ඉදි කෙරෙමින් පවතින අධිවේගී මාර්ග ජාලයේ කොටස් කිහිපයක් හෙට (08) සිට රථ වාහන ගමනාගමනය සඳහා විවෘත කෙරන බව මාර්ග සංවර්ධන අධිකාරිය මහජනතාවට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
හෙට මධ්‍යම රාත්‍රී 12 සිට එම මාර්ග කොටස් විවෘත කිරීමට නියමිතය.
මේ අනුව කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ( E-03) දක්ෂිණ අධිවේගී මාර්ගයේ ( E-01) සමඟ කෙරවලපිටිය අන්තර්හුවමාරුවේදී පිටත වටරවුම් මාර්ගය ( E-02) සම්බන්ධවේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක සිට අන්දරවැව හරහා මත්තල දක්වාත් අන්දරවැව සිට හම්බන්තොට දක්වා සහ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා මාර්ග කොටස් මෙලෙස විවෘත කෙරේ.
මෙම සම්බන්ධවීම් සමඟ දැනට අය කරන ගාස්තුද සංශෝධනය වන බවද පවසන මාර්ග සංවර්ධන අධිකාරිය විද්‍යුත් ගාස්තු ගෙවීමේ ක්‍රමය නැවත දැනුම් දෙන තුරු කෙරවලපිටිය අන්තර්හුවමාරුවේ ක්‍රියාත්මක නොවන බවද සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවෝ කිසිවෙක් නැතිව ව්වෘත කරනවානම් වැඩේ නියමයි. කිසිම දෙස්පාලුවෙක්ගේ නම් මෙම කොටස්වල ප්‍රදර්ශනය නොකලයුතුය. අවශ්‍යනම් දින වකවානු පමණක් ප්‍රදර්ශනය කලාට වරදක් නැත.
මොකද මාතර සිට බරවකුඹුක කොටසට උනේ ?
ලුම්බිණි... දේශපාලන ගැතිකමින් කොමෙන්ට් නොකර, ගිහින් බලන්න. යන්න බැරිනම් ඇස් අරගෙන් ඉන්න මේ මාසේ අවසන් වනතුරු
කඩවත - නොරොච්චෝලේ වගේම, මාතර - බරවාකුඹුකේ අධිවේගී මාර්ගයේ ඉතාම අත්‍යාවශ්‍යම කොටසක්... තංගල්ලෙන් එහාට කිසිම මාර්ග තදබදයක් නොමැත. හම්බන්තොටටම ඕක හදන්න ඉස්සරවෙලා මාතර බෙලිඅත්ත කොටස හදලා හිටියා නම් හොඳයි...