(මුදිතා දයානන්ද)
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යනු රට මිලිටරිකරණය කිරීම හෝ තමන් අකමැති නිලධාරීන් ඉවත් කර හෝ වෙනත් ස්ථානවලට මාරු කර තමන් කැමති පුද්ගලයන් ළඟට ගැනීම නොවේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (29) පැවසීය.
ඔහු මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදි තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
‘‘ජනතාවගේ ජනවරම නව පාලනයෙන් පිළිඹිබු විය යුතුයි. එහෙත් දැන් සිදුවන්නේ මේ රටේ ජනතාව, මේ ජනාධිපතිවරයා පත් කරන්න ඡන්දේ දීපු ජනතාව ප්‍රාර්ථනා කළ දේ නෙවෙයි. අපි හිතුවාටත් වඩා පාන්දරම සුදුවෑන් එන්න පටන් අරන්. තව කල් යනකොට මොනවා වෙයිද කියලයි අපි කල්පනා කරන්නේ.
යම් යම් අපරාධ සම්බන්ධයෙන් පසුගිය කාලයේ පැවරූ නඩු, සාක්ෂි විකෘති කිරිම්, සාක්ෂි විනාශ කිරිම්, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම්, නීතිපතිට බලපෑම් කිරීම, අවසානයේ නඩු අහෝසි කිරීම දක්වා ගමන් කළ හැකියි.
නව ජනාධිපති පත්වුණ ගමන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතාට ස්ථාන මාරුවක් ලබාදෙනවා. යම් යම් අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිස් නිලධාරියෙක් වුණ නිශාන්ත සිල්වා ජීවිතය බේරගන්න රටින් පනිනවා. අපරාධ කාරයෝ නිදැල්ලේ ඉන්නවා. පරීක්ෂණ කරන නිලධාරීන්ට මරණ තර්ජන එල්ල වෙනවා.
මේ ආණ්ඩුව බලයට එන්න කලින් බරපතල ලෙසම කතා කරපු මාතෘකාවක් තමයි මහබැංකු මංකොල්ලය. ඒත් දැන් ඒ ගැන කතාවක් වත් නැහැ. දැන් මට බය තියෙන්නේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුවෙන් අපි පරීක්ෂණ කරපු විදිහ වැරදියි කියලා මාවත් උස්සාවිද කියලයි. මොකද රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිගේ නම වාර්තාවට ඇතුළත් කළේ නැහැ කියලා මටත් ඒ දවස්වල චෝදනාවක් කළා.
නව ජනාධිපතිවරයාගේ පළමු නිල කාර්යය බවට මෙරට තානාපති කාර්යාලයක සේවය කළ නිලධාරියෙකු පැහැරගෙන ගොස් තර්ජනය කිරීම සම්බන්ධයෙන් රටටත් ලෝකයටත් කරුණු පැහැදිලි කරන්න නම් මේ රට ගැන ලෝකයට යන පණිවුඩය කුමක්ද? ඒක ඒ තරම් හොඳ තත්ත්වයක් නෙවෙයි.
මේ අත තියලා තියෙන්නේ සාමාන්‍ය රටක තානාපති කාර්යාලයකට නෙවෙයි. ස්විට්සර්ලන්තයට. එවැනි රටකට අත තිබ්බ එවැනි රටක තානාපති කාර්යාල නිලධාරිනියක් සුදුවෑන් එකක් අරන් ගිය අයට පොඩි පොඩි රටවල තානාපති කාර්යාල මොනවද? ඔවුන්ට ඔබ අපි වගේ මිනිස්සුන්ට මොනවා කරන්න බැරිද?
