පාතාලයට සම්බන්ධ ප්‍රධාන පෙළේ අපරාධකරුවන් දෙදෙනෙකු අල්ලයි කොළඹ පාතාලයට සම්බන්ධ ප්‍රධාන පෙළේ අපරාධකරුවන් දෙදෙනෙකු අද (01) දහවල් කුරුණෑගල වැහැර ප්‍රදේශයේ සැඟව සිටියදී කොළඹ ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 01 December 2018
මහින්දට බහුතරය නැතැයි ජනපති පිළිගත්තා - ටීඑන්ඒ මහින්ද රාජපක්ෂ මහතාට බහුතරයක් නොමැති හෙයින් නව අගමැතිවරයකු පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ලබන 5 වැනිදින නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් සම්මත කර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙමළ ජාතික සන්ධානයට දැනුම් දී තිබේ. 30 November 2018
දේශපාලන අර්බුදයට මැදිහත් නොවී රාජකාරි කරන්න රටේ පවතින දේශපාලන අර්බුදයට මැදිහත් නොවී කිසිඳු ගැටලුවකින් තොරව රාජකාරි කරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට සියලූම රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී පැවැසීය. 30 November 2018
අයි.ඕ.සී තෙල් මිල පහළට ලංකා ඛනිජ තෙල් සංසාථාවේ මිල අඩු කිරීමට සාපේක්ෂව ලංකා අයි.ඕ.සි සමාගමේ ඉන්ධන මිලද රුපියල් පහකින් අඩු කර තිබේ. 30 November 2018
පවතින්නේ බල ලෝභය මුල් කරගත් අර්බුදයක් පවතින රටාව වෙනස් කරන්න මැතිවණයකට ගොස් ශක්තිමත් ආණ්ඩුවකට සුදුසු පිරිස් පත් කර ගන්නැයි පාලකයින්ට අනුශාසනා කිරීමට මහා විහාරය ඇතුළු ත්‍රෛනිකායම තීරණය කොට ඇතැයි ආචාර්ය මැදගම ධම්මානන්ද, ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි නාහිමියෝ පැවැසූහ. 30 November 2018
ඩොයිලිලාගේ ක්‍රමයට ඉඩ දෙන්න එපා විදේශිකයන්ට පන්දම් අල්ලන, විදේශිකයන්ගේ චින්තනය කරේ තියාගෙන යන ඔවුන්ගේ න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන ඩොයිලිලාගේ ක්‍රමය මේ රටේ ක්‍රියාත්මක කිරිමට උත්සාහ කරන දේශපාලඥයින්ට ඌව වෙල්ලස්ස අරගලයෙන් පාඩම් කියාදීම මේ රටේ ජනතාවගේ වගකීමක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පැවසීය. 30 November 2018
සීමා නිර්ණය වාර්තාව පැටළිලි සහගත තත්ත්වයක සීමානිර්ණය වාර්තාව මේ වන විට කිසියම් පැටළිලි සහගත තත්ත්වයකට පත්ව ඇති බවත්,එය සමාලෝචනයක් කර නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ගැසට් නිවේදන නිකුත් කළ නොහැකිව සිටින බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පැවසීය. 30 November 2018
‘දැන් පාර්ලිමේන්තුවේ සිදුවන දේවල් අපි පිළිගන්නේ නෑ’ දැන් පාර්ලිමේන්තුව තුළ සිදුවෙන විවාද පාර්ලිමේන්තුවේ විවාද විදියට අප සළකන්නේ නෑ. ඒවා සාමාන්‍ය සාකච්ඡා පමණයි. පාර්ලිමේන්තුව තුළ විවාද කිරීමේදී හා පනත් සම්මත කිරීමේදී ක්‍රමවේදයක් තිබෙනවා. ස්ථාවර නියෝග වලට පිටින් යමින් දැන් සිදුවෙන විවාද හා යම් යම් පනත් සම්මත කිරීම නීතියට පටහැනිව සිදු වෙනවා. එම නිසා ඒ කිසිවක් අප පිළිගන්නේ නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 30 November 2018
පාර්ලිමේන්තුවේ දින 4 ක වියදම කෝටි දෙක හමාරක් ඉකුත් දින හතරේ පාර්ලිමේන්තු රැස්වීම් වෙනුවෙන් රුපියල් දෙකෝටි හැට ලක්ෂයක මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු මූල්‍ය අංශය පවසයි. 30 November 2018
