(දිල්රුක්ෂි ග්‍රේරු)
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ ජියෝ සයන්ස් ඕස්ට්‍රේලියා රාජ්‍ය ආයතනය අතර විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳව අවබෝධතා ගිවිසුමකට එළැඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු රජය අතර භූ විද්‍යා හා ඛනිජ ක්ෂේත්රවලට අදාළව දෙපාර්ශවයටම අන්‍යෝන්‍ය ප්රතිලාභයන් අත්කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම හා තාක්ෂණික හුවමාරුව මෙම අවබෝධතා ගිවිසුම මගින් ක්‍රියාත්මක කෙරේ.
මහවැලි සංවර්ධන හා පිරිසර අමාත්‍ය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පාර තව මොන මගඩියක් අටවන්න යනවද දන්නේ නැහැ. කරන ඕන මගුලක් මහජනයා දැනුවත් කරලා කරන්න ඕන. එහෙම නොකර හොර පාරෙන් ගිහින් තමයි රටේ සම්පත් කුණු කොල්ලෙට පුදන්නේ. මොකද මේ රටේ අත නොගහපු සම්පත් තව ඕන තරම් තියෙනවා. රනිල් කට ඇරගෙන ඉන්නේ පුළුවන් තරමක් කාට කාට හරි විකුණලා ලෝකේ වටේ හිගමනේ යන්න බලාගෙන. ඒ අස්සේ මේ එක එක අය රිංගන්නේ මොකද කියලා අපිට ඇහැ ඇරගෙන ඉන්නම වෙනවා. ඒ තරම් අහිංසකයි අපේ දේශපාලුවෝ.
ඕක අත්සන් කළේ 6 . අද වැඩේ කරලත් ඉවරයි.
මෙන්න ඕස්ට්‍රේලියන්කාරයෝ අපේ රට බෙදනවෝ. තවත් කොරිඩෝවක් හදනවෝ. අපි ඉවරයි.
ඔස්ට්‍රේලියාවට අපේ රටේ සම්පත් විකුණන්න හදනවාය කියන්න දේශප්‍රේමියෙක් නැද්දෝ ? මේ හොර ගිවිසුම පරාජය කරන්න ඉදරිපත් වන පක්ෂයක් නැද්දෝ ? මීට එරෙහිව මාරාන්තික උපවාසයක යෙදෙන්න අඩුම තරමේ තවත් හාමුදුරුනමක්වත් නැද්දෝ? අපි හැමදාමත් මේ පුරුදු දිළිඳුකමින් ඉඳිමු කියලා උද්ඝෝෂණයක් කරන්න කවුරුවත් නැද්දෝ ?