මහපොළ උසස් අධ්‍යාපන භාරකාර අරමුදලට කෝටි 4800 ක පාඩුවක් මහපොළ උසස් අධ්‍යාපන භාරකාර අරමුදල සතුව පැවති මාළඹේ තොරතුරු තාක්ෂණ ආයතනය 2015 වසරේදී දින 100 ආණ්ඩුව යටතේ වෙනත් අධිකාරියකට නීතිවිරෝධී ලෙස පැවරීමෙන් එම අරමුදලට රුපියල් කෝටි 4800ක් පමණ පාඩුවක් සිදුව ඇති බව හිටපු උසස් අධ්‍යාපන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසමෙ හමුවේ සාක්කි ලබා දෙමින් අද (02) පැවසීය. 02 May 2019
‘ජනාධිපතිවරණය පවත්වන තුරු ජනතාව බලා සිටිනවා’ පවතින අනාරක්ෂිත වාතාවරණය සමථයකට පත් කරගෙන ජනාධිපතිවරණය පවත්වන්නට සැලසුම් නොකළහොත් පවතින රජයට එරෙහිව බරපතල සමාජ විරෝධයක් එල්ල විය හැකි යැයි පැෆරල් සංවිධානය පෙන්වා දෙයි. 02 May 2019
‘ශ්‍රී ලංකා රජයට පූර්ණ සහය ලබාදෙනවා’ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශෝකය පළකරන බවද, ශ්‍රී ලංකා රජයට පූර්ණ සහය ලබාදෙන බවට සහතික වන බවද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් මිගෙල් ඇන්හෙල් මොරටිනෝස් මහතා පවසයි. 02 May 2019
සයින්දමරුදුහි මිය ගිය 16 දෙනාගේ අවසන් කටයුතු පොලීසියේ මැදිහත්වීමෙන් කල්මුණේ සයින්දමරුදුහි නිවසක් තුළ ඉකුත් 26 වැනි දින බෝම්බ පුපුරුවාගෙන මිය ගිය 16 දෙනාගේ අවසන් කටයුතු පොලිසියේ මැදිහත් වීමෙන් අද(02) කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 02 May 2019
සියලු කතෝලික පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දමයි දිවයින පුරා පිහිටි පෞද්ගලික කතෝලික පාසල් දෙවැනි වාරය සඳහා නැවත දැනුම් දෙන තුරු විවෘත නොකරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අදාළ පාර්ශවයන්ට උපදෙස් ලබා දී තිබේ. 02 May 2019
අරාබි භාෂා පොත් ඇතුළු උපකරණ රැසක් සමඟ3 ක් අත්අඩංගුවට නොච්චියාගම නගරයේ කළ මෙහෙයුමකදි සැක කටයුතු සංයුක්ත තැටි, ලැප් ටෝප් වර්ගයේ පරිගණක, අරාබි භාෂාවෙන් මුද්‍රණය කළ පොත්පත්, වායු රයිෆලයක් සමඟ මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය කියයි. 02 May 2019
සේවානූල් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය නගරසභා ලොරියකින් හමුවේ වවුනියාව නගරසභාවේ කැළි කසල රැගෙන යන ලොරි රථයක තිබී බෝම්බ පිපිරවීමට යොදාගන්නා සේවානූල්, වෙඩිබෙහෙත් සහ ජාතික හැඳුනුම්පත් කිහිපයක් අද(02) සොයාගත් බව වවුනියාව පොලිසිය කියයි. 02 May 2019
වෝකිටෝකි කට්ටල 14 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට රත්මලාන බොරුපන පිහිටි රූපලාවන්‍යාගාර නිෂ්පාදන ආයතනයක තිබී එහි තිබු විදේශ රටවල නිෂපාදිත අධි සන්නිවේදන වෝකි ටෝකි කට්ටල 14 ක් ඇතුළු උපකරණ රැසක් සමඟ මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 02 May 2019
මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සමඟ උපකරණ රැසක් සොයාගනී කල්මුණ සයින්දමරුදු සුනාමි ගම්මානයේ නිවසකදී ඉකුත් 26 වැනිදා මරාගෙන මැරුණු ත්රස්ත්රවාදියකු වූ මොහොමඩ් කාසිම් මොහොමඩ් රිල්වාන්ගේ බිරිඳගේ නිවසේ තිබී මරාගෙන මැරෙන බෝම්බකරුවන් පළඳින ජැකට්ටුවක් අද(2) සොයා ගත් බව කාත්තන්කුඩි පොලිසිය කියයි. 02 May 2019
ආයුධ සමඟ ස්නයිපර් දුරදක්නයක් සොයා ගනී යුද හමුදාව හා බුද්ධි අංශය එක්ව අද (2) කුරුණෑගල නගරාසන්නයේ සිදුකළ හදිසි සෝදිසි වැටලීමකදී නිවසක් තුළ සගවා තිබූ ස්නයිපර් ගිනි අවියකට සවිකරන අධිදුර නිරික්ෂණ දුරදක්නයක් සහ එහි සියලුම කොටස් සමඟ තවත් ආයුධ රැසක් සොයා ගත් බව පොලිසිය පවසයි. 02 May 2019