මන්ත්‍රීවරුන්ගේ මුද්දර පහසුකම තවම තිබේදැයි තැපෑලට ප්‍රශ්නයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නොමිලේ සැපයෙන තැපැල් මුද්දර භාවිතය තැපැල් දෙපාර්තමේන්තුවට ප්‍රශ්නයක් වී ඇතැයි එම දෙපාර්මේන්තු ආරංචි මාර්ග පවසයි. 30 November 2018
මන්ත්‍රීවරුන් 122 පෙත්සම් විභාගය 03 වැනි දාට කල් යයි විශ්වාස භංගයෙන් පරාජයට පත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කිරීම සහ මන්ත්‍රීවරුන් ඇමැති ධුරවල කටයුතු කිරීම වලක්වාලන ක්වො වොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122කු ගොනු කළ පෙත්සමේ වැඩිදුර විභාගය ලබන 03 වැනි දා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය. 30 November 2018
හිටපු ලේකම් විලී ගමගේට පැනවූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට කාර්යාලයක් පවත්වාගෙන යාමට ඉඩ සලසා රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප ලබා සිටි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් විලි ගමගේ මහතාට විදේශ ගතවීමේ තහනම තාවකාලිකව ඉවත් කළ ගම්පහ මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා ලබන වසරේ මාර්තු 01 වැනිදා දක්වා එම අවසරය අද(30) ලබාදුන්නේය. 30 November 2018
එජාපෙට සහය දෙන්න දෙමළ සන්ධානය ගත් තීරණයට ටෙලෝ සංවිධානයේ අප්‍රසාදය එක්සත් ජාතික පෙරමුණට සහාය දීමට දෙමළ ජාතික සන්ධානය විසින් ගනු ලැබූ තීරණයට දැඩි අප්‍රසාදය පලකරන ටෙලෝ සංවිධානය සහාය දුන් මන්ත්‍රීවරුන් දෙදෙනාගේ සහාය ඉල්ලා අස්කර ගැනීමටද කටයුතු කරන බව සඳහන් කර සිටීයි. 30 November 2018
මන්ත්‍රීවරුන් 122 පෙත්සම විසි කරන්නැයි නීතීඥවරයා ඉල්ලයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එම ධුරයේ කටයුතු කිරීමට සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ පත්වීම් බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 කර ඇති පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි අදාළ පෙත්සමෙ වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ අද ( 30) දැනුම් දෙන ලදී. 30 November 2018
වසර දෙකකදී මැතිවරණ 3 ක් ඉදිරි දෙවසර තුළ මැතිවරණ තුනක් අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (30) පැවසීය. 30 November 2018
පෙට්‍රල්- ඩීසල් මිල පහළට පෙට්‍රල් සහ ඩීසල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමීමට රජය තීරණය ඇත. 30 November 2018
පොලිස්පති සහ සීඅයිඩී ප්රධානියාත් මඩකලපුවට යති අද උදෑසන මඩකලපුවේ දී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන ගැන සොයා බැලීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු කණ්ඩායමක් කොළඹ සිට ගුවන් මගින් මඩකලපුව බලා පිටත් විය. 30 November 2018
මහින්දට බහුතරය නැති බව කතානායක තහවුරු කර ඇතැයි අභියාචනාධිකරණයට දැනුම්දෙයි අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවත් , ඒ බව කතානායකවරයා විසින් ද තහවුරු කර ඇතැයි ජනාධිපති නීතීඥ ඊ. කන ඊශ්වරන් මහතා අද (30) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නේය. 30 November 2018