මෙතනින් නැවතිලා නැහැ. පහුගිය දවසක වෙබ් මාධ්‍ය ආයතනයක් වසා දමනවා. එහි මාධ්යවේදිනියකගෙනුත් බරපතල ලෙස ප්‍රශ්න කර තිබෙනවා. ඉස්සර තර්ජන ආවේ මාධ්‍යවේදින්ට වෘත්තීය සමිති නායකයන්ට වගේ අයටයි. දැන් මාධ්‍යවේදින්ට තර්ජනය එන අතරම පොලිස් නිලධාරීන්ටත් තර්ජනය ඇවිත්. නිලධාරින් හත්සියකගේ විදෙස් ගමන් නවත්තලා. තානාපති සේවයටත් තර්ජන ඇවිත්. හැම පැත්තකටම තර්ජන එල්ල කරන මේ රට මොන විදිහේ රටක්ද?
අපි වේලාසනම කිව්වා මේ අය බලයට ගෙනාවාම නැවත සුදුවෑන් සංස්කෘතිය එනවා කියලා. බියගැන්වීම්, තර්ජනය කිරීම් හිතුවාටත් වඩා වේගයෙන් ඇවිල්ලා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තර්ජනය තමන්ට හා තමන්ගේ පවුලේ අයට සිදුවන තුරු බලා නොසිට මේ මර්දනයට එරෙහිව නැගී සිටින ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉතින් 3% කට්ටියටම කියාගන්න.
කොහෙද දැන් සුදු වෑන් ගෙනාවා කියලා ඔප්පු වෙලා තියෙන්නේ? බොර දියේ මාළු බාන අය තමයි ඕව කරන්න ඇත්තේ
3%
මුළු රටේම ජනවරම 3%යි.
මේ වගේ අය කියන ඒවා ගණන් ගන්න එපා.
ගෝනිබිල්ලන් මවන කට්ටිය කරුණාකරලා ඉස්සරහට ඇවිත් දැක්කා නම් දෙයක් ඔප්පු කරලා පෙන්වන්න. බොරු නොකියා මෙයාලගෙන් ඡන්ද ලක්ෂ හතරක් විතර නව ජනාධිපතිට දුන්නු රතු අලින්ට හිතේ අමාරු ඇති කට්ටියවම හේදිලා ගියාට.. පව්, මලිමාවටත් උතුර දකුණ මාරුවෙලා පාර්ලිමේන්තු ඡන්දෙට වෙන්න ඇති.. මේකෙදී තවත් හෝදලා යනවා. අසන 2කට මෙයාලා බහිනවා.
ලැජ්ජාවක් කියලා එකක් දැනෙන්නැති හැටි... !
ඔබ කරන සියලු ක්‍රියා සඳහා ජනතාව ඔබට ඡන්ද ප්‍රතිශතය 3% ක් ලබා දී ඇත. එබැවින් කරුණාකර ඔබගේ සියලු ක්‍රියා සහ කථා ගැන විමසිලිමත් වන්න. සාක්ෂි නොමැතිව කරුණාකර බොළඳ ආකාරයකින් කතා නොකරන්න.
ඔයාලා මොනවා කිව්වත් මිනිස්සු දන්නවා ඒවා ජීවත් වෙන්න කියන දේවල් කියලා
රනිල් එක්ක මෙයාලගේ සම්බන්ධයක් තියෙනවා කියලා සහ මෙයාල බටහිර රාජ්‍ය එක්ක මොකක් හෝ සම්බන්ධයක් තියෙනවා කියලා හිතෙන්නේ මට විතරද?
මෙයාලා කල දේවල් මතකද.?
ඊළඟ වතාවේ ඔබට ජාතික ලැයිස්තුව පවා ලැබෙන්නේ නැත. මීළඟ මැතිවරණයේදී ඔබව පාර්ලිමේන්තුවෙන් ඉවතට විසි කිරීමට ජනතාව උනන්දු වෙති.
ඉතින් ඔය පැහැර ගෙන ගියයි කියන ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය ඇයි ඒ ගැන පොලිසියට පැමිණිලි නොකරන්නෙ? අගමැතිතුමා ඒ නැතත් පරීක්ෂණයක් කරන්න කියලා පොලිසියට දැනුම් දීලා. ඒත් තානාපති කාර්යාලයෙන් පොලිසියට කට උත්තර ගන්න ඉඩ දෙන්නෙ නැත්තෙ ඇයි? දැන් කියන්නෙ සිද්ධ වුණේ පැහැර ගැනීමක් නොවෙයි දුරකථනයෙන් තර්ජනය කරා කියලලු. බොරුවට දොඩමළු වෙන්නැතුව මේ ගැන ගැඹුරින් හිතලා ප්‍රකාශයක් කළා නම් නේද හොඳ?
