පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංසදයෙනුත් නිවේදනයක් ශ්‍රී ලංකාව එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ දක්වා ඇති පරිදි සහ ආරක්ෂා කර ඇති පරිදි නීතියේ ආධිපත්‍ය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය පවත්වාගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බව පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල පාර්ලිමේන්තු සංසදය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 09 November 2018
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැති හමුවෙයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් අද (9) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයට ගොස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වූහ. 09 November 2018
’ජනපතිට එරෙහි දෝෂාභියෝගයකට අපේ සහයක් නෑ’ රටේ ඇති දේශපාලන පෙරළියත් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පිරිසක් දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කර ඇති බවත්, එයට දමිළ ප්‍රගතශීලී සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයකු සහයෝගය ලබා නොදෙන බවත් දමිළ ප්‍රගතශීලී සන්ධානයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය. 09 November 2018
වාසුගෙන් කතානායකට ලිපියක් පාර්ලිමේන්තු සැසිවාරය කල් දමා තිබියදී ශ්‍රී ලංකා රජය, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීමට කතානායකවරයා විදෙස් තානාපතිවරුන්ට තම පාර්ලිමේන්තු කාර්යාලයට පැමිණීමට ඉඩ ලබාදුන් බව ඇසීමෙන් තමන් පුදුමයට පත්වූ බව ජාතික සමඟිය, සංහිඳියාව සහ රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. 09 November 2018
'කුමන්ත්රණවලින් ආණ්ඩු බලය ඇල්ලීම පරදවනවා' ආණ්ඩු බලය ගන්නට කරන කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවේ දී බැරිනම් මහපාරේදී හෝ පරදවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය. 09 November 2018
‘කතානායක උත්සාහ කරන්නේ පාර්ලිමේන්තු රැස්වීම අවුල් කරන්නයි’ නව අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය පිළිගන්නා බව මුලදී ප්‍රකාශ කළ කතානායකවරයා දැන් කාගේ හෝ බලපෑමකට යටත් වී 14 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම අවුල් කිරීමට සැරසෙන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 09 November 2018
’’කතානායකවරයාගේ ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පාර කැපෙනවා’’ ජනාධිපතිවරයා විසින් පත්කළ අගමැති පිළිගත නොහැකි යැයි කථානායකවරයා විසින් කළ ලිඛිත ප්‍රකාශය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය සුවිශේෂී අර්බුදකාරි අවස්ථාවක් උදා කර ඇතැයි පිවිතුරු හෙළ උරුමය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 09 November 2018
කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුම හෙට සිට තාවකාලිකව වසයි කැළණි පාලමේ ඉදිකිරිම් හේතුවෙන් කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව සහ කැළණි පාලම අතර කොටස තාවකාලිකව හෙට (10) සිට වසා දමන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 09 November 2018
සිංගප්පූරු ගිවිසුම අහෝසි නොකරයි - සංශෝධන එකතු කරන්න යයි එකවර සිංගප්පූරු ගිවිසුම අහෝසි කරනවා වැනි හරක් වැඩ නොකරන බවත්, ඊට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 09 November 2018
පිලිපීනයේ ඉමෙල්ඩා ආර්යාවට සිරදඬුවම් පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස්ගේ බිරිඳ වන 89 හැවිරිදි ඉමෙල්ඩා මාර්කෝස්ට සිරදඬුවම් නියම කිරිමට එරට අධිකරණය තීරණය කර තිබේ. 09 November 2018
පොලිසිය සහ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ආරක්ෂක අමාත්‍යංශය යටතට පොලිස් දෙපාර්තමේන්තුව සහ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගනිමින් අමාත්‍යංශවල විෂය පථය සඳහන් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ. 09 November 2018
ලංකාවට අතපෙවීම් එපා යැයි චීන තානාපතිට ලියයි මාවෝ සේතුංගේ කීර්තිනාමය හා සමාජවාදයේ ගෞරවය අකා මකා දමමින් දූෂිත දේශපාලකයන් බලයට ගෙන ඒමට චීන රජය කැස කවන්නේ යැයි චෝදනා කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා මෙරට චීන තනාපති යි ෂියෑංලියෑන් මහතාට දැඩි විවේචනාත්මක ලිපියක් යොමු කර ඇත 09 November 2018
රංගෙට අල්ලස් දෙන්න හැදුවැයි පැමිණිල්ලක් දේශපාලන මතය වෙනස් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර මහතාට අල්ලසක් දීමට උත්සාහ කිරීමක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කළ බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පැවසීය. 09 November 2018
නිවාස ඇමැති ධුරය විමල්ට විමල් වීරවංශ මහතා මීට සුළු වේලාවකට පෙර නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 09 November 2018
