(ඩයනා උදයංගනී)
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රටේ බිම් අඟලක් හෝ විදේශීකයින්ට සින්නක්කරව ලබාදී ඇත්නම් ඒ බව ඔප්පු කරන්නැයි තමන් රාජපක්ෂවරුන්ට අභියෝගය කරන බව ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යුද හමුදා මූලස්ථානයට අයත්ව තිබූ අක්කර 10ක භූමියක් ෂැංග්‍රිලා සමාගමට රුපියල් මිලියන 8,250ක මුදලකට ලබාදුන්නේ සින්නක්කරව බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
එමෙන්ම මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට විරුද්ධ නම් එය තමන්ගේ රජයක් යටතේ ඉවත් කරන ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නැයි ද තමන් රාජපක්ෂවරුන්ට අභියෝග කරන බව පාඨලී චම්පික මහතා කීවේය.
මෙම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැමති සමාගමේ අධ්යක්ෂවරුන් වන රාජපක්ෂවරුන් සමඟ ප්‍රසිද්ධ විවාදයකට සූදානම් බව කී ඇමැතිවරයා රාජපක්ෂවරුන් සමඟ මිස එම කණ්ඩායමේ අලෙවි නියෝජිතයින් වන සෙසු මන්ත්‍රීවරුන් සමඟ විවාද කිරීමට තම පාර්ශවය සූදානම් නැතැයි ද කීවේය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ පිටකෝට්ටේ පිහිටි සෝලීස් උත්සව ශාලාවේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙන්දී මාධ්‍යවේදියෙකු අැසුව ප්‍රශ්නයකට උත්තර දෙමින් මේ මහත්තයා සමහර මාධ්‍ය ආයතන එක්තරා අපේක්ෂකයෙකුට වැඩි ප්‍රචාරයක් ලබාදෙන්නේ මොකද කියලා ලුණු ඇඹුල් ඇතුව විස්තර කරලා දුන්නා කියලත් ආරංචියි. ප්රශ්නය අසුව මාධ්‍යවේදියා කතාව අතර මඟදී නැගිටලා ගියාලු. අනේ මන්දා... අද විකාශනය කරන්නට තියෙන "සජීවී" කියලා විකාශනය කරන ජනාධිපති අපේක්ෂකයෙකු සමඟ පවත්වන සාකච්ඡාවක් ඊයේ පටිගත කරල අවශ්‍ය ආකාරයට සංස්කරණය කරලා සූදානම් කරලා තියාගන්න මාධ්‍ය ආයතන තියෙන රටක්නේ මේක...
අනේ මෙයාගේ කතා... 2015 ජනවාරි 08 වැනිදා හමුදා කුමන්ත්‍රණයක් තිබුණා කියලා කිව්වෙත් මෙයා.. දැන් නිකම් අභියෝග...!!!
මේ කෑගහන්නේ පරාජය දැකලා බය වෙලා. 2020 ජනාධිපති අපේක්ෂකයා වෙන්න හැම රනිල්ට පුළුවන් තරම් දේවල් කරලා, රට පාවා දීලා, මහබැංකුව මංකොල්ල කන්න උදව් කරලා, දැන් බැරිම තැන සජිත්ව රවටාගෙන අගමැති වෙන්න සිහින මවනවා...
චම්පිකගේ මොන කතා වැරදි වුණත් මේ කිව්ව කතාව, ඒ කියන්නේ මහින්ද ෂැංග්‍රිලා සමාගමට සින්නක්කරව ඒ ඉඩම දුන් බව නම් සම්පූර්ණ ඇත්ත කියලා ඒ දවස්වලම කියවුණා. නමුත් අවස්ථාවාදී දේශපාලුවන්ට දිව හැරෙන අතට කතා කළහැකිනේ. ඒවා පිළිගන්න වහල්ලුත් ඕනෑතරම් හින්දා මහින්දලා මේකට මොන උත්තරේ දුන්නත් සාදු කියලා පිළිගන්න පිරිසත් ඕනෑතරම්...
2018 වනවිට පෙට්‍රෝලියම් හා ගෑස් මන්නාරම් ද්රෝණියේන් ලැබෙන බව කියූ ඔබ යටතේම ඒ සම්පත ඉන්දීය පරිභෝජනයට මුලුමනින්ම ලබාදී ලංකාව ඉන් ඉවත් විය.
මේ ගොල්ලෝ 2015 එනකොටත් අභියෝග කරලයි ආවේ.. ඒ ඇවිත් මේ රට නරකාදියක් කළා. මිනිස්සුන්ට රැකියා අහිමිවුණා. කොටින්ම මධ්‍යම පාන්තික සහ දුගී ප්‍රජාවට චිත්‍රපටියක්වත් බලන්න යන්න බැරි තරම්ම පවුල්වලට ආර්ථික අහේනියක් හා මානසික ව්‍යාධීන් ඇති කළා. ඒ ඔක්කොම අවුරුදු 5ක් තුළ මේ රටට කරලා තිබියදීත් තවත් අභියෝග කරනවා. මේ වගේ විහිළුකාරයින්ට සහ ඔවුන් නියෝජනය කරන පක්ෂ වලට හිරිකිතයකින් තොරව ඡන්දයක් දෙන්න හිත හදාගෙන ඉන්න අයගේ බුද්ධි මට්ටම් හිතාගන්න පුළුවන්...
ඔබ අමතක කරන්න එපා. එදා ඇමති මණ්ඩලය ගත් තීරණවලට ඔබත් වග කිවයුතුයි. ඔබගේ අනුමැතියෙන් තමයි ඔය හැම එකක්ම වුනේ. වසර හතර හමාරක් තිබිලා නොකියපු දේ ඇයි දැන් අැදල ගන්නේ?
හොදට තිබ්බ රට විනාශ කළ තවත් කෙනෙක්.
පට්ට හොරෙක් වගේම දේශද්‍රෝහී කුමන්ත්‍රණකාරයෙක් බව කිව යුතුය.
යහපාලනය බලයට ආවම පෝට්සිටි නැතිකරනවා කියලා 2015දී කිව්වෙත් ඔය කටින්මයි. ඒක දැන් හොඳයි කියන්නෙත් ඔය කටින්මයි.
මෙන්න චම්පිකට අභියෝගයක්. දූෂිත නැති ඔබ කියන්න 2015 විදුලිබල අැමැතිවුණු ගමන් විදුලිබල මණ්ඩලේ සභාපතිකම අනුර විජේපාලට දුන්නේ යාළුකම නිසා නෙවෙයිද කියලා?