අනේ මමත් ඡන්දෙ දුන්නනේ මෙයාලට එක පාරක්, ආයේ නම් දෙන්නේ නැහැ,
ඊලඟ වතාවෙ 1% යි. මන්ත්‍රී ධූර 1යි.
1971 කොල්ලෝ කෙල්ලෝ උසි ගන්වා, රට විනාශ කළ, සිරිමාවෝ බණ්ඩාරනායක ගෙන් සමාවලද, 1988/89 තවත් තරුණයින් 60,000 ක් රටට නැතිකර, අද 3%ක් තියාගෙන ඉන්න අයද අපව ආරක්ෂා කරන්න යන්නේ? ලොකු කොළ අලියාගෙන් කා බී හැදුණු රතු අලි පැටියෝ, බෙල්ලේ එල්ලෙන සීනුවත් ගස ගසා, 3% මාලිමා යන්ත්‍රය දිහා බලාගෙන වල් වදින්න කාලය ඇවිත් දැන්...
සහෝදරයා නරකද ඔය තුන හයක්වත් කරගන්න උත්සහ කෙරුවනම්. මඩ නැතුව ගොඩින් ඇවිත් කරන්න බලන්න.
මේ සුනිල් මොනවද ආරක්ෂාව ගැන පාඩම් කියලා දෙන්නේ අවුරුදු 20 හමුදාවේ හිටපු අවුරුදු 10 ක් ආරක්ෂක ලේකම් වෙලා හිටපු මිනිහෙකුට!!!!!
මේ මරු විකාරයෙන් දොඩවන්න එපා... ඔයත් ජනතාව ප්‍රතික්ෂේප කරලා ගෙදර ගිහින් පස්සේ දොරෙන් ආපහු පාර්ලිමේන්තුවට ආපු කෙනෙක්..
හඳුන්, ඔබ මා වඩාත්ම කැමති දේශපාලඥයකු බව අවිවාදයෙන් පිළිගත යුතුයි. නමුත් මේ ප්‍රකාශය සහ අකිල විරාජ් හිටපු අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශය අතර ඉතා සමාන බවක් පෙනෙන්නේ මට විතරද?. මෙයත් රැවුල් කිඹුලාගේ නාටකයේ දෙවැනි දිග හැරීම සේ පෙනේ. දෙවනුව මෙම ප්‍රකාශයේ ඇති වහල් භාවය කෙතරම්ද?.. ස්විට්සර්ලන්තය එසේ මෙසේ රටක් නොවේ යැයි පැවසීමෙන් ම එය සනාථ වේ. එම තානාපති කාර්යාලයවත් තවම මේ සම්බන්ධයෙන් නීතිය හමුවට පැමිණ නැති මොහොතක, ඒ සිදුවීමේ පීතෘත්වය අභිනව ජනාධිපතිවරයාට පැටවීමට යෑමෙන් වන්නේ හොරාට කලින් කෙසෙල්කැන වැට පැන ඇති සෙයකි. ජනාධිපතිවරණයේ අධික වියදම පිරවීමට ඩොලර් කුට්ටියක් අත තබා ඇති බවක් අපට පෙනේ...