14 වැනිදා පාර්ලිමේන්තුවේ ඡන්දය ගැන ඕස්ට්‍රේලියාවත් විමසිල්ලෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කැඳවූ පසු පැවැත්වීමට නියමිතව තිබෙන ඡන්ද විමසීම ප්‍රතික්ෂේප කරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් පසුවන බව මෙරට ඕස්ට්‍රේලියා මහ කොමසාරිස්වරයා ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 09 November 2018
ගෝඨාට රට යන්න අවසර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගත වීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (9) අවසර ලබා දුන්නේය. 09 November 2018
පාර්ලිමේන්තුව කැඳවූ සැණින් ඡන්ද විමසීමක් ගන්න යයි යුරෝපා සංගමය කියයි ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙමින් තිබෙන දරුණු අවිනිශ්චිත තත්ත්වය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවූ සැණින් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වීම අත්‍යවශ්‍ය යැයි කොළඹ යුරෝපා සංගම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 09 November 2018
පාවිච්චි කළේ එක තුරුම්පුවයි - තව රැසක් තිබෙනවා තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට තවත් තුරුම්පු බොහෝමයක් තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේදී හා සමස්ත ලංකා කාරක සභාවේදී ප්‍රකාශ කර ඇත. 08 November 2018
තෙවරප්පෙරුම පහර දුන්නැයි ප්‍රා.මන්ත්‍රීවරයකුගෙන් පැමිණිල්ලක් හිටපු වනජිවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පිරිසක් මතුගම යටදොල ප්‍රදේශයේදී තමාට පහර දුන් බව කියමින් අගලවත්ත ප්‍රදේශීය සභා මන්ත්‍රී වින්දික කරුණාසේන මහතා රෝහල් ගත වී ඇතැයි පොලිසිය කියයි. 08 November 2018
බදු අභියාචනා කොමිෂන් සභාව සක්‍රීය කෙරේ බදු අභියාචනා කොමිෂන් සභාව අද (8) සිට ක්‍රියාත්මක වන පරිදි නැවත ක්‍රියාත්මක බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 08 November 2018
පොලිස් ලොක්කන් සිව් දෙනෙකුට එරෙහිව සැරයන්ගෙන් පැමිණිල්ලක් තම මානව හිමිකම් කඩ වු බවට පවසමින් උසස් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා අද (8) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 08 November 2018
කැලිෆෝර්නියා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 12 ක් මරුට ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ තවුසන්ඩ් ඕක්ස් නගරයේ අවන්හලක සිදුකල වෙඩි තැබීමකින් 12දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 08 November 2018
තෙල් සංස්ථාවේ සිද්ධියට වගකිවයුතු කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ තමන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට ඉකුත් 28 වැනි දා ගිය අවස්ථාවේ ඇතිවූ සිද්ධියට වගකිව යුතු කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. 08 November 2018
ජනපති මෛත්‍රීපාල සමඟ වැඩකිරීමට සූදානම් : රනිල් ද හින්දු පුවත්පතට කියයි පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට අවස්ථාව ලබා දුන්නොත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සමඟ වැඩ කටයුතු කිරීමට සූදානම් බව ඔක්තෝබර් 26 වැනිදා හිටිහැටියේම බලයෙන් ඉවත් කළ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 08 November 2018
විග්නේෂ්වරන් දෙමළ සන්ධානයෙන් ඉවත්වෙයි උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් ඉවත් වන බවට වූ නිල ලිපිය එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත බාරදී තිබේ. 08 November 2018
ගුණදාස අමරසේකරයෝ මහ මැතිවරණයක් ඉල්ලති පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවිමට ජනාධිපතිවරයා වහාම ක්‍රියාකළ යුතුව ඇතැයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා කොළඹදී අද (8) පැවසීය. රට ජාතිය වෙනුවෙන් ජනාධිපතිවරයා ගත් තීරණය එමගින් වඩාත් ශක්තිමතත් කිරීමට හැකිවනු ඇති බවද ඔහු කියා සිටියේය. 08 November 2018
කොළඹ තෙත්බිම් නගරයක් ලෙස ප්‍රකාශයට කොළඹ නගරය තෙත් බිම් නගරයක් ලෙස පසුගියදා ඩුබායි හි පැවති රැම්සා පාර්ශවකරුවන්ගේ සම්මුතියෙහි 13 වැනි සැසිවාරයේ දී ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. 08 November 2018
ජනාධිපතිවරයා රනිල් ඉවත් කළේ හිටපු අගමැති දිමු ඉවත් කළ විදිහටමයි ජනාධිපතිවරයා විසින් 2015 දී අගමැති රනිල් පත් කළ ආකාරය නීතිවිරෝධී වන බවත් මෙවර ජනාධිපතිවරයා විසින් අගමැතිවරයකු පත් කරන්නේ ඒ ආකාරයෙන්ම බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩි. යු. ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. 08 November 2018
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පුටුව එස්බීට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය එස්.බී දිසානායක මහතා පත්කර තිබේ. 08 November 2018
කොළොන්න ප්‍රා. සභාව උණුසුම් වෙයි අගමැතිවරයා පත්කළ ආකාරය සුදුසු නැතැයි විරෝධය දක්වමින් කලූපටි සහ කලූ පැහැති සාටක පැළඳ ප්‍රාදේශීය සභා මාසික රැස්වීමට පැමිණි එක්සත් ජාතික පක්ෂ සභිකයන්ට සභා ගැබෙන් ඉවත්වන ලෙස කොළොන්න ප්‍රාදේශීය සභාවේ සභිපතිවරයා කළ නියෝගයත් සමඟ අද (8) පෙරවරුවේ පැවති එම ප්‍රාදේශීය සභා මාසික රැස්වීම උණුසුම්කාරී විය. 08 November 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026