වෛද්‍ය සභාවට එරෙහි පෙත්සම 7 වැනි දා විභාගයට අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිණී සිසුවියක විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහිව ගොනු කර ඇති පෙත්සමක් ලබන මස 7 වැනි දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද ( 30) තීන්දු කළේය. 30 November 2018
එජාප නායක රනිල්ගෙන් දෙමළ සන්ධානයට පොරොන්දුවක් උතුරු නැගෙනහිර පළාත්වල කිසිදු කටයුත්තක් දෙමළ ජාතික සන්ධානයේ අනුදැනුමකින් තොරව සිදුනොකරන බවට එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ වූ පොරොන්දුව මත තම සන්ධානයේ සහාය හිටපු අගමැතිවරයාට ලබා දුන් බව දෙමළ ජාතික සන්ධානය පවසයි. 30 November 2018
කොස්තාපල්වරුන් දෙදෙනා ඝාතනය කර ඇත්තේ ටී56 ගිනි අවියකින් මඩකලපුව වව්නතීව් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනා ඝතනය කර ඇත්තේ ටී 56 ගිනිඅවියකින් වෙඩි තබා බව පොලිසිය කියයි. 30 November 2018
‘‘යුක්තියේ යාත්‍රාව’’ හෙට කොළඹින් ඇරඹේ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම සඳහා වන ‘‘යුක්තියේ යාත්‍රාව’’ රිය පෙරහර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගර සභා පිටිය අසලින් හෙට (01) පෙරවරු 6.30 ට ආරම්භ වේ. 30 November 2018
මඩකලපුව සිද්ධිය හොයන්න රහස් පොලිසියෙන් යයි මඩකලපුවේ දී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පොලිස්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබ ඇත. 30 November 2018
‘මේ රජය ඉදිරියට යනවා : වෙනසක් අවශ්‍ය නෑ’ වත්මන් රජය ඉදිරියටත් කටයුතු කරගෙන යන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය එස්. බී දිසානායක මහතා පැවසීය. 30 November 2018
යාන් ඔයේ මෙහෙයුම් අවසන් හොරොව්පොතාන හබගම ප්‍රදේශයෙන් ගලා යන යාන් ඔයේ තිබී ගිනි අවි අමතර කොටස් රැසක් සහ පතුරම් රැසක් සොයා ගැනීමට කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් අද (31) සමත්වී තිබේ. 30 November 2018
‘කියපු දේ ජය ගැනීම ගැන දුකයි‘ ‘මං කියපු දේ ජය ගත්තා කියලා බොහොම කණගාටුවෙන් කියනවා.‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවසීය. 30 November 2018
ඇමැතිවරුන්ගේ - කාර්ය මණ්ඩලයේ වියදම් කපන යෝජනාව වැඩි ඡන්ද 122කින් සම්මතයි ඇමැතිවරුන්ගේ සහ ඇමැති කාර්ය මණ්ඩලයේ වියදම් කපා හැරීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 122කින් සම්මත විය. 30 November 2018
ඇමැතිවරුන්ගේ වියදම් කපන යෝජනාව අද මැතිසබයට පාර්ලිමේන්තුව අද පස්වරු 10.30 ආරම්භ වීමට නියමිතය. 30 November 2018
වව්නතිව් මාර්ග බාධකය අසළ තිබී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ සිරුරු හමුවෙයි වෙඩි වැදි මියගිය බවට සැකකරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ මළ සිරුරු අද (30) පෙරවරුවේ මඩකලපුව වවුනතීව් පොලිස් මාර්ග බාධකයේ තිබී සොයාගෙන තිබේ. 30 November 2018
පක්ෂ කිහිපයක නියෝජිතයෝ හෙට ජනපති හමුවෙති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කතානායක කරු ජයසූරිය මහත්වරුන් අතර ඇතිකර ගන්නා ලද එකඟතාවන්ට අනුව හෙට පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයට සහයෝගය දුන් පක්ෂ කිහිපයක නායකයන් ජනපති හමුවීමට නියමිතය. 29 November 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026