අනේ මහත්තයෝ තවත් විහිළුවක් වෙන්න එපා... ඔයාලාට ජනතාව මෙච්චර පාඩමක් උගන්වලා තියෙද්දී තවත් පිළිගන්න බැරි දේවල් කියන්න එපා. කවුරු කළත්, හොඳ දේ හොඳයි කියන්න. වැරදි දේට විතරක් වැරදියි කියන්න. සිල් අරගෙන උපාසකයින් වගේ ඔලුව අතගාලා මේ රටේ මිනිස්සුන්ව හදන්න බැහැ.. මහ එකාගේ ඉඳලා පොඩි එකා දක්වාම තියෙන්නේ හොරකමයි, වංචාවයි, දූෂණයයි නේද? රට මිලිටරිකරණය කරලා හරි කමක් නැහැ රට හදනවා නම් වංචාව, දූෂණය, හොරකම නැති කරනවා නම් එච්චරයි වෙන්න ඕනෑ. ඔයගොල්ලන්ගේ ඔය කුහක දේශපාලනය නවත්වලා දැන්වත් පිරිසිදු දේශපාලනයට එන්න. අන්න එදාට මිනිස්සු ඔයගොල්ලන්ට ඡන්දය දේවි. ඔයාලාගේ බොරු කතාවලට මිනිස්සු රැවටුණු කාලේ දැන් ගෙවිලා ඉවරයි දැන් මිනිස්සු ඔයාලා හිතනවාට වඩා බුද්ධිමත් කියලා මතක තියාගන්න. ඔය විදියේ ප්‍රකාශ වලින් වෙන්නේ ඔයාලාව තව තවත් මිනිස්සුන්ට එපා වෙන එක විතරයි.
ජේවීපී එක කියන්නේ එයාලා 80 ගණන් අන්තිමේදී ටී56 පාවිච්චි කරලා කරා වගේ දැන් කාලෙත් ජාතික ආරක්ෂාව ගෙනියන්න කියලද? සුදු වෑන් කියන්නේ සුදු කොඩි වගේ දෙයක්ද? පොලිසියට පැමිණිලි නොකරන්නේ මොකද? නිශාන්ත සිල්වා කන්දප්පා අරගෙන ගිය ඇඟිලි සලකුණු සහිත තොරතුරු ගැන මොකද කියන්නේ...? ජාතික ආරක්ෂාව තියා තොරතුරු ආරක්ෂාව ගැනවත් දන්නවද? ස්විට්සර්ලන්තය එසේ මෙසේ රටක් නොවෙන බව කියනවා එක්ක කොටි ඩයස්පෝරාවේ මූලික නවාතැනක් නොකියන්නේ මොකද? දෙවෙනි ලෝක යුද්ධයේදී නාසීන් විසින් යුදෙව් ජාතිකයින්ගෙන් පැහැරගත් මුදල් සහ රත්රන් දැනදැනම සුරකිපු රටක් බව නොකියන්නේ මොකද? තමුන්වත් ගෙනියයි කියන්නේත් මේ සේරම කතා කියන්නෙත් තමනුත් ස්විට්සර්ලන්තයට පනින්න පාර හොයන්නද?
ඉහත කොමෙන්ටු දිහා බැලුවම හිරිකිතයි. මම හිතන්නේ තවම මැතිවරණයට කුලියට ගත්ත අය තවම ඉන්නවා වගේ. ජවිපයේ 3% ගත්තේ එ් අයගේ වරදකින්ද? නැත්නම් රටේ මිනිසුන්ගේ මොලේ නැතිකමද? කියලාවත් හිතාගන්න බැරුව වගේ. පත්තරේ තියෙන පුවත තේරුම් ගන්නේ නැතිව සුපුරුදුව යන්නේ කොහෙද මල්ලේ පොල්... මිනීමැරුම්, දූෂණ, වංචා තියෙන පුද්ගලයෙක් හොඳයි කියලා කිව්වා ජනතාවක්...
ඔන්න රතු එළි එළිබැහැලා. දැන් මිනිස්සු ඕවාට රැවටෙන්නේ නැහැ.
නෑ නෑ ඔයාලගේ කටවල්වලින් රට පරිස්සම් කර ගැනීමත් ලොකු වගකීමක්...
සුදු වෑන් එන්නේ ඔප්පු කරන්න පුළුවන් විදියට නෙවෙයි. වින්දිතයා ඒක ගැන අදාළ අංශවලට පැමිණිලි කරලා තියෙනවා. ඒක දැන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමට ගිහින් තියෙන්නේ. බාලාංශ පන්තියේ කතා කියලා රටේ මිනිස්සු රැවැට්ටුවට ලෝකයා රවට්ටන්න බැහැ...
