පකිස්තානය, බංග්ලාදේශය, චීනය වැනි ආසියාතික රටවලද මෙවැනි තත්ත්වයන් ඇතිවන බව සඳහන් කළේය.
මෙවැනි තත්ත්වයක් කොළඹ නගරයට බලපෑ පළමු අවස්ථාව මෙය නොවන අතර පසුගිය වසරේ නොවැම්බර් මාසයේද දිනක් පුරා මෙවැනි තත්ත්වයක් වාර්තා වූ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වායු දුෂනයට්ත් වැඩියි ශබ්ද දුෂණය. පාරක යන්න බෑ හැමතැනම වේදිකා හදාගෙන අපේ කන් අඩි පුපුරවනවා, ලඟදි අපේ ගෙට යාබදව තිබුන රැස්වීමක්. සමහරු මොනතරම් සද්දෙන් බෙරිහන් දුන්නද කිව්වොත් කාටවත් මොකවත් තේරුනෙත් නෑ. ඔක්කොටම හපන් රැස්වීමෙන් පස්සේ පාන්දර 4 වෙනකම් සංවිධායකයෝ බී මත්ව බාගෙට සින්දු කියා කියා බෙරිහන් දෙමින් කරපු ගෝෂාව.
අනේ මේවා මොන දූෂණද?
වැස්සක් ලැබුනොත් නම් ඔය තත්වය මග හැරෙන්න ඉඩ තිබෙනවා. ඔය වාතයේ ඇති අප ද්‍රව්‍ය නිසා පෙනහැල්ලේ රෝග වැඩිවෙනවා. අප ද්‍රව්‍ය තව වැඩිවුනොත් මුකවාඩම් බැඳගෙන යන්න වෙන්නෙ. මෙරටේ අපට කියන්නේ අප ද්‍රවය වැඩි වෙනකොට හැකි තරම් ක්‍රීඩා වැනි දේ කිරීමෙන් වලකින්න කියලා. ඉල් මාසයේ මහා වැස්ස නිසා වතුර හතක ගලන වග අහල තිබෙනවා. තවම වැස්ස නැද්ද? කැලිෆෝර්නියාවේ ඉන්න අපටත් තවම වැස්ස ලැබී නැත.
දූෂණය (හොරකම) ස්ත්‍රී දූෂණය මදිවට අපිට ලැබුන අලුත්ම දූෂණය වායු දූෂණය.