(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
හදිසි රැස්වීමක් කැඳවා තිබුණද, පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ බොහෝ ආසන හිස්ව පවතිනු අද(11) දක්නට ලැබිණි.
ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් මැතිවරණ කටයුතුවල යෙදී සිටීම නිසා මේ තත්වය ඇතිවුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පවසයි.
මුළු පාර්ලිමේන්තුවේම අද දක්නට ලැබුණේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ 20දෙනෙකුට අඩු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකි.
මේ හේතුව නිසා සභාවේ ගණ පූර්ණයද එක් අවස්ථාවකදී අහිමි විය.
හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා තිබුණේ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත හා ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනය පනත් කෙටුම්පත අනුමත කරගැනීම සඳහාය.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද පෙරවරු 11.30ට ආරම්භ වී පස්වරු 2.30 දක්වා පැවැත්විණි.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අහලා තියෙන්නේ 225ටමත් අමුත්තන් සෑහෙන සංඛ්‍යාවකටත් සරිලන විශාල කෑම තොගයක් පාර්ලිමේන්තු භෝජනාගාරයේ නිතිපතා හැදෙන බවයි. අපේ සල්ලි කන්දරාවක් අපතේ යන්න ඇති නේද? අපිත් ඔය ළඟ ඉන්නේ කල් ඇතුව දැනගත්තා නම් සිලි බෑග් එකකුත් අරන් එන්න තිබුණා.
කරන විකාර හැටියට ඕක සදහටම වහලා දැම්මා නම් හොඳයි වගේ. මොන රටෙන් හරි ආධාර අරගෙන ඔතන දරුණු ගණයේ පිස්සන් කොටුවක් හැදුවා නම් තමයි හොඳ...