එතකොට හමුදාව අයින් කරලා රටට ආරක්ෂාව දෙන්න ඕනෑ දොර පොලු අරගත්තු ජෙප්පන් ටිකක් මගින්ද?
පැය කීපයකට කලින් ලන්ඩන් නගරයේ හිටපු ත්‍රස්තවාදියෙකු විසින් කීපදෙනෙක්ට පිහියෙන් අැනලා දෙදෙනෙක් මැරිලා. පිහියෙන් ඇන්න තැනැත්තාව පොලිසියෙන් වෙඩි තියලා මරලා. ඔහු හිටපු ත්‍රස්තවාදියෙක් බව පොලිසියෙන් තහවුරු කරලා. ඒ මදිවට නෙදර්ලන්තයේ හේග් නුවර පිහි අැනීමකුත් පැරිසියේ දුම්රියපලක පුපුරන ද්‍රව්‍ය හොයාගැනීමකුත් මේ අවස්ථාවේ ඕස්ට්‍රේලියාවේ උදෑසන ටීවී පුවත්වල කියනවා. සුනිල් කියන්නේ අපේ ලංකාවට මේ වගේ සිදුවීම් තවදුරටත් අවශ්‍යයි කියලද? මිලිටරිය බැරිනම් අපායේ යමපල්ලන් දාලා වුණත් කමක් නැහැ. සාමාන්‍ය මිනිසුන්ට බය නැතුව නිදහසේ ඉන්න දෙනවා නම්...
මේ දවස්වල් ලංකාවේ ගොඩක් මිනිස්සු මොලේට වඩා පාවිච්චි කරන්නේ හදවතයි.
අවශ්‍ය වුණොත් මිලිටරි කළාට කමක් නැත. එයින් සාමාන්‍ය ජනතාවට කරදර වෙන්නේ නැත. මොවුන් මිලිටරි වෙනවාට බිය මොවුන්ට ඕනේ විදිහට බොරු ප්‍රචාර මඩ ප්‍රචාර කරන්න ලැබෙන්නේ නැති නිසා. හලෝ ඔහෙලාට තිබෙන්නේ 3%ක ජනබලයක්. ඇපත් නැතිවුණා ඔහෙලා තවත් බහු බූත කියවන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි.
3% කෑගහලා ඇති පලේ මොකක්ද? මේ අවුරුදු පහ කට පියාගෙන ඉඳලා, ඊට පස්සේ ඔයාගේ එක්කෙනා ජනාධිපති කරන්නකෝ...!
අනේ පව් නේද මෙයා...? ඔබලාගේ ඔය බොරු නිසා තමයි මෙවර ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය ලැබුනේ... ඇත්තටම ඔබලාගේ බොරු ගෝනි බිල්ලන්ට රැවටීමට ඉන්නේ ඔබලා වැනි වහලුන් 3%ක් පමණයි.
අවුරුදු 5ක් යනකන් ඔය බොරුව ඔප්පුකරගන්න බැරිවුණා නේද? ලැජ්ජා නැද්ද තවත් බොරුවෙන් ජීවත්වෙන්න.
බොරු කියලා මිනිස්සු රවටලා 3% ක් ගත්තා. දැන් මෙන්න ආයෙත් පටන් අරගෙන...
නාගලෝකෙන් ගෙන ආ ධාතූන් වහන්සේලාට වඳින මිනිස්සු ඉන්න රටේ මේ ගත්ත ඡන්ද හොඳටම ඇති.
මේ රටේ විචාර බුද්ධියක් තියන අය සීයට තුනක් වත් හිටපු එක ගැන මට පුදුමයි..! මේක පුදුම කාලයක්... කැළණි ගඟ යටින් දැන් නාග ලෝකෙටත් යන්න පුළුවන්ය කියනවනේ...!!
තියෙන 3%ත් නැතිකරගන්න වගේ හදන්නේ...
ඉතින් ඇතැම් නාලිකා නිසා රට සුරපුරයක් වෙලා කියලා හීන දකිනවා. එ්ත් රට මහා අගාධයකට තල්ලු වෙමින් යන්නේ. අායෙත් මිනීමරු යුගයකට අපේ රට තල්ලු කරනවා. මහ මැතිවරණයේදීවත් මේ තත්වය වෙනස් කළ යුතුයි.
මීලඟ මහා මැතිවරණයේදී ජවිපෙ පාර්ලිමේන්තු නියෝජනය නැතිකරගැනීමට හඳුන්නෙත්ති අනුර කුමාරට නොදෙවෙනි වන උත්සාහයක යෙදෙමින් සිටිනා වග පැහැදිලිය. රට වෙනුවෙන් ජීවිතය පූජා කළ මිනිසුන්හට ස්තුතියි.
ඇත්ත ඇති සැටියෙන් දකින ඔබතුමාගේ නායකත්වයේ වටිනාකම අප දන්නවා. ඡන්ද ගණනින්වත්, කමෙන්ට්වලින් වත් එහි වටිනාකම මැනිය නොහැකි බවත් අපි දන්නවා..
මොනවා හරි කියලා ඔලුව එළියට දාගන්න බලන්නේ තව වසර දාහක්ම ඔබලාට තියෙන්නේ විවේචනය පමණයි.
මේ සීතල දවස්වල මොනවා කියනවද?
ඔබලාගේ නියෝජනය 3% කට වැටෙන්න හේතුව ඕක තමයි. කිසිම දෙයක හොඳක් දකින්නේම නෑ. විවේචනය කරන්න ඕනේ මොකක්ද? නැත්තේ මොකක්ද? කියලා දන්නේ නෑ. ඔබලා ජනතාව වෙනුවෙන් පෙනී හිටින්නේ, කතා කරන්නේ ඔබලාට එයින් වාසියක් වෙනවා නම් විතරයි. ඔබලා කියන දේ ජනතාවට තේරෙන්නේ නෑ කිව්වට, ජනතාවට ඕනෑ දේ ඔබලාට තේරෙන්නේ නෑ. ඔබලාගේ සමාජවාදය තිබෙන්නේ කතාවේ විතරයි. ක්‍රියාවෙන් ධනවාදියි. ඒක ජනතාව දන්නවා.
ඊළඟ වතාවේ 3% වෙනුවට 0% ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ...
අනේ මේ ඔයාලගේ විප්ලවයත් අනුන්ගේ පස්සට ගොට්ට අල්ලන ගමන් නිසා, දැන් ඡන්ද ප්‍රතිඵල දැක්කනේ... දැන්වත් බුරන්නේ නැතුව වෙනදේ බලාගෙන ඉන්න... එ්ක ඇඟට ගුණයි.
මේකෙ දාපු පෝස්ට් බැලුවම සියල්ල බලයෙන් අන්ධව ඇති බවත් 3% ක් අල්ලා අපහාසාත්මක අදහස් දක්වන බවත් පෙනේ. ඔබතුමා කෝප් කමිටු සභාපතිය... එවන් තනතුරකට 225 අතුරින් කවුරු සුදුසුවේද? ඔබ හැර, ඉන් හෙලිකරගත් බැඳුම්කරය සම්බන්ධයෙන් මෙම අය ගන්නා පියවර බලමු. නිහඬව සිටින්න. මේ අපායේ ඉන්ටවල් කාලයයි. ඉන්ටවල් කාලය හමාරවූ පසු කෝ මේ ජෙප්පො කියා වටපිට බලනු ඇත.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යනු රට මිලිටරිකරණය නොවෙයි තමයි...
ඔහේගේ පෝස්ට් එක බැලුවාමත් අපිටත් එකඑක දේවල් හිතෙනවා. මෙයා කෝප් කමිටුවේදී කරන කාර්යයයි, දේශපාලුවෙක් හැටියට මෙතන කියන කතාවයි දෙකක්. මෙතනදී මෙයා කරන්නේ ඔබ වැන්නන්ට සුදුසු දේශපාලන "ස්ලෝගන්" එකක් කියවීමයි. ජෙප්පෝ තාම තේරුම් අරගෙන නැහැ ජෙප්පන්ගේ මෙවන් ගෝනිබිල්ලන් මැවීම ජනතාව බාරගන්නේ නැතිබව. "එවන් තනතුරකට කවුරු සුදුසුවේද?" ඇයි හලෝ අනුරකුමාර හොඳ නැද්ද? ඩිව් ගුණසේකර ඔය ජොබ් එක කරලා පළමුවෙන්ම බැංකු මංකොල්ලේ එළිකලේ නැද්ද? ඉංග්‍රීසියෙන් කියනවා "නෝ මෑන් ඉස් ඉන්ඩිස්පෙන්සබ්ල්" කියලා. රට හැදෙනවා නම් හම්බයින්ටයි, දෙමළුන්ටයි, සින්හලයින්ටයි නීති කීපයක් නැතුව කාටත් එකම නීතියක් යටතේ රට පාලනය වෙනවා නම් රට මිලිටරි වුණාම අපිට මොකෝ? මිලිටරි පාලනයට භය වෙන්නේ ජේවීපී දේශපාලකයෝ... මොකද විශ්වවිද්‍යාල ළමයි දඩමීමා කරගන්න බැරි නිසා..
අයියෝ සුනිල් ... පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් ගත්තේ නැතිනම් ඔයත් ගෙදරද?
උතුරේ සිංහල මිනිස්සු එලවන්න කියලා TNA ප්‍රසිද්ධියේ කියද්දී, විදුලිබලය, වතුර දෙන්නේ නැතිව සිංහල මිනිස්සු අතිශය අපහසුවට පත් කරද්දී කට බලියන් හිටපු මේ අය දැන් පටන් ගෙන.. ගිහින් කියන්නකෝ ස්විස් එම්බසියට? මොකද ලංකාවේ CID ලොක්කෙක් හොරෙන් රටෙන් පිට මං කෙරුවේ කියලා ... ඔය පැහැරගත්තයි කියන කාන්තාවට කට උත්තරයක් දෙන්න එන්න කියන්නකෝ..! නුඹලා හින්දා තමයි මේ රටට එක එක්කෙනා කිසිම බියක් නැතිව අත ඔබන්නේ... මේ වගේ වන්දිභට්ටයින් ඉන්නවනේ...!!!
පව් කාරයාට ගල් ගැසීම මතක් වුණා. වැඩි දෙනෙක් දිගට හරහට හඳුන්නෙත්තිට බැණවදිමින් කියන්නේ 3%ක් වැනි අඩු ඡන්ද සංඛ්‍යාවක් ගත් නිසා ඔහු කටවහගෙන සිටිය යුතු බවයි. පණිවිඩය දෙස නොබලා පණිවිඩකාරයා මරා දැමීම ඉස්සර මෝඩ රජවරුත් කළා. නමුත් මේ මනුස්සයා කියන්නේ මොකක්ද? නිදහස් ලෝකයේ සියලුම රටවල් ගෞරවයෙන් පිළිගන්න ස්විට්සර්ලන්තය වැනි රටක තානාපති නිලධාරිනියක් පැහැරගෙන යාමේ සිද්ධියෙන් අපේ රටට ලැබෙන අපකීර්තිය ගැනයි. ගෝඨාභය රට ඉස්සරහට ගෙනියන්න හදනකොට ඔහුගේ කකුලෙන් අදින්නේ හඳුන්නෙත්තිලා වැනි අය නොව, අර නිලනිවසේ බෝධිය නිසා ඒක එපා කියන තැනැත්තා වැනි අවස්ථාවාදීනුත්, ලකුණු දාගන්න මෝඩ වැඩ කරන හෙන්චයියනුත් අන්ධයින් සේ සත්‍යයට ඇස් වසාගන්නා පාට කණ්ණාඩිකාරයිනුත්ය.
දැන් මේ සියලු ජනීජනයා එකතු වෙලා එකම කොමෙන්ටුව නැවත නැවත පල කරන්නේ ඇයි?