මධුෂ්ගේ අභියාචනය සළකා බැලීම කල්යයි ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් ගොනු කළ අභියාචනය සළකා බැලීම ලබන 09 වැනිදා තෙක් කල් තැබීමට ඩුබායි අධිකරණය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග කියයි. 02 May 2019
ඇමැති හිස්බුල්ලාගේ ආරක්ෂක අංශයේ කොස්තාපල්ට ඇප නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතාගේ ඇමැති ආරක්ෂක ඒකයේ සේවය කළ බන්ධනාගාර ගත කර සිටි පොලිස්කොස්තාපල්වරයකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද නියෝග කළාය. 02 May 2019
තෝමස් ගැටුමේ දී අත්අඩංගුවට ගත් අයෙකුට ඇප ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලීය කණ්ඩායමේ නායකයාට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සාක්කිකරුවන් හඳුනාගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවකු ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (2) නියෝග කළේය. 02 May 2019
දැනට ඇති ආරක්ෂක විධිවිධාන ලිහිල් නොකරන බව අගමැති කියයි අයිඑස්අයිඑස් සංවිධානයට සම්බන්ධ ලංකාවේ සිටින සියලු දෙනා අල්ලන තුරු දැනට සීරුවෙන් තබා ඇති ආරක්ෂක විධිවිධාන කිසිවක් ලිහිල් නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත අද (2) දැනුම් දුන්නේය. 02 May 2019
හැඳුනුම්පත් 20ක් සමඟ අයෙක් අත්අඩංගුවට අලුත්ගම, දර්ගා නගරයේ වැලිපිටිය ග්‍රාම නිලධාරී වසමේ කළ සෝදිසි මෙහෙයුමකදී අද(2) හැඳුනුම්පත් 20ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 May 2019
පුපුරණ ද්‍රව්‍ය සහිත වාහන 20 ක් උතුරට පුපුරණ ද්‍රව්‍ය සවිකළ වාහන 20 ක් දකුණේ සිට උතුරට පැමිණ ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති හෙයින් උතුරට ඇතුළුවන සහ පිටවන සියලු වාහන දැඩි පරීක්ෂාවකට ලක්කරන බව හමුදාව පවසයි. 02 May 2019
බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සිව් දෙනෙක් චෙන්නායි නුවරින් අත්අඩංගුවට මෙරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට සම්බන්ධ බවට සැකපිට ලාංකිකයකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් චෙන්නායි හිදී අත්අඩංගුවට ගෙන ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත් වෙබ් අඩවිය අද (02) වාර්තා කර ඇත. 02 May 2019
ටී-56 - එල්එම්ජී රයිෆල් ජීවඋණ්ඩ 35ක් සොයාගනී රංවල මීතිරිගල, දංගල්ල බන්ධනාගාර එළිමහන් සිරකඳවුරට නුදුරුව පිහිටි ඇළ මාර්ගයක තිබී ටී-56 සහ එල්.එම්.ජී. රයිපල් ජීවඋණ්ඩ 35ක් හා හිස් පතුරොම් කොපු 24 ක් කිරිදිවැල පොලිසිය භාරයට ගෙන ඇත. 02 May 2019
යුද හමුදා ලාංඡනයට සමාන ලාංඡනයක් සහිත ඇඳුමක් සොයාගනී යුද හමුදා ලාංඡනයට සමාන ලාංඡනයක් සහිත කැලෑ ඇඳුමක උඩ කොටසක් සමඟ තරුණයෙකු අද(02) පානදුර උතුර ගොරකාන නේවාසිකාගාරයක් තුළදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 May 2019
ආගමන විගමන - රේගුව එකතු කරන්න ගත් තීන්දුව ගැන අගමැති කරුණු විමසයි ආගමන විගමන දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව යන ආයතන දෙකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ පරිගණක මෘදුකාංග ඔස්සේ සම්බන්ධ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීන්දුව ක්‍රියාත්මක නොකිරීම ගැන කරුණු දක්වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (2) උපදෙස් දුන්නේය. 02 May 2019
