(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සිරිනිහාල් ගමගේ)
සැකකරුවකු පොලිසියෙන් මිදී පලායාමට තැත්කිරීමේදී පොලිස් නිලධාරීන්ගේ වෙඩි තැබීමකින් අද(13) මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ගාල්ල කරාපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට සැකකරු රැගෙන ගිය අවස්ථාවේදී මෙය සිදු වී ඇති බවද පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.
මියගොස් ඇත්තේ පෝද්දල, ජම්බුගස්වත්තේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම සැකකරු ඊයේ(11) අත්අඩංගුවට ගනු ලැබුවේ ගාල්ල නගර සභාව ඉදිරිපිටදී බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 34ක් සමඟ අත්අඩංගුවට ගත් එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ගාල්ල කරාපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ පොලිස් නිලධාරියා පසෙකට තල්ලු කර පලායාමට උත්සාහ දරා ඇතැයි පොලිසිය කියයි.
වෙඩි වැදී තුවාල ලද සැකකරු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
ඔහු මහාධිකරණයේ හෙරොයින් සම්බන්ධයෙන් නඩු 4ක්ද තිබෙන අයකු බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමුගන්න ඉස්සෙල්ලා නිළ නොවන මට්ටමින් මරණ දණ්ඩුවම කුුියාත්මක කළා. හැබැයි හාල් මැස්සෙකුට ....
පොඩි මිනිහට තමා ඔක්කොම.
අප කෙනෙකු මරණයට පත්වූවාට සතුටු වෙනවා නොවේ. නමුත් නිසි දඩුවම් ලැබී ඇතිබව කිව යුතුය.
මට තේරුම් ගන්න බැහැ මොකක් නිසාද නිරායුධ මනුස්සයෙක්ට වෙඩි තිබ්බේ කියලා.