උතුරට නිවාස 50,000ක් - තමිල්නාඩු අවතැන් කඳවුරුවල අයටත් මුල්තැන
උතුරේ හා නැගෙනහිර අවතැන්වූවන් සඳහා නිවාස 50,000 ක් ඉදිකර දීමේ වැඩ පිළිවෙලේ මුල් කොටස වශයෙන් නිවාස 15000 ක් ඉදිකිරීම ආරම්භ කළ බව නැවත පදිංචිකිරීම්, පුනරුත්ථාපන, උතුරේ සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතා ප්‍රකාශ කළේය.