කිංග්ස්බරි බෝම්බකරුට අයත් යතුරුපැදියක් පොලිස් බාරයට කොළඹ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝමබය පුපුරවාගත් මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්ට අයත් එෆ් ඉසෙඩ් වර්ගයේ යතුරුපැදියක් කුලියාපිටිය පොලිස් පරීක්ෂකවරයකුට ලද පෞද්ගලික තොරතුරක් මත පොලිස් බාරයට ගත් කුලියාපිටිය පොලිසියට පවසයි. 02 May 2019
‘ෆොනී’ සුළි කුණාටුවෙන් මුහුද රළු වේ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින ‘ෆොනී’ චණ්ඩ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් තුළ අද (02) සිට අනිද්දා (04) දක්වා මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 සිට 3.5 ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 May 2019
මේ ඉරිදාත් දේව මෙහෙයන් නොපවත්වන්න’යි අගරදගුරුතුමෝ උපදෙස් දෙති පවතින අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් ලබන ඉරිදා (5) දිනයේ ද කතෝලික දේවස්ථානවල ඉරිදා දේව මෙහෙයන් නොපවත්වන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් දැනුම්දීමක් කර ඇත. 02 May 2019
වවුනියාවේ නිවසකින් හමුදා නිල ඇඳුමක කොටසක් ඇතුළු උපකරණ සොයා ගනී වවුනියාව කෝවිල්කුලම ප්‍රදේශයේ නිවසක තිබූ යුද හමුදා නිල ඇඳුමක කොටසක් ඇතුළු උපකරණ තොගයක් අද (2) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි. 02 May 2019
තවුහිත් ජමාත් කොළඹ සංවිධායක තවදුරටත් රිමාන්ඩ් ජාතික තවිහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. 02 May 2019
සියලු පාසල් 6 වැනිදා ඇරඹේ විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ දෙවන වාරය සදහා සියලු පාසල් ලබන සදුදා (06) විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹදී පැවැසීය. 02 May 2019
ඩ්‍රෝන කැමරාවක් සමඟ අයෙක් අත්අඩංගුවට මන්නාරම, පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ලියාපදිංචි නොකළ ඩ්‍රෝන කැමරාවක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය පවසයි. 02 May 2019
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට පුල්මුඩේ ප්‍රදේශයේදී යුද හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි පරීක්ෂාවකදී මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසේ තිබී ඩෙටනේටර්, සේවානූල් ඇතුළු බෝම්බ පිපිරවීමට යොදාගන්නා උපකරණ තොගයක් අද (02) අත්අඩංගුවට ගෙන ඇත. 02 May 2019
ලක්ෂ 50ක දියමන්තියක් සොරාගත් චීන ජාතිකයකු අත්අඩංගුවට කොල්ලුපිටිය මුහුදු මාවතේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිසැලකින් රුපියල් ලක්ෂ 50ක දියමන්තියක් සොරාගෙන මෙරටින් පලායාමට උත්සාහ කළ චීන ජාතිකයකු අද(02) කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි. 02 May 2019
සහරාන් සමඟ ඡායාරූප ගත් මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට තව්හීත් ජමාත් නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් සමඟ ඡායාරූප ලබා ගෙන ඒවා සන්තයේ තබා ගෙන සිටි 31 හැවිරිදි මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි. 